පරිගණකය පිටිපස්සේ වයර් අවුල ලිහාගන්න

සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය PC එකක් තියෙන ඕනෑම අයෙකුට ඉතින් මහා වයර් ජංජාලයක් එක්ක හටන් කරන්න සිද්ධ වෙනවමයි. මැක් එකක් පාවිච්චි කරන අයටනම් දැන් එච්චරටම ප්‍රශ්න නැතුව ඇති මොකද ඒකේ වයර් ජාල ගොඩක් අඩු හින්දා. කොහොම කොහොම හරි මාත් එක එක ලිපි වල තිබුණු එක එක ක්‍රම වලට මේ වයර් ජාලය පිළිවෙලකට සකසගන්න උත්සාහ කළා. ඒත් වැඩේ හරියන්නෙම නෑ. අන්තිමේදී තමයි අමුතුම විසඳුමක් ලැබුණේ.

ඒ වෙන මොනවත් මගින් නෙමෙයි – රෙදි එල්ලගන්න ගන්න ක්ලිප්ස් වලින් – Cloth Clips! 😀

ඇත්තටම මේවා මගින් අපට අවශ්‍ය වැඩේ ගොඩක් ලස්සනට කරගන්න පුළුවනි. ළඟින් ළඟින් යන වයර් ඔක්කොම මේ ක්ලිප් වලින් එකට එකතුකරලා මේ වයර් ජංජාලය ගොඩක් ලස්සනට සකසාගන්න පුළුවන්. එපාවෙලා නම් තියෙන්නෙ පරිගණකය පිටිපස්සේ තියෙන අවුල දැකලාම – උත්සාහ කර බලන්න cloth clips! 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *