නුවර IT ප්‍රදර්ශනේ

ඔන්න ඉතින් අද උදේ ගියා නුවර IT ප්‍රදර්ශනය බලන්න. කලින් ලිපියෙ තියෙන්නෙ පින්තූර වගයක්. අයියෝ කියලා වැඩක් නෑ. සෙනග නම් හිටියා තමයි. ඒත් අම්බානක කම්මැලියි. ඔහේ එහෙට මෙහෙට ඇවිද්දා විතරයි. වැඩකට ඇති දෙයක් දැක්කෙ නෑ. ප්‍රභාත් සහ ප්‍රවීනත් ඇවිල්ලා හිටියෙ. ඔය ඉන්නෙ පින්තූරේ 😀

චැහ් ඒක ගැන ලියන්න දෙයක් නෑනෙ. අම්බානක සෙනග, රස්නෙයි දාඩියයි, සද්දෙයි… ශාලාව මැද චිත්‍රපට දාලා, පැත්තක ගේම් ගහනවා. අනිත් හැම තැනකම වගේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් තිබ්බා වෙබ්කැම් මගින් තමන්ව දැකබලාගන්න හැකි විදියට 😛 තව ඉතින් තඩි එල්සීඩී මොනිටර සහ ටීවී ටිකක් තිබ්බා.

හික් ඉතිං එච්චරයි. පින්තූර නම් අල‍වෙලා තියෙන්නෙ ෆෝන් එක හෙල්ලිච්ච නිසා සහ ඒක කැමරාව අඳුරු තැන් වල පිස්සු නටන නිසා. ඒ ගැන ඉතිං සමාවෙන්න ඕන.

2 thoughts on “නුවර IT ප්‍රදර්ශනේ

  1. ඔය වෙබ් කැම් සෙල්ලමේ අරමුණ තමයි ලංකාවේ ගෙවල් වල කණ්ණාඩි (මුහුණ බලන හෝ රැවුල කපන) වෙනුවට පරිගණක භාවිතා කරන්න පෙළඹවීම.

    මුහුණ බැලීම සඳහා විශාල ප්‍රමාණයේ තිර ප්‍රමාණ (17″ හෝ 21″)ඇති මොනිටරද රැවුල කැපීම පිණිස PDA එකක වැනි ප්‍රමාණයේ විසඳුම්ද ඔබට ළඟම ඇති ABCD අලෙවි සැලෙන් දැන්ම ලබා ගන්න !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *