උදෑසන ආහාරය

ඔන්න දැන් තමයි මොනවාහරි කන්න හදන්නෙ. අම්මා හදනවා කිව්වා හොඳවැයින් ආප්ප ටිකක් – හෝම් මේඩ් ආප්ප! ඉඳි ආප්ප, බිත්තර ආප්ප, හකුරු ආප්ප වගේ ආප්ප වර්ග ගොඩක් තියෙනවා. 😆

ආප්ප කියන්නෙ නියම කෑමක් මොනවා වුණත්. අපි මුල්ගම්පල හිටපු කාලේ හැමදාම වගේ එතැන බෝසෙවණින් ගේනවා ආප්ප තොගයකුයි, කෙසෙල් ගෙඩියි! මල් හතයි!

මෙන්න දැන් හදපු ආප්ප වල පින්තූරයක් – හැබැයි හරියටම හැදිලා නැති පාටක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ කන්න පුළුවන්.

ආප්ප වලට ඉංගිරිසියෙන් කියන්නෙ Hoppers කියලනෙ. මෙන්න බොලේ විකිපීඩියාවෙත් තියෙනවා ආප්ප ගැන 😆

http://en.wikipedia.org/wiki/Hopper_(food)

පැණි ආප්ප හෙවත් හකුරු ආප්ප දැන් එච්චර හොයාගන්න නෑ. ගොඩ කාලෙකින් ඒකක් කන්න බැරිවුණා. බිත්තර ආප්ප නම් නියමයි 😉

වහලයේ සිටි මකුළුවා

ලියන්න දෙයක් නැතිව කල්පනා කර කර ඉන්නකොට තමයි වහලයේ සිටි මකුළුවා මතක් වුණේ. ඌ මොන වර්ගයක මොන මකුළුවෙක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මාර මකුළුවෙක් 😉

ඌ බැඳලා තිබුණා ගොඩක් විසාල දැලක්. මකුළු දැල්. දැකුළු මල්.

මේ කියන්නෙ යන්නෙ මකුළුවාගේ බුද්ධිමත් බව ගැන තමයි. අපි (අපි කිව්වට මල්ලියි, අම්මයි තමයි) පොඩි පොඩි කොළ කෑලි කඩලා දැලට විසි කරනවා. එතකොට මකුළු මහතා පටස් ගාලා ඇවිත් බලනවා මොකක්ද මේ තියෙන්නෙ කියලා. ඌ නම් ඉතින් එන්නෙ මොනවාහරි ආහාරයට ගන්න බලාගෙන වෙන්න ඕන. කොහොම හරි එතුමා කොල කෑල්ල අරගෙන පොඩ්ඩක් එහෙමෙහෙ හරවලා විපරම් කරලා, සතෙක් නෙවෙයි කියලා දැනගත්තු ගමන් විසිකරලා දානවා. ඒක පුදුම ලස්සන වැඩක්! 😆

wordpress.com හි බ්ලොග් ඇරඹුම පරිස්සමින්!

දැන් බ්ලොග් අරඹන්න අපේ කට්ටියට ආසා ඇතිනේ. මේකට ඉතින් හොඳම ප්ලැට්ෆෝම් එක මොකක්ද කියලා තමයි හැමෝම කල්පනා ක‍රන්නෙ. දැනට තියෙන හොඳම තේරීම් දෙක වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් තමයි. බ්ලොගර් ගොඩක් හොඳයි. පහසුකම් තියෙනවා. වර්ඩ්ප්‍රෙස්.org මගින් ලබාගෙන තමන්ගෙම සර්වරයක ස්ථාපනය කරගන්න එක තරම් හොඳ එකක් තවත් නැහැ. මේ අතර තවත් තියෙනවා wordpress.com – එතැනින් නොමිලේ වර්ඩ්ප්‍රෙස් පාදක කරගත් ‍බ්ලොග් එකක් අරඹන්නට පුළුවන් yourname.wordpress.com ආකාරයේ ලිපිනයක.

මෙතැනදි තමයි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මාත් මේ කතාව දැනගත්තෙ අපේ ශ්‍රීශානුගේ මැරතන් බ්ලොග් එක සැකසීමේදී මතුවෙච්ච ප්‍රශ්නයක් නිසයි. වර්ඩ්ප්‍රෙස්.com මගින් ලබාගන්න නොමිලේ සේවාවේ බ්ලොග් වල css ආදිය සංස්කරණය කරන්න හැකියාවක් නැහැ – තවත් මුදලක් නොගෙවා!

ඒ හින්දා බ්ලොග් එකට දාන තීම් එක තමන්ට ඕන හැටියට වෙනස් කරගන්න ගියොත් ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බ්ලොගර් එකේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ වගේ තමයි මතක. ඒ හින්දා ඒ වගේ සංස්කරණ කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වර්ඩ්ප්‍රෙස්.com මගින් බ්ලොග් එකක් අරඹන්නෙ පරිස්සමින්.

කොහොම වුණත් තමන්ගෙම වෙබ් ඉඩක, තමන්ගේම ඩොමේන් එකක බ්ලොග් එකක් අරඹන්නට හැකියාවක් තියෙනවා නම් වර්ඩ්ප්‍රෙස් තරම් තවත් හොඳ එකක් නැහැ. wordpress.org මගින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. දැන් මගේ බ්ලොග් එකත් දුවන්නෙ වර්ඩ්ප්‍රෙස් මත තමයි.

Refreshed

මූණ හෝදගෙන ආවා. දැන් නම් එතරම් අපහසුවක් නෑ. ඒත් නිදාගන්න පුදුම ආසාවක් තියෙන්නෙ 😀 දැන් මොනවා ලියන්නද කල්පනා කර කරයි ඉන්නේ. බලමු මොනවාහරි ලියන්න තව ටික වෙලාවකින්. ලියන්න දේවල් ඔළුවට එන්නෙ නැති එක මාර ප්‍රශ්නයක්නෙ. 😆

මීයන්ට කැරපොත්තන්ට ගිය කල

පහුගිය දවස් වල ටවුමෙ ඇවිදිද්දි මම දැක්කා අමුතු පැකට් වගයක් තියාගෙන විකුණන අය කිහිප දෙනෙක්. පැකට් වල මීයො, කැරපොත්තො වගේ සත්තුන්ගෙ පින්තූර තියෙනවා. දවසක් ඔය මනුස්සයෙක් ළඟින් යනකොට මිනිහා කිව්වෙ නැතෑ මෙන්න මෙහෙම: මීයන්ට කැරපොත්තන්ට බෙහෙත් තියෙනවා කියලා. මට හිතුණා මීයන්ගෙ බඩේ අමාරුවටද නැතිනම් හිස‍රදේටද බෙහෙත් තියෙන්නෙ කියලා අහන්න. 😆 ඒත් ඇහුවෙ නෑ. මං තනියම හිනාවෙවී ගියා යන්න.

ඇස් දෙක දනවා වගේ දැනෙනවා. දැන් මූණ හෝදගෙන ආවොත් හොඳයි කියලා තමයි හිතෙන්නෙ.

මීයො ගැන කියනකොට මතක් වුණේ Ratatouille – නියම චිත්‍රපටයක් – බලලා නැතිනම් අරන් බලන්න. මං කැමතිම චිත්‍රපට වලින් එකක්. හරිම ආසාවෙන් බැලුවේ.