විකිස්කෑනරය සහ අවුල් ජාලය | WikiScanner and Chaos
විකිපීඩියා යනු (අප හැමෝම දන්නා පරිදි
) අසීමිත තොරතුරු සංඛ්‍යාවක් සහිත විශ්වකෝෂයක්. මෙහි විශේෂත්වය ඕනෑම අයෙකුට මෙහි සඳහන් වෙන ඕනෑම ලිපියක් වෙනස් කළ හැකිවීමයි. මෙනිසා ඕනෑම අයෙකුට බොහෝ විකිපීඩියා ලිපි තමන්ට කැමති ආකාරයට සකස් කරන්නට හැකියාව තිබෙනවා. මීට සති කීපයකට පමණ පෙර වර්ජිල් ග්‍රිෆිත් නම් ඇමරිකානු ශිෂ්‍යයෙක් විසින් විකිපීඩියා ස්කෑනරය නම් මෘදුකාංගය හඳුන්වාදීමත් සමග ඇතිවූයේ එසේ මෙසේ අවුලක් නම් නොවෙයි!
මෙම මෘදුකාංගය මගින් යම් ලිපියක් සංස්කරණය කර ඇත්තේ කවුදැයි සොයාගෙන එම අයිපී ලිපිනය (IP Address) අයිපී ලිපින නාමාවලියක් සමග හරස් යොමු කෙරෙයි. මෝල්ටාස්ටාර් වාර්තාවට අනුව බොහෝ සමාගම් විසින් තමන්ට අවාසිදායක තොරතුරු ඉවත් කිරීමත්, තරඟකාරී සමාගම් වල ලිපි වලට ඍණාත්මක තොරතුරු ඇතුළත් කිරීමත් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙනිසා බොහෝ සමාගම් දැනටමත් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන බව ආරංචියි! මෝල්ටාස්ටාර් වාර්තාවේ තිබූ එළිදරව් කීපයක් මෙසේයි:
- ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමේ ලිපි වලට ඍණාත්මක තොරතුරු එක්කරන බව
- මයික්‍රොසොෆ්ට් සමාගම ඇපල් සමාගමේ ලිපි වලට ඍණාත්මක තොරතුරු එක්කරන බව
- ඩෙල් පරිගණක සමාගම ඔවුන්ගේ පාරිභෝගික සේවය පිළිබඳ ඍණාත්මක තොරතුරු ඉවත්කරන බව
- කොකා කෝලා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වල ප්‍රතිඵල පිළිබඳ ඍණාත්මක අදහස් ඉවත්කරන බව
- මයිස්පේස් මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය ‘හැක්’ කළ බව කියවෙන තොරතුරු ඉවත්කරන බව සහ තවත් බොහෝ තොරතුරු!
සම්පූර්ණ මෝල්ටාස්ටාර් වාර්තාව: Student’s program sends PR chaos in Wiki-scandal
Wikipedia is an Encyclopedia with an enormous amount of information (as we all know
) The main feature of Wikipedia is that anyone can edit almost any article listed there. Because of this feature anyone can change any article to their liking. Few weeks before, an American Student named Virgil Griffith released a program called Wikipedia Scanner (also called WikiScanner) that caused chaos among the most recognized companies in USA and the World.
This program finds edits done to articles and the IP Address of the editor. Then the IP Addresses are cross referenced with an IP Address Directory. According to the MaltaStar Report, many famous companies have removed negative information from articles regarding their products, and they have added negative information to their rivals articles. This revelation has caused many companies to act defensively on further actions
Here are some revelations from the MaltaStar Report:
- Apple adds negative information to Microsoft’s articles
- Microsoft adds negative information to Apple’s articles
- Dell removes negative information regarding their customer service
- Coca Cola removes negative information about it’s effects
- MySpace removes information on their website hack and many more…
Full Report: Student’s program sends PR chaos in Wiki-scandal
3 Comments to “විකිස්කෑනරය සහ අවුල් ජාලය | WikiScanner and Chaos”