Youtube මගින් කෙලින්ම උසස් තත්ත්වයේ වීඩියෝ ලබාගන්න හැටි

හරි ඉතින් Youtube ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒත් ඒකෙන් වීඩියෝ ලබාගන්න ක්‍රමයක් විදියට දැනට තියෙන්නේ .flv ගොනුව ලබාගන්න එක විතරයි නේද? මේ කියන්නට යන ක්‍රමය මගින් Youtube හි තියෙන වීඩියෝ MP4 ගොනු ලබාගන්න පුළුවන්. ළඟකදී ඉඳන් Youtube මගින් වැඩි තත්ත්වයකින් යුත් වීඩියෝ ලබාදෙන නිසා මේක ක්‍රමය මගින් ගොඩක් හොඳ තත්ත්වයේ වීඩියෝ එකක් කෙලින්ම ලබාගන්න පුළුවන්. කොහොම වුණත් මේ ක්‍රමයෙන් ලබාගන්න වීඩියෝ ගොනුව .flv ගොනුවක් පරිවර්තනයෙන් ලබාගන්න ඒවාට වඩා තත්ත්වයෙන් උසස්.

කරන්න තියෙන්නෙ බොහොම සරල වැඩක්. මෙතැන පහළින් තියෙන සබැඳිය ඔබේ Bookmakrs/Favorites වලට එක්කරගන්න එක විතරයි. ෆයර්ෆොක්ස් වල නම් Bookmark this Link මගින්ද, IE වල නම් Add to Favorites මගින්ද මේක කරන්න පුළුවන්. ඉන්පස්සේ Youtube වීඩියෝ පිටුවකට ගිහින් මේ බුක්මාක් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. එතකොට Download as MP4 කියලා ලින්ක් එකක් මතුවේවි. මේක මත රයිට් ක්ලික් කරලා Save කිරීමෙන් ඔබට mp4 ගොනුව ලබාගන්න පුළුවන්.

මේක ලැබෙන්නෙ .htm ගොනුවක් විදියට නම් ඩවුන‍්ලෝඩ් වීම අවසන් වුණාට පස්සේ ඒකේ extension එක mp4 ලෙස වෙනස් කරන්න. 🙂

මෙන්න මේ සබැඳිය Bookmark/Favorites වලට එක්කරගන්න

Google Operating System මගිනි

1 thought on “Youtube මගින් කෙලින්ම උසස් තත්ත්වයේ වීඩියෝ ලබාගන්න හැටි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *