Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

මැරතන් දිවිල්ල සහ නිදිමත

චැහ් දැන් නම් නිදිමත ටිකෙන් ටික වැඩිවීගෙන එනවා. ලියන්න කිසිම දෙයක් ඔළුවට එන්නෙත් නෑ. දැන් පූසෝ ගැන ලිය ලිය ඉඳලා අන්දමන්ද වෙලා වගේ වටපිට බලමිනුයි ඉන්නේ. දැන් දැක්කා කුකුෂ්කින් ඉදිරියෙන් ඇවිදගෙන ගිය ආකාරය. හපොයි දැන් නම් කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ ලියන්න. දැන් රේඩියෝ චැනලයේ කතාකරන්නෙ වරුණ අයියා. දැන් ටිකකට කලින් දිව ටිකක් පැටළුණා.

ආ මෙන්න කුකුෂ්කින් මං ගාවින් ඇවිදගන ගියා. මොනවද ඌ හොයන්නෙ. ඒ පාර ඌ උඩ බලනවා. හූනෝ අල්ලන්න හිතිලද දන්නෙ නෑ. ආයෙ යනවා කුස්සිය පැත්තට. මූ නම් මාර බඩජාරියෙක්. පූසොත් දැකලා තියෙනවා මෙහෙම පූසෙක් දැකලා නෑ.

අනේ මන්දා නිදිමත හින්දා වෙන්න ඇති කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙ නෑනෙ! ඔන්න ඒ පාර pizzahut අනුග්‍රහයෙන් වෙලාව කියනවා වරුණ. හපොයි දැම්මෙ නැතෑ තව සිංදුවක් - මේවට පුදුම නිදිමතක් තමයි එන්නේ!

හරි ඊළඟට ලියනවා මගේ කසිකබල් ෆෝන් එක ගැන. මොනවා හරි ගැන ලියන්නත් එපායැ? :D

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.