වැස්ස

ඔන්න ඉතින් අද පන්ති ඉවරවුණා. දැන් ඉතින් අඟහරුවාදා විභාගෙ. සමහරක් ඒවා හරියකට පාඩම් කරලත් නෑ ඒත් ඉතින් මක් කොරන්නද 😀

පහුගිය දවස් ටිකේම රස්නෙයි රස්නෙයි කිය කිය හිටියා මතක ඇතිනෙ. ඔන්න ඉතින් අද ඒකට හරියන්න වැස්සා නියමෙට. හැමදාම පෝරණුවක් වගේ රස්නෙ හින්දා කුඩ ගෙනියන්නෙත් නෑ. පන්තිය ඉද්දි තමයි වැස්ස පටන්ගත්තෙ. අද හවස් වෙනකල්ම තිබ්බ හින්දා හිතුවෙ ඉවර වෙනකොට වැස්ස ටිකක් අඩුවේවි කියලා. මොන?

මක් කොරන්නද ඉතින් පන්තියෙන් එළියට එනකොටත් අපරාදෙ කියන්න බෑ හොඳට වහිනවා. මට ආයෙ ඔතනට වෙලා උඩ බලාගෙන ඉන්න කම්මැලි නිසා ඕන කෙහෙල්මලක් කියාගෙන ආවා පාරට. තෙමි තෙමී ඇවිදගෙන ආවා. මං සාමාන්‍යයෙන් පයින්ම ටවුමට යන්නෙ හැමදාම. ඒත් ඉතින් වැස්ස ටිකක් තද හින්දා බස් එකකට නැග්ගා.

වෙන ඉතින් ‍විසේස දෙයක් නෑ. මගෙ පෙරගෙවුම් සම්බන්ධතාවයෙන් ගිය මාසෙ මෙගාබයිට් විස්සකට වැඩිය ඩවුන්ලෝඩ් කරපු හින්දා මේ මාසෙට මෙගාබයිට් 200ක් නොමිලේ ලැබිලා. ඉතින් ලෝබ නැතුව අරහෙ මෙහෙ යන ගමන් ඊමේල් බලන්නයි ebuddy හරහා චැට් කරන්නයි පුරුදු වෙලා.

වෙන ඉතින් ලියන්න විසේස දෙයක් නෑ. ළඟදිම අලුත් වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්න 😀

7 thoughts on “වැස්ස

  1. ඔය සමහරු නම් වහින බව දැන දැනත් කුඩ අරන් යන්නෙ නැත්තෙ අසරණයට ගැනු ලමයෙක් වත් පිහිට වෙයි කියල. මොනා කලත් අන්තිමට ඉතින් තෙමෙන්නම තමා වෙන්නේ

  2. මම බ්ලොග් කියවන්න පටන් ගත්තෙ ලගක ඉදලා.

    දැන් මම මේකට පුරුදු වෙලා. හැමදාම වගේ මේ පිටුවට visit ක‍රනවා.

    Good Work. Keep it up.

  3. අහ්… මං කියන්න හදපුවා ටික එහෙම්ම කලින්ම කට්ටිය කියලා…. 😉

    ebuddy අලුත් නිකුතුව ටිකක් පාඩුයි නේද?? අනවශ්‍යය විදියට ඩේටා එහෙ මෙහෙ දාලා ගාන කපනවා… 🙁 ඒ අතිං ගත්තාම bing රත්තරං…. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *