Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

මැරතන් එකේ තත්ත්වය

මොකට කියනවද මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයිනෙ බලාගෙන යනකොට. කෝ බලමු, අපි දැන් පැය පහමාරක් විතර අවදියෙන්. කලින් නම් මමත් ‍ලොකුවට කිව්වා ලියමු ලියමු සිම්පල්නෙ කියලා. දැන් තමයි තේරෙන්නෙ :D හරිම අමාරු වැඩක්. ලොකුම ප්‍රශ්නෙ නිදිමතත් නෙමෙයි. අදහස් එන්නෙ නැති එක. ඇයි දෙයියනේ වෙනදට නම් දවසට එක පෝස්ට් එකයිනෙ. අද ඉතින් ලියන්න එපෑ දවස පුරා - ඒ මදිවට රේඩියෝ එකත් නැවතිලා. හරිම අමාරුයි ඒක නැතුව. නැවත අරඹාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ඇයි කතාවක් තියෙන්නෙ වැරදීම දේව ගතියක් සමාව දීම…. ආ නෑ - වැරදීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා ;)

දැන් නම් කෙටි විවේකයක්වත් (විනාඩි පහක වගේ) ගන්න ඕන - හරිම අමාරුයි. කවුරුහරි මේක කියවනවානම් comment එකක්වත් දාන්න - පුදුම නිදිමතක් තියෙන්නෙ. :D

Posted on 19 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “මැරතන් එකේ තත්ත්වය”

#1 Posted by Dhanu (19.04.08 at 02:16 )

hari machan….
api kiyawanawa.

nida ganne nathuwa liyapan :lol:
Jaya weva !!!!!!!!!