යුද්දෙට යන්න

මේක කාලෙකට කලින් සිදුවෙච්ච දෙයක්. අපි දවසක් කොළඹ ගිහින් එන ගමන තමයි මේ සිදුවීම දැක්කේ. කොයි හරියෙද වුණේ කියලා මතක නෑ. අපි ආපු බස් එක overtake කරගෙන හමුදා ලොරියක් ගියා. එතකොට බස් එක නවත්තලයි තිබුණේ. ඒ නවත්තලා තිබුණු තැන තිබුණු පුංචි කඳු ගැටයක් උඩ හිටගෙන හිටපු පොඩි මල්ලි කෙනෙක් මෙහෙම කෑගැහුවා: “අයියා යුද්දෙට යන්න අපිත් එනවා” ඒ මල්ලිගෙ මූණ සතුටෙන් පිරිලා, සිනහව ඉතිරෙනවා ඇස් වලින්. මට එවෙලේ දැනුණ හැඟීම පුදුමාකාරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *