wordpress.com හි බ්ලොග් ඇරඹුම පරිස්සමින්!

දැන් බ්ලොග් අරඹන්න අපේ කට්ටියට ආසා ඇතිනේ. මේකට ඉතින් හොඳම ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා තමයි හැමෝම කල්පනා ක‍රන්නෙ. දැනට තියෙන හොඳම තේරීම් දෙක වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් තමයි. බ්ලොගර් ගොඩක් හොඳයි. පහසුකම් තියෙනවා. වර්ඩ්ප්‍රෙස්.org මගින් ලබාගෙන තමන්ගෙම සර්වරයක ස්ථාපනය කරගන්න එක තරම් හොඳ එකක් තවත් නැහැ. මේ අතර තවත් තියෙනවා wordpress.com – එතැනින් නොමිලේ වර්ඩ්ප්‍රෙස් පාදක කරගත් ‍බ්ලොග් එකක් අරඹන්නට පුළුවන් yourname.wordpress.com ආකාරයේ ලිපිනයක.

මෙතැනදි තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මාත් මේ කතාව දැනගත්තෙ අපේ ශ්‍රීශානුගේ මැරතන් බ්ලොග් එක සැකසීමේදී මතුවෙච්ච ප්‍රශ්නයක් නිසයි. වර්ඩ්ප්‍රෙස්.com මගින් ලබාගන්න නොමිලේ සේවාවේ බ්ලොග් වල css ආදිය සංස්කරණය කරන්න හැකියාවක් නැහැ – තවත් මුදලක් නොගෙවා!

ඒ හින්දා බ්ලොග් එකට දාන තීම් එක තමන්ට ඕන හැටියට වෙනස් කරගන්න ගියොත් ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බ්ලොගර් එකේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ වගේ තමයි මතක. ඒ හින්දා ඒ වගේ සංස්කරණ කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වර්ඩ්ප්‍රෙස්.com මගින් බ්ලොග් එකක් අරඹන්නෙ පරිස්සමින්.

කොහොම වුණත් තමන්ගෙම වෙබ් ඉඩක, තමන්ගේම ඩොමේන් එකක බ්ලොග් එකක් අරඹන්නට හැකියාවක් තියෙනවා නම් වර්ඩ්ප්‍රෙස් තරම් තවත් හොඳ එකක් නැහැ. wordpress.org මගින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. දැන් මගේ බ්ලොග් එකත් දුවන්නෙ වර්ඩ්ප්‍රෙස් මත තමයි.

1 thought on “wordpress.com හි බ්ලොග් ඇරඹුම පරිස්සමින්!

  1. ඒක ඇත්ත. මටත් ඔය ප්‍රශ්නයම මතුවුනා. මම මුලින් හිතුවේ මට edit කරන තැන ‍හොයාගන්න බැරිවෙලා කියලා.
    http://www.movabletype.org/ කියලා තවත් blog සඳහා සේවා සපයන වෙබ් අඩවියක් තියෙනවා. එකෙත් wordpress.org වගේ බාගත කර ගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *