ඔබේ පරිගණකය උදුනකට දාන්න ලෑස්ති වෙන්න! | Get ready to put your PC in an Oven!
සියළුම පරිගණක ප්‍රොසෙසර වලට බලපාන පුධානම සතුරා වන්නේ උෂ්ණත්වයයි. ඔබේ පරිගණකය ගලවා බැලුවොත් ප්‍රොසෙසරය මත සවිකර තිබෙන හීට් සින්ක් සහ පංකා දැකිය හැකිවේවි. මේ උෂ්ණත්වයෙන් ප්‍රොසෙසරයේ කාර්යක්ෂමතාවය අඩුවීම අවම කිරීමටයි.
මෙම උෂ්ණත්ව ගැටළුව සඳහා විසඳුමක් ලෙස නාසා ආයතනය අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන චිපයක් නිර්මාණය කර තිබෙන බව ආරංචියි! සිලිකන් කාබයිඩ් මගින් නිපදවා ඇති මෙම චිපය ෆැරන්හයිට් අංශක 1112ක උෂ්ණත්වයකට පවා ඔරොත්තු දෙන බව සඳහන්. මූලික පරීක්ෂණ මගින් ෆැරන්හයිට් අංශක 932ක උෂ්ණත්වයක පැය 1700ක කාලයක් පුරා මෙම චිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පරීක්ෂණත් වල සාර්ථකත්වය සමග අනාගතයේදී පංකා නොමැති අධිවේගී චිප් පවා ලබාගන්නට හැකිවේය යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි.
ගිස්මෝඩෝ මගිනි.
Heat is the main enemy of all processors. If you take your PC apart, you’ll see heat sinks and fans dealing with this - so it reduces the effect on processor efficiency.
The latest reports say that NASA is developing a Silicon Carbide chip that’ll be able to face extreme temperatures like 1112 degrees Fahrenheit. In preliminary tests, the chip operated at a temperature of 932 degrees Fahrenheit for 1700 hours. With the success of these experiments, many hope that fan less high speed processors will be available in a short time.
Via Gizmodo
2 Comments to “ඔබේ පරිගණකය උදුනකට දාන්න ලෑස්ති වෙන්න! | Get ready to put your PC in an Oven!”