සබ්වුෆර් (Subwoofers)

This is a Guest Post by Kalinga – Enjoy! 😀

හැමෝටම ආයුබෝවන්…. මගෙ නම කාලිංග. අද මගේ “ගෙදර ෆිල්ම් හෝල්” කියන ලිපි මාලාවේ තවත් ලිපියක් ලියන්නේ අපේ මලින්ත මලයාගේ ආරාධනයක් පිට ඔහුගේ බ්ලොග් එකේ. මම මේ ඇරයුම කිරීම ගැන ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට මේක ලොකු ආඩම්බරයක්, සිංහල Unicode බ්ලොග් එකක් පළමුව ලිව්වේ අපේ මේ මලින්ත තමයි. මම වගේ බ්ලොග් කරණයට අතදරුවෙකුට මේවගේ අවස්ථාවක් දීම ගැන ගොඩක් සතුටුයි.

හරි… දැන් බටර් ගෑම අවසන් 😀 අද මම කතා කරන්න යන්නේ මේ Subwoofer (සබ් වුෆර්) ගැන. ඒකියන්නේ ඔය 2.1 4.1 5.1 etc ස්පිකර් system වල .1 ගැන.

Subwoofer කියන්නේ 20-180Hhz දක්වා Frequency වන Bass ශබ්ද ලබාදීම සදහා සැකසු ස්පීකර් system එකකි. (ස්පීකර් ගැන දැනගන්න මගේ “ස්පීකර් (බෆල්) නොහොත් Loudspeakers” කියවන්න 😉 නැතිනම් මම එහි විස්තර කර ඇති දේවල් මෙහි විස්තර කරන්නේ නෑ ) මේ Subwoofer වල අවශ්‍යතාවය පැනනගින්නේ ගොඩක් කුඩා ස්පිකරවලින් ලැබෙන Bass ශබ්ද මදිවීම හා low volume හිදී Bass ශබ්ද නොලැබීම නිසා මේ සඳහා විකල්පයක් වශයෙන්.

ඉතිහාසය ගැන කතා කළොත්, පළමු subwoofer එක ගැන අපට දැනගන්න ලැබෙන්නේ 1960 ගණන්වලදීය. මෙය Ken Kreisel විසින් කළ නිර්මාණයකි. පළමු subwoofer එක භාවිත ක‍ළ ෆිල්ම් එක වන්නේ 1974 ඇමරිකාවේ තිරගතවු Earthquake චිත්ර පටයයි, මෙය Sensurround කියන sound system එකෙන් ආපු චිත්ර පටයකි. 1983 සිට THX සහතිකය ලබාගන්න සිනමාහල්වල subwoofer system එකක් තිබීම අනිවාර්ය විය. මේනිසා ඔය හැම DTS/Dolby system තියන හැම සිනමාහලකම subwoofer සවිකරන්න පටන්ගත්නා. 1990 මුල් අවදියේ සිට තමයි මේ subwoofer නිවෙස්වලට එන එක වැඩි උනේ.

Bose සමාගම විසින් නිපදවන AM-5 කියන 2.1 HiFi Subwoofer System එකක්.

subwoofer වල ඇති වැදගත් කමක් තමයි එහි ප්‍රමාණය, 10″ ධාවක woofer (10″ Subwoofer Driver)සහිත ස්පිකර් system එකක ලැබෙන Bass ප්‍රමාණය 5″ ධාවක woofer ඇති subwoofer එකකින් ලබාගත හැක, මීට අමතරව subwoofer එක ඕනෑම තැනක තැබිය හැක. ඇද යට වුවද 🙂 subwoofer එකෙන් ලැබෙන low frequency නිසා, mid හා high frequency (150Hz – 20,000Hz) සදහා පොඩි ස්පිකර system එකක් ඇති. මේවාට කියන්නේ Satellite Speakers කියාය. මේ කුඩා ප්‍රමාණය නිසා ඕනැම පොඩි ස්ථානයක තබා ලොකු speaker system එකකින් ලැබෙන ශබ්දයම වාගේ rich sound එකක් රස විඳිය හැක. මේක තමයි තව එක වටිනා කමක්, පොඩි woofers (speakers) භාවිත කොට ලොකු speaker system එකකින් එන Bass රසය විඳගැනීමට පුලුවන් වීම.


අල්ල ප්‍රමාණයේ Satellite Speaker එකක්, මෙය Bose AM-5 Speaker System එකේ එන Satellite Speaker එකකි.

ඔය Bose AM-5 subwoofer එකේ ඇත්තේ 5.5″ woofers දෙකකි, නමුත් එයින් 10″ ස්පිකර් system එකකින් ලැබෙන ගැඹුරු (deep) bass එකක් ලැබෙයි.

මේ Bose සමාගම ගැන කතා ක‍ළොත්, මෙය ලෝකයේම ඉතාම හොඳ HiFi Speaker System හදන සමාගමකි. ඒවාගේම හරිම මිල අධිකය. මෙහි ඇති වැදගත් කම නම් මෙම සමාගමේ අයිතිකරු හා ආරම්භකයා ඉන්දියානු Amar Bose වීමය.

subwoofer වර්ග දෙකක් වෙයි, ඒනම් active (powered) හා passive ය. active subwoofer එකක් යනු එහි ඇතුළතම ඇම්ප්ලිෆයරයක් (amplifier) එකක් ඇත නමුත් passive subwoofer එකක් තුළ amplifier එකක් ඇතුළත් කොට නැත. මීට අමතරව ඔය දෙවර්ගයේම සමහර ඒවාගේ equalization system එකක් එයි, මෙමගින් subwoofer එක එන frequency range (පරාසය) එක වෙනස් කළ හැක.

powered subwoofer එකක පිටුපස.

subwoofer එක තුළ crossover එකක් එයි, මෙමගින් තමයි ඔය frequency බෙදීම කරන්නේ, එය වෙනස් කිරීම මගින් තමයි subwoofer එකේ එන frequency range එක වෙනස් කරන්නේ. සමහර subwoofer එනවා ඒවාගේ Satellite Speaker සවි කරන්න බෑ, මේවාගේ ඒවා තමයි ඔය home theater හා car වල භාවිත කරන්නේ. දැන් එන ගොඩක් surround sound amp වල powered subwoofer එකක් සවිකිරීමට out (LEF – Low Frequency Effect) එකක් ඇත, මේ නිසා ඇම්ප් එක මගින්ද subwoofer එක හා එහි frequency range වෙනස් කළ හැක.

මේ තියෙන්නේ cosed box powered subwoofer එකක ඇතුළත, මෙහි තනි woofer drive එකක් ඇත. නමුත් මහි dual (ද්විත්ව) voice coil එකක් ඇත.

මේ closed box non-powered (passive) subwoofer එකක ඇතුළත, මෙහි dual woofers ඇත.

ඔය තියෙන්නේ powerd open box powerd subwoofer එකක්. ගොඩක් ලොකු woofer භාවිත කරන විට භාවිත කරන්නේ මේ open box ක්‍රමයයි.

දැනට එපමණයි…. 🙂

මෙය ආරාධිත ලිපියක්. (Guest Post) ලියන්නේ කාලිංග අයියා. කොහොම වුණත් මම නෙවෙයි පළමුවෙනි සිංහල බ්ලොග් එක ලිව්වේ. මට කලින් එකක් දෙකක් තිබිලා තියෙනවා. 😉

7 thoughts on “සබ්වුෆර් (Subwoofers)

  1. චැහ්, මේ Guest Post දාන අයිඩියා එක කලින් ආවේ නෑනේ… නැත්නම් මැරතන් එකට කලින් මම දන්න කියන ඔක්කොටම කියනවා එදාට මගේ බ්ලොග් එකේ Guest post එකක් කරන්න කියලා. අපරාදෙ හොඳට නිදාගන්න තිබ්බා! 😉 😆

  2. වැඩේ නම් මරු. මොනව වුනත් මලින්ත මලයෝ ඔයා නිසා තමයි මටත් සිංහලෙන් බ්ලොග් ලියන්න ආසාව ඇති වුනේ.ඔයාගෙ උදව්වෙන් ලියන්න පටන් ගත්ත උදවිය ගඔඩක් අද ඉන්නවා. අපිට ඒක හැමදාම මතකයි. පුංචි වයසකදි ඉඳන් මේ වගේ කාර්යකට අතගහල වැඩ කරගෙන යන එක ගැන “මගේ සටහන” වෙතින් ආචාරය. !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ජය වේවා.

  3. මලින්ත සහ කාලිංග දෙන්නටම ජයවේවා!

    ඊලගට “Sound projection” ගැනත් ලිව්වානම් නියමයි. මේ ලිපි ටිකක් සීරු මාරු කරලා විකිපීඩියාවටත් දාන්නපුලුවන් වෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *