Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

හිසරදය සහ ටවුම පුරා ඇවිදීම

අද නම් මහ එපාකරපු දවසක්. උදේ නැගිටිනකොටම හිසරදේ. ඔළුව රිදෙනවා ඉන්න බෑ. අම්මා කිව්වා පැනඩෝල් දෙකක්වත් බොන්න කියලා ඒත් බිව්වෙ නෑ. මම කැමති නෑ ඕවා බොන්න :D අද ගියා ටවුමට අම්මයි මල්ලියි එක්ක. කොණ්ඩය කපාගන්න සහ ඇඳුම් වගයක් මාරු කරගන්නත් එක්ක. අද බස් අඩුයි. අපේ පාරේ වැඩ කරේ බස් තුනයිලු. ටවුමට ගිහිල්ලා ගියා සැලෝන් එක පැත්තට, වහලා. බැලුවා වීඩියෝ සෙන්ටර් එකේ යාළුවා ඉන්නවද කියලා. මිනිහත් නෑ. ඉතිං මොනවා කරන්නද ගියා ඇඳුම් ටික මාරු කරගන්න කියලා.

මට ඇඳුම් තෝරන එක තමයි ටිකක් අමාරු වැඩේ. අම්මලා ගෙනාපුවා මට එච්චර හිතට ඇල්ලුවේ නැහැ. මං සාමාන්‍යයෙන් අඳින්න කැමති ටිකක් නිදහස් ලොකු ටීෂර්ට් වගේ ඒවා තමයි. අද හොඳ එකක් තෝරගත්තා. මල්ලිට තමයි තේරිල්ල ටිකක් අමාරු. මිනිහා ටීෂර්ට් සීයක් විතර ඇදලා එකක්වත් හරි නෑ කිව්වා.

අද මාර රස්නෙයි. අව්වත් තදයි. මං හරිම අකමැතියි. ගොඩක් අය නුවර කිව්වාම හිතාගෙන ඉන්නෙ හරිම කූල් ලස්සන ‍පළාත කියලනේ. මොන පිස්සුද? පායන්න ගත්තම ඉන්න බෑ පිස්සු හැදෙනවා. ඒත් මෙහෙම කිව්වට වෙන පළාත් මීට වඩා රස්නෙයි මම හිතන්නෙ. අපි දැන් මාස හතරකට පහකට කලින් හම්බන්තොට පැත්තෙ ගියා, එතකොට තමයි තේරෙන්නෙ මේක එතරම් රස්නයක් නෙවෙයි කියලා.

අද බස් අඩුයි වගේම ටවුන් එකේ කඩවල් ගොඩක් වහලා තිබුණේ. ඒ හින්දා ඇවිදලා ඇවිදලා තේකක් බොන්න තැනක් තියෙනවද බැලුවා. වෙනදා යන තැන් ඔක්කොම වගේ වහලා. ඩෙවොන් එකට තමයි අපි සාමාන්‍යයෙන් යන්නෙ. එතන තේ නියමයි. ;) වැඩේ හරියන්නෙ නෑ. ඔක්කොම තැන් වහලා. ඊටපස්සෙ KFC එක පැත්තට ගියා. හපොයි එතැන ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඊටපස්සෙ ෆුඩ්ලන්ඩ්ස් කියලා එකක් ඇරලා තියෙනවා දැක්කා. එතැනට ගියා. එතනත් මාර සෙනගක්. වැඩේ හරියන්නෙ නෑ. තවත් ඇවිදගෙන යනකොට තව මොකක්ද එකක් තිබුණා ඒකෙ නමත් මතක නෑ. එතනින් හොට්ඩොග්ස් දෙකක් කාලා කොකා කෝලා එකක් බිව්වා. ගෙදර ආවා. මහන්සියි. රස්නෙයි. හිසරදෙයි.

ආයෙ දවල්ට කාලා නිදාගත්තා. නැගිට්ටෙ හතට විතර. ඒත් හිසරදය එතරම් අඩු නැහැ. කම්මැලිකමට මේක ලියන්න ගත්තෙ.

මේ දවස් ටිකේ පරණ පුරුදු ඒවා ලියන්න හිතුණෙ නෑ. කම්මැලියි. :D නිකමට හිතු‍ණා ටිකක් වෙනස් දෙයක් ලියන්න ඕන කියලා. ඒකයි අර කූඩැල්ලන් සම්බන්ධව එකක් එහෙම ලියන්න හිතුණෙ.

මැරතන් එකට තව දවස් කීපයයිනෙ. එතකොට ලියන්න බැරියැ!

Posted on 15 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


5 Comments to “හිසරදය සහ ටවුම පුරා ඇවිදීම”

#1 Posted by කාලිංග (15.04.08 at 19:50 )

ආ.. මෙයත් අර කාගේද ගෙදරට නායා අවා වගේ කාතාවක් නේ :-D එළ ප්ලේන්ටී… ගනන් ගන්න එපා… විහිලුවක් කරේ…. ප්ලේන්ටී…

#2 Posted by මධුරංග (15.04.08 at 20:23 )

“අද මාර රස්නෙයි. අව්වත් තදයි. මං හරිම අකමැතියි. ගොඩක් අය නුවර කිව්වාම හිතාගෙන ඉන්නෙ හරිම කූල් ලස්සන ‍පළාත කියලනේ. මොන පිස්සුද? පායන්න ගත්තම ඉන්න බෑ පිස්සු හැදෙනවා.”
-අනේ අපේ සිහිනලන්තයට මේ මොකද වෙන්නෙ????

#3 Posted by නිදහස (15.04.08 at 22:39 )

නුවර ඉන්න උදවියට ඒ පලාතේ අගයක් නෑ නෙව. මොනව වුනත් පේරාදෙණීය තමා මරු . මොනව කරන්නද? :(

#4 Posted by su (16.04.08 at 09:46 )

1- aaye cocacola bonna EPA ! meka anak. :evil:
2- Devon nugegoda ekanam charter. man e gena pase kiyanam :mad:

#5 Posted by Lahiru (17.04.08 at 01:45 )

නුවර තමා එලම… එල කියන්නෙ එලම එල. :smile: