Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

යූලා නිදාගන්න ලෑස්තියි

මං මේ බලාගෙන හිටියෙ යූලා මොකද කරන්නෙ කියලා. දැන් ගෙදරට ඇවිල්ලා. ඒගොල්ලො ගොඩක් වෙලාවට යනවනෙ රට වටේ රවුම් ගහන්න. දැන් සෙටිය උඩට ඇවිත් ඇඟපත හෝදගන්නවා ;)

පූසෝ නියමයි. ආ අත්තම්මලගේ පූසියක් ඉන්නවා ‘මාලිකා’ කියලා - එයා ඊයේ පැටව් දාලා. මං හරියටම දැක්කේ නැහැ තවම. එක පැටියෙක් ටිකක් යූලා වගෙයි. අනිත් පැටියා මාලිකා වගෙයි. කෝඩි සහ එයාගෙ සහෝදර අම්බු (දැන් ආගිය අතක් නැත) ගේ අම්මා තමයි ‘මකරා’ හෙවත් ‘සුදු නංගි’ කියන්නෙ. දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ. යූලා මේගොල්ලන්ගෙ බාල සහෝදරයෙක්. තව සහෝදරියක් හිටියා Q කියලා - එයා මැරුණා කාලෙකට කලින්. ෂැක් අපේ ගෙදරයි අත්තම්මලාගේ ගෙදරයි ගත්තම පූසෝ බල්ලෝ ඉන්නවා ඕන තරම්

කෝ බලන්න - යූලා තවම මුහුණ කට සෝදනවා. කෝඩි ඒ අසළ නිදි. වෙලාවකට කෝඩියි යූලයි රණ්ඩු වෙනවා මං දැකලා තියෙනවා. කොහොම කොහොම හරි මං කැමතිම පූසා කෝඩි තමයි. වෙලාවකට මිනිස් පාටයි. කෑම කාලා ඉවර වුණාම දොර ළඟට ඇවිත් දොර අරිනකල් බලාගෙන ඉන්නවා එළියට යන්න. අනිත් පූසෝ සෙට් එක ව‍ගේ නෙමෙයි. එයා අඬන්නෙ තදටම බඩගිනි වෙලාවට විතරයි. ගොඩාක් ඉස්සර නම් කෝඩි උදේට ඇවිල්ලා අපි නිදාගෙන ඉඳිද්දි ඇඟ උඩට පැනලා මහා ජංජාලයක් ‍කරනවා. දැන් නම් එච්චර හුරතලයක් නෑ. මේ තියෙන්නෙ කෝඩිගේ තවත් පින්තූරයක්.

Posted on 19 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “යූලා නිදාගන්න ලෑස්තියි”

#1 Posted by Vishva Kumara (19.04.08 at 09:16 )

අපේ සුදු පූසා උංගිත් ඔයාගේ කෝඩි වගේම තමයි. අනිත් පූසා අලු පාට වයිරං පූසියෙක්, පැටවු ගොඩාක් දාලා තියනවා හැම තිස්සෙම ඤාව්ව තමයි, බඩගිනි වුනත් නැතත්.