Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

විකිපීඩියා සමග තරගයට ගූගල් වෙතින් ‘නොල්’ | Google Introduces ‘Knol’ to fight with Wikipedia

ගූගල් දැනට අතගසා නැති ක්ෂේත්‍රය මොකක්ද? :D ඒකනේ කියන්නේ. හිතාගන්නවත් අමාරුයි නේද? තව ටික දිනකින් ගූගල් විශ්වකෝෂ කාර්යයටත් අතගසන්නටයි සූදානම. ‘නොල්’ නමින් හැඳින්වෙන මේ විශ්වකෝෂය විකිපීඩියාවට හොඳ තරගයක් දෙන්නට සමත් වේවි. දැනට නම් වැඩි විස්තර කිසිවක් නැහැ. මෙහි මූලිකම අදහස විවිධ තොරතුරු ලියන පුද්ගලයන්ට මුල් තැනක් දීම තමයි. ඒ කියන්නේ යම් ලිපියක් ලියන පුද්ගලයාගේ නම පෙන්වීම ආදී ක්‍රම භාවිතය. මේ ක්‍රමය ගොඩක් හොඳ වෙන්නේ දැනටමත් විකිපීඩියාවේ credibility එක ගැන හුඟක් ගැටළු තිබෙන නිසයි. විකිපීඩියාවට වඩා හොඳ Community Tools තිබෙන නොල් මගින් ප්‍රශ්න අසන්නට, අදහස් කියන්නට, තවත් තොරතුරු එක්කරන්නට, සංස්කරණය කරන්නට හැකියාව ලැබේවි. කොහොම වුණත්, නොල් ඉතා විශිෂ්ට කාර්යයක් වේවි කියන එක ගැන නම් අපට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.

Official Google Blog මගිනි.

Posted on 14 December '07 by Malinthe Samarakoon, under Uncategorized.