Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

පූස් පින්තූර

ටිටී සහ කුකුෂ්කින්ගෙ පින්තූර හොයාගන්න බැරිවුණා. ඒ හින්දා අපේ පූසන්ගේ පින්තූර දෙකක් දාන්නයි යන්නෙ

මේ ඉන්නෙ කෝඩි - නියම පූසෙක්!

මේ ඉන්නෙ යූලා - කෝඩිගේ බාල සහෝදරයෙක්

කලින් පොඩි වැරදීමක් වුණා. අංකල් කියන්නෙත් කුකුෂ්කින්ට තමයි කියලා මතක් වුණා. :D නිදිමත හින්දද කොහෙද ලියන දේ හරියට ලියවෙන්නෙ නෑ වගෙයි. කමක් නෑ.

කොහොම කොහොම හරි ටිටී හෙවත් අග්ගල පූසයි කුකුෂ්කිනුයි නියම වැඩ තමයි දෙන්නේ. ‍ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා අත්තම්මගේ ගෙදර වහලා තියන කෑම සහෝදරයො දෙන්නා එකට එකතුවෙලා හොරකම් කිරීම ගැන. මේ ළඟදි පිඟානකින් වහලා තිබුණු මාළු වගයක් මේ දෙන්නා එකතුවෙලා පිඟාන ඉවත් කර හොරකම් කරලා තියෙනවා. කළොත් කරන්නෙ ඔය වගේ වැඩක් තමයි. මොනවා වුණත් ඒ වැඩේට දක්ෂයි. පුළුවන් වුණොත් ඒ දෙන්‍නගෙ පින්තූර ටිකක් දාන්න බලන්නම්.

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.