විකිපීඩියා සමග තරගයට ගූගල් Knol නිකුත් කරන ලදී!

කාලෙකට කලින් විකිපීඩියා සමග තරග කරන්න ගූගල් මගින් නොල් (Knol) නම් නව අඩවියක් හඳුන්වා දෙන බවට ආරංචි පැතිර ගියා. දැන් ගූගල් මගින් ‘නොල්’ නම් නව සේවාව අරඹා තිබෙනවා.

මේ නව සේවාව මගින් ඕනෑම කෙනෙකුට තමන් හොඳින් දන්නා ක්ෂේත්‍ර පිළිබඳව ලිපි ලියන්නටත්, ඒ ලිපි ලියන කතුවරුන්ට තමන්ගේ ලිපි සඳහා තමන්ගේ නම් ආදිය යෙදීමටත්, වෙනත් අයට අවසර ලබාදීමටත්, ප්‍රතිචාර සහ විචාර සඳහා අවස්ථාව ලබාදීමටත් හැකියාව ලැබෙනවා. පරිශීලකයන්ට ආශ්‍රිත තොරතුරු, විචාර සහ ප්‍රතිචාර ලබාදිය හැකියි.

මෙහි තිබෙන ලිපි වලට පාවිච්චි කරන්නේ ‘නොල්’ කියන නම. මේ නමත් ඉදිරියේදී ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. (විකි වගේ)

පෙනෙන හැටියට නම් ගූගල් නොල් විකිපීඩියාවට හොඳ තරගයක් දෙන හැඩයි.

Google Knol

3 thoughts on “විකිපීඩියා සමග තරගයට ගූගල් Knol නිකුත් කරන ලදී!

  1. ඇතැම් විකිපීඩියා මාතෘකාවල දැක්වෙන කරුණු 100% ක් නිවැරදි කියා පිළිගන්න අමාරුයි. විශේෂයෙන්ම දේශපාලන, ඉතිහාස වැනි විෂයන් යටතේ එන මාතෘකා. උදාහරණයක් වශයෙන් අපේ රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල නගරවල ඉතිහාසය, ඒ පළාත්වල ඇති වූ සිදුවීම්, ඒ පළාත්වල ඉතිහාසය යනාදි කරුණු විකෘති කොට තිබෙනවා ඊළාම්වාදීන් විසින්. කොච්චර අපක්ෂපාතීව නිවැරදි කළත් පැය දෙක තුනක් ඇතුළත ඒක කපලා නැවත අර පරණ බොරු කතන්දරය ඇතුල් කරනවා. මම හිතන්නේ නොල් අඩවියේ ලිපිවලට දෘෂ්‍යමාන කර්‍තෘ කෙනෙක් ඉන්න නිසා මේ තත්ත්වය තරමක් පාලනය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *