සිංහල බ්ලොග් මැරතන් බලන හැටි

ඔන්න දැන් මැරතන් එක බලන්න සියලුම දේවල් සූදානම්. 😀

1. මැරතන් සින්ඩිකේටරය – සින්ඩිකේටරය මගින් අලුත්ම ලිපි එවෙලේම දැකගන්නට පුළුවන්. එකම තැනකින්.

2. Combined Feed – මේ යාහූ Pipes 😆 මගින් ක්‍රියාත්මක වෙන වෙනමම එකක්. මේ feed එක මගිනුත් මැරතන් එකට එන සියලුම බ්ලොග් කියවන්නට පුළුවන්. ඔ‍බේ feed reader එකට දාගෙන. (Google Reader, Bloglines etc.)

3. ක්ෂණික පණිවිඩ මගින් – ගූගල් ටෝක් සඳහා ක්‍රියාත්මක වෙන මේ සේවාව මගින් අලුත්ම ලිපි එවෙලේම ලබාගන්නට පුළුවන්. marathon@sinhalabloggers.com ඔබේ ගූගල් ටෝක් මිතුරු ලැයිස්තුවට එක්කරගන්න.

4. Twitter මගින් – ඔබටත් Twitter ගිණුමක් තියෙනවා නම් එමගිනුත් දැන් අලුත්ම ලිපි ලබාගන්නට පුළුවන්. මං කලිනුත් ලියලා ඇති ට්විටර් ගැන. ට්විටර් මගින් අලුත්ම ලිපි ලබාගන්න http://twitter.com/blogmarathon මගින් පුළුවන්.

තාම බ්ලොග් එකතු කරලා ඉවර නැහැ. ඔ‍බත් බලාපොරොත්තුවෙන් නම් ඉන්නෙ සහභාගි වෙන්න, දැන්ම ගිහින් sinhalabloggers.com වෙත ඔබේ බ්ලොග් එකත් එකතු කරන්න. 🙂

1 thought on “සිංහල බ්ලොග් මැරතන් බලන හැටි

  1. cheers!!!!

    ඔව් මලින්ත කලින් twitter ගැන ලියලා කරගත්ත දේ මතකයි නේ? 18 වෙනිදාට බලාගමු 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *