අධෝරක්ත කැමරාව

මං කාලෙකට කලින් ගත්තනෙ පොඩි වෙබ් කැමරාවක්. ඇත්තටම ගත්තෙ කාටවත් කතාකරන්න නෙමෙයි. මං ඉතින් කාට කතාකරන්නද? 😆 වෙන අදහසක් හිතේ තියාගෙන. ඒ Infra Red Webcam එකක් හදන අදහසින්. http://www.hoagieshouse.com/IR/ තියෙන විස්තර වල හැටියට මං අද කැමරාවට පොඩි modifications ටිකක් කළා. දැන් නියමෙට වැඩ.

ඇත්තටම මෙතන කරන්නේ වෙබ්කැම් එක ඇතුළේ තියෙන IR ෆිල්ටරය ගලවා ඉවත් කරන එක තමයි. ඊටපස්සෙ කළු පැහැයෙන් තියෙන ෆිල්ම් කෑල්ලක් තියලා පරණ විදියටම හදපු එකයි කළේ. ප්‍රතිඵලය දැක්කම මටත් පුදුම හිතුණා.

මේ ඉන්නෙ මම. ඇත්තටම ඇඳගෙන ඉන්නෙ නිල් පාට ටීෂර්ට් එකක්. ඒත් පේන්නෙ අමුතු විදියට නේද? 😀

මේ තියෙන්නෙ රුපියල් සීයේ නෝට්ටුවක ඉදිරිපස සහ පිටුපස. හෙහ් මේක හොර නෝට්ටු අල්ලන්න පාවිච්චි කරන්නත් පුළුවන් වගේ නේද?

තව පින්තූර ටිකක් පස්සෙ දාන්නම්.

මෙන්න තව එකක්. මේ ඉන්නෙ මගේ මලයා. ඔය අතේ තියෙන්නෙ ඇන්ටනාවේ දුරස්ථ පාලකය. ඒකෙන් නිකුත් වෙන්නෙත් අධෝරක්ත කිරණයක්නෙ. චැහ් මාර එළියක්නෙ තියෙන්නෙ 😛

9 thoughts on “අධෝරක්ත කැමරාව

  1. නියමයි!
    මලින්ත, පුලුවන්නම් කළුවර වෙලාවට ගොඩක් රත් වෙච්ච දෙයක් (අයන් එකක් වගේ) පේනවාද කියලා බලන්න.

  2. මලින්ත මල්ලි, මම මේ ලියන සටහන මාතෘකාවට අදාල නැහැ; නමුත් මම හිතනවා ඔයාට මේ වෙබ් අඩවිය interesting කියලා. ඔයගොල්ලන්ගේ මධ්‍යම පළාතේ තමයි මේ E-ගම්මානය පිහිටා තිබෙන්නේ.

    http://www.rewesternlanka.org/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *