මීයන්ට කැරපොත්තන්ට ගිය කල

පහුගිය දවස් වල ටවුමෙ ඇවිදිද්දි මම දැක්කා අමුතු පැකට් වගයක් තියාගෙන විකුණන අය කිහිප දෙනෙක්. පැකට් වල මීයො, කැරපොත්තො වගේ සත්තුන්ගෙ පින්තූර තියෙනවා. දවසක් ඔය මනුස්සයෙක් ළඟින් යනකොට මිනිහා කිව්වෙ නැතෑ මෙන්න මෙහෙම: මීයන්ට කැරපොත්තන්ට බෙහෙත් තියෙනවා කියලා. මට හිතුණා මීයන්ගෙ බඩේ අමාරුවටද නැතිනම් හිස‍රදේටද බෙහෙත් තියෙන්නෙ කියලා අහන්න. 😆 ඒත් ඇහුවෙ නෑ. මං තනියම හිනාවෙවී ගියා යන්න.

ඇස් දෙක දනවා වගේ දැනෙනවා. දැන් මූණ හෝදගෙන ආවොත් හොඳයි කියලා තමයි හිතෙන්නෙ.

මීයො ගැන කියනකොට මතක් වුණේ Ratatouille – නියම චිත්‍රපටයක් – බලලා නැතිනම් අරන් බලන්න. මං කැමතිම චිත්‍රපට වලින් එකක්. හරිම ආසාවෙන් බැලුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *