Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

අන්තර්ජාල සම්බන්ධය ගෑටීම සහ ඉවසීමේ සීමාව

Update: Got a Mobitel M3 HSPA Connection and it just rocks! Special thanks to Buddhika Jayasinghe!

අපේ ගෙවල් පැත්තට ADSL නැති නිසා සහ Dialog WiMax Coverage නැති නිසා මම තාමත් පාවිච්චි කරන්නෙ CDMA වලින් ලැබෙන Dialup තමයි. සාමාන්‍යයෙන් පාන්දරට හොඳ වේගයක් ලැබුණත් සමහර දවස් වල දවල්ට නම් කිසිම වැඩක් කරන්න බැහැ. අදත් ඒ ව‍ගේ අවාසනාවන්ත දවසක් තමයි. :(
අද නැගිටිනකොට ටිකක් දවල් වුණා. :oops: 8ට විතර ඊමේල් පරික්ෂා කරන්න කියලා connect වුණා. වැඩක් නැහැ. ගාටනවා. ගාටනවා. තුන්පාරක් විතර disconnect වෙවී ආයෙ reconnect කරලා බැලුවත් කිසිම වැඩක් වුණේ නැහැ. දවසම එහෙම තමයි. මේ වෙලාවට තමයි අසූහාරදාහට තද වෙන්නෙ. මොන කෙහෙල්මලක්ද? :evil:

Google Talk වලින් කාට හරි කතාකරන්න හදනකොටම disconnect වෙනවා. සුදාරක මලයා කියනවා ‘මලින්ත එනවා යනවා’ කියලා. ඇයි මේ කෙහෙල්මල disconnect වෙවී ආයෙ connect වෙන නිසා. හවස බ්ලොග් එකට අලුත් සටහනක් ලියලා පෝස්ට් කරන අතරමගදී disconnect වුණා. අන්තිමට ලියපු පෝස්ට් එකත් නෑ. දැනුත් සයිට් දෙක තුනක් ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ. එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ. මේක නම් මහා එපාකරපු වැඩක්.

දැන් ඉතින් තියෙන එකම විසඳුම මොබිටෙල් එකෙන් 3.5G සම්බන්ධයක්වත් ගන්න එක විතරයි. ඒත් ඒ මොඩම් එක දැනට 20,000ක් විතර වෙනවලු. ඒකත් ඉතින් ෂුවර් නැහැ.

දැන් තියෙන එකවත් නියම වේගයෙන් වැඩ කරනවා නම් ඒ හොඳටම ඇති. ඒත් ඉතින් අපට ඕන දේ ඒ විදියටම වෙන්නෙ නෑනේ නේද?

බලමුකෝ මේකවත් හරියට පෝස්ට් කරගන්න ලැබේවිද කියලා…

Posted on 7 March '08 by Malinthe Samarakoon, under Uncategorized.


6 Comments to “අන්තර්ජාල සම්බන්ධය ගෑටීම සහ ඉවසීමේ සීමාව”

#1 Posted by su (07.03.08 at 11:34 )

අහන්නත් දුකයි ඒත් ඒ තරම් කටු කාගෙන වුණත් ඔයා කරන මේ වැඩේ කොයි තරම් වටිනවද ? මෙන්න මගෙන් සැලියුට් එකක් !

#2 Posted by Dili (07.03.08 at 20:54 )

Too true what Su says. Here’s another thumbs up.

Aren’t Mobitel 3.5G connections absurdly expensive? Im not sure of the details. Maybe you should wait till this SLT IPTV thing shows up. You’re supposed to get a high speed line with it since its a triple play line.

#3 Posted by Supun Sudaraka (07.03.08 at 22:12 )

මොනව කියන්නද, මටත් ඉතින් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා. ටෙලිකොම් එකෙන් දැන් ලෑන්ඩ් ලයින් එකක් ඉල්ලලා මාස ගාණක් වෙනවා ඒ. ඩී. ඇස්. ඇල් ගන්න. ඒත් ටෙලිකොම් එකේ අයගේ කිසි (ප්‍රති)චාරයක් නෑනේ. මට දැන් අර ටාසන් බාප්පා කියනවා වගේ එපා වෙලා තියෙන්නේ… :D

#4 Posted by ප්‍රසාන් (08.03.08 at 08:47 )

මලින්ත, සම්බන්දතාව දුර්වල වෙලාවට සියලුම IP වලට සම්බන්ද වීම පමා වෙනවද? විශේෂයෙන්ම ටෙලිකොම් අයි.පී වලට? ඒ වෙලාවට ටෙලිකොම් අඩවියකට සම්බන්ද වීම වේගවත්ද? උදා http://www.slt.lk.

මම එහෙම අහන්නේ මට adsl සබඳතාවක් තිබිලත් දවල්ට සම්බන්ධය ඉතා මන්දගාමියි. නමුත් ටෙලිකොම් අයි.පී. වලට භෞතික සම්බන්දතාවට සමාන (close to physical bandwidth ) වේගයකින් සබැඳි විය හැකියි.

ඉතින් මේ වෙලාවට මම කරන්නේ SSH හරහා විශ්ව විද්‍යාලයේ මගේ පරිගණකයට සබැඳි වී එය SOCKS ප්‍රොක්සි සර්වර් එකක් බවට පත් කර ගැනීමයි. ඉතින් ඔබටත් තමන්ගේ bandwidth එකෙන් කොටසක් දෙන්න පුලුවන් telecom leased line තියෙන කෙනෙක් ඉන්වානම් ඒ පරිගණකයක් හා සම්බන්ද විය හැකියි. ADSL  සබඳතාවක් ඇති පරිගණකයකට වුනත් DynamicDNS එකක් මගින් සම්බන්ධ විය හැකියි. (කිව්වට මොකද මටනම් සහායක් දෙන්න බැහැ. විශ්ව වීද්‍යාලයේ දේපොල නොවැ :))

#5 Posted by Tyronne Wickramarathne (08.03.08 at 19:58 )

මට පේන හැටියට තියෙන හොඳම පිලියම තමයි, උදේම නැගිටලා, ඔය අලස ඇඟ පොඩ්ඩක් අඩුවෙන්නත් එක්ක
 රවුමක් දෙකක් දුවලා අන්තර්ජාලයේ වැඩ කරන එක. ඒකෙන් කාරනා දෙකක් ඉශ්ට වෙනවා.

1 ) අලස බව අඩු වී ප්‍රබෝධවත්ව වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබීම
2 ) වඩා වැඩි වේගයකින් අන්තර්ජාලය සැරි සැරීමට අවකාශ සැලසීම

අකමැති නම් ඉතින් Mobitel 3G සම්බන්ධතාවයක් ලබා ගැනීම තමයි උචිත.

3.6mbps පැකේජය නම්, වියුණ සැරි සැරීමටත් අත්‍යාවශ්‍ය බාගත කිහිපයක් කරගැනීමටත් පුළුවන්.

ඇත්තටම ඔවුන්ගේ පාරිභෝගික සේවය නම් ඉතා උසස් මට්ටමක තියෙන බව නම් කියන්නම ඕනා.

TW

#6 Posted by Malinthe Samarakoon (09.03.08 at 21:00 )

@ප්‍රසාන්: එහෙම විශේෂයක් නම් නැහැ.