නිදිමත ඩබල් වී යන වෙලාවේ

දැන් නම් මාර නිදිමතයි. නිදිමත ඩබල් වගෙයි. ඒ වුණාට මීට වඩා නිදිමතින් හිටපු වෙලාවල් තියෙනවා 😀

ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට. මම හිතාගෙන හිටියේ නම් ෆුල් ජොලියේ ලියන්න පුළුවන් වේවි කියලා – ඒත් මාර සීරියස් වැඩක්නෙ බලාගෙන යනකොට. ලේසි නැහැ. ඇයි දෙයියනේ පැය 24ක්! පිස්සු හැදෙනවා! 😀

වින්ඩෝස් වල අයිකන් වෙනස් කරන හැටි

වින්ඩෝස් වල අයිකන වෙනස් කරන එක හොඳ අදහසක්. මොකද හැමදාම එකම අයිකන් සෙට් එක දැකලා දැකලා අප්පිරිය වෙලා ඇතිනේ. ඒකට හොඳම උපාංගය තමයි ස්ටාර්ඩොක් මගින් සකසන IconPackager – මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි ඒත් ඉතින් මේ ලංකාවනේ 😉

මේ මෘදුකාංගය සහ අන්තර්ජාලයේ තියෙන ගණන් කරන්න බැරි තරම් අයිකන් තීම්ස් සමග වින්ඩෝස් වල අයිකන් නියමෙට වෙනස් කරන්න පුළුවන්. ලිනක්ස් වලදී නම් මේක කජු කනවා වගේ වැඩක්, මොකද ඒක සාමාන්‍ය විශේෂාංගයක් නිසා. ඒත් ඉතිං වින්ඩෝස් ගැන ආයේ කියන්න ඕන නැහැනෙ. වින්ඩෝස් වලදී ඩෙස්ක්ටොප් එකේ පේන ඒවායේ අයිකන් වෙනස් කරන්න පුළුවන් වුණොත් මුළු පද්ධතියේම වෙනස් කරන්න ඕන නම් මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරන්නම වෙනවා.

මේ තියෙන්නෙ මං දාලා තියෙන තියෙන Mad-B ShinyBlack තීම් එකෙන් ගත්තු අයිකන කිහිපයක්.

Stardock IconPackager

DivX/Xvid වීඩියෝ සඳහා උපසිරැසි

දැන් ලංකාවට චිත්‍රපටි වල ඩීවීඩී එන එක අම්බානක අඩුයි කියලා ආරංචි තියෙන නිසාත්/ඇස් දෙකෙන්ම දකින්න ලැබෙන නිසාත් ගොඩක් අය අන්තර්ජාලයෙන් චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන්න පෙළඹෙනවා. මට නම් ඩවුන්ලෝඩ් කරන්න වාසනාවක් නෑ – ඒත් ඉතින් වාසනාව තියෙන අයටයි මේක.

සාමාන්‍යයෙන් DivX/Xvid චිත්‍රපටයක් ලබාගත්තාට පස්සේ ඒකට උපසිරැසි දාගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ උපසිරැසි අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. .srt ගොනුව වශයෙන් තමයි ‍තියෙන්නෙ. opensubtitles.org මේවා හොයාගන්න නියම තැනක්.

මේ උපසිරැසි චිත්‍රපටයට එක්කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි VLC මීඩියා ‍ප්ලේයර් එක පාවිච්චි කරන එක. (http://www.videolan.org/vlc)  VLC දැනට ලොව පුරා ජනප්‍රිය බොහෝ මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මක නියම මීඩියා ප්ලේයර් එකක්.

අනිත් ක්‍රමය තමයි DirectVobSub – මේක උපසිරැසි පෙන්වන්නට හැකියාව තිබෙන DirectShow Filter එකක්. මේක ගොඩක් හොඳින්ම වින්ඩෝස් මීඩියා ‍ප්ලේයර්, මීඩියා ‍ප්ලේයර් ක්ලැසික් සහ තවත් ප්ලේයර් සමග පාවිච්චි කරන්නට පුළුවන්. ඩීවීඩී වලට වඩා මේ ක්‍රමයේ තියෙන වාසිය අපට කැමති විදියට අකුරු රටා, සෙවණැලි, ෆොන්ට්, අවුට්ලයින්, පෙන්වන තැන ආදිය වෙනස් කරමින් අපට අවශ්‍ය විදියට උපසිරැසි සකසගන්න පුළුවන්.

කෝපි එක බීලා ඉවරයි. නිදිමතයි දැන් හෙණට.

නිදිමත යන්න මූණ හේදුවා

නිදිමත යන්නත් එක්ක කියලා මූණ හෝදගෙන ආවා. දැන් නම් ඉන්න බෑ – ඒ මදිවට ‍අපේ රේඩියෝ චැනලයේ යන සිංදු වලට නිදිමත ඩබල් වෙනවනේ. දැන් මූණ හෝදගෙන ආවා ඒත් තුවාය හොයාගන්න බෑ. වතුර පිටින් ඉන්නෙ මේ. 😀

අම්මා කිරි කෝපි එකක් හදලා – මල් හතයි! 🙂

හපොයි තව පැය විස්සක් විතර ඉන්න ඕන නේද කියලා මතකවෙනකොට නිදාගන්නමයි හිතෙන්නෙ! 😀 ඒත් නිදාගෙන බෑ නෙව. බලමුකෝ. අතරින් පතර පොඩ්ඩක්වත් නිදාගන්න ඕන.

මගේ ජංගම දුරකථනය LG KP105

මා ගාව දැනට තියෙන්නෙ සාමාන්‍ය පොඩි ෆෝන් එකක්. මහා ලොකු ඒවා ගන්න තරම් මට වත්කමක් නැහැනෙ 😉

දැන් මේ ෆෝන් එක ගැන කතාකළොත් – මේකෙ කිසිම විශේෂත්වයක් නැහැ. නිකං ෆෝන් එකක් විතරයි. කෝල් ගන්න පුළුවන්. එස්එම්එස් යවන්න පුළුවන්. හපොයි මට පිස්සු හැදීගෙන එනවා වගෙයි.

නෑ නෑ. මං නිකං විස්තර ටිකක් ලියන්නම් නිදිමත යන්නත් එක්ක. මේක ගත්තෙ රුපියල් 6500ක් වගේ සුළු මුදලකට. ඒ නිසා මහා ලොකු විශේෂාංග මුකුත් නැහැ. ඒත් මං ඒකට කැමතියි. පුදුමෙ කියන්නෙ අන්තර්ජාලයෙන් මේක ගැන විස්තර හොයාගන්න බැරිවුණු එක තමයි.

මේකෙ ප්‍රමාණය බැලුවොත් දළ වශයෙන් සෙන්ටිමීටර 10 x 4 වගේ ප්‍රමාණයක්. මහත ගත්තොත් මිලිමීටර 13ක් වගේ තියෙනවා. හුරුබුහුටියි. තිරය CSTN එකක්. වර්ණ 65,000 – customize කරන්න බෑ. ටෝන්, වෝල්පේපර් කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන්නත් බෑ. අඩුම තරමින් GPRS වත් නෑ. රේඩියෝ එකක් නම් තියෙනවා. (පුදුමයි ඒකවත් තිබුණු එක) ෆෝන්බුක් එකේ 300ක් දාගන්න පුළුවන්. vibrate එක හොඳයි. ටෝන්ස් වල සද්දය බොහොම හොඳයි. Keys එබීමේ පොඩි අපහසුතාවයක් තිබුණා මුල් දවස්වල දැන් ප්‍රශ්නයක් නෑ. අනිත් ෆෝන් වල තියෙන අනිත් මූලික යටිතල පහසුකම් තියෙනවා.

අනිත් විශේෂාංගය තමයි LMT – Lost Mobile Track – මේකෙන් කවුරුහරි මේක හොරකම් කළොත් (කවුද මේවා හොරකම් කරන්නෙ? පිස්සෙක් තමයි!) හෝ නැතිවුණොත් ක්‍රියාත්මක වෙන එකක්. ඒ කියන්නෙ ෆෝන් එක ලැබෙන කෙනා වෙනත් සිම් එකක් දැම්මම ෆෝන් එකේ කලින් දාලා තියෙන නම්බර් දෙකකට කෙටි පණිවිඩ ලැබෙනවා ඒ සිම් එකෙන්. ෆෝන් එක හොයාගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේකෙන්.

කොහොම වුණත් මේ වැඩේ හරියන්නෙ නෑ. වෙන එකකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මහ boring ෆෝන් එකක් මේක. 😆