Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

කෑම කෑවා රාත්‍රියට

දඩි බිඩි ගාලා බත් ටිකක් ගිල දැම්මා. අප්පච්චි අරහෙන් කෑගහනවා හරියට වෙලාවට කන්නෙ නෑ අරකයි මේකයි ගාලා. අනේ ඉතින් මං මොනවා කරන්නද? :D

බත් කන අතරේ ආවා කුකුෂ්කින්. මං ඌව එළවලා දැම්මා. කුකුෂ්කින් කියන්නෙ අත්තම්මලාගේ පූසාට. ඌ මහ එපාකරපු පූසෙක්. හොරෙන් කන්න ඌ තරම් ජගතෙක් නැහැ. කුකුෂ්කින් කියන්නෙ උගේ මුල් නම නෙමෙයි. මුල් නම චූටි කුකූ. චූටි නැන්දා තමයි ඒ නම දැම්මේ. ඔය නම ඉතින් කුකූ විදියට කෙටි වෙලා පරිණාමය වෙලා කුකුෂ්කින් බවට පත්වුණා. කුකුෂ්කින් කියන්නෙ ‘සැබෑ මිනිසෙකුගේ කතාවක්’ පොතේ චරිතයක්. ඒ චරිතයට වඩා මේ පූසගෙ ලක්ෂණ වෙනස් හැබැයි.

මූ ගොඩක්ම දක්ෂ හොරෙන් කන්න සහ අනිත් අයගේ කෑම උදුරගෙන කන්න තමයි. මෙයාගේ සහෝදරයාගේ නම ටිටී හෙවත් අග්ගලේ හෙවත් අංකල් - නම් ගොඩයි :lol: අංකල් ගැන විස්තර ඊළඟ ලිපියේදි කියන්නම්. මේ දෙන්නාම එකතු වෙලා තමයි කෑම හොරකම් කරන්නෙ. කුකුෂ්කින් අපේ පූසො දෙන්නට දෙන කෑමත් උදුරගෙන කනවා. දැන් අපේ පූසෝ ඌට හොඳ හොඳ පරවල් දෙන්නයි පුරුදු වෙලා තියෙන්නෙ. වෙලාවකට කටේ බත් තියාගෙන කුකුෂ්කින් දුවන හැටි දැක්කම හිනායනවා පණ යනකං! :D

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.