Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

අංකල් ගැන තවත් තොරතුරු

මෘදුකාංග අරවා මේවා ගැන ලියන්න හිතුවට ඒක කරන්න අමාරුයි වගේ. ඉතින් සාමාන්‍ය හෑලි ලියන්න කල්පනා කළා.

මේ ලියන්නේ සාමාන්‍ය අංකල්ලා ගැන නෙවෙයි හො‍ඳේ? :D මේ ලියන්නෙ අත්තම්මලාගේ ගෙදර ඉන්න කුකුෂ්කින්ගෙ සහෝදර පූසා වන අග්ගලේ හෙවත් අංකල් ගැන. මෙන්න දවසකටත් පූසා! අංකල්ට තරම් කෑම පිළිබඳ ආසාවක් තවත් පූසෙකුට නැතුව ඇති (කුකුෂ්කින් හැරෙන්නට) මොකද මේ පූසා කෑම හොරකම් කරන්නේ බොහොම දක්ෂ තාලයට. පුරුදු කළොත් බැංකුවක් වුණත් කඩන්න බැරි නෑ :P

අංකල්ව පේන්න බෑ ගොඩක් අයට. ඌ දුඹුරු/තැඹිලි පාටක් තියෙන පූසෙක් නිසා කියලයි ගොඩක් අය කියන්නෙ. මොකද ‍අපේ ගෙදර අනිත් පූසෝ ඔක්කොම කළු/සුදු වර්ණ වලින් යන නිසා. අංකල්ගෙ ලොකුම හතුරා අපේ ගෙදර ඉන්න ‘යූලා’ කියන පූසා තමයි. දැක්කොත් ඉවරයි! වලියක් යන එක ෂුවර්.

අනිත් එක්කෙනා අපේ බකියා. බකී කියන්නෙ අපේ සුනඛ මහතා තමයි. ඌටත් අංකල්ව පේන්න බෑ. දැක්කොත් ගිහිල්ලා හපලා ජංජාලයක් කරනවා ෂුවර්.

කුකුෂ්කින්ට මේ ළඟකදි ඉඳන් අපේ අනිත් පූසා කෝඩිගෙන් හරියට කරදර. කෝඩිට තද වුණාම යන හැටි බලන්න ආසයි. වලිගය පුම්බාගෙන ගිහින් දෙනවා කුකූට කන පැළෙන්න!

අංකල් සහ කුකුෂ්කින් සහයෝගයෙන් කළ වැඩ ගැන ඉදිරියට :lol: පින්තූර බලාපොරොත්තු වෙන්න.

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.