Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
12 Jun
මේ දවස්වල බස් චෙක් කරනවා වැඩියි. ඊයේ ඇස් පරික්ෂා කරගන්න ගිහින් එනකොට ගොඩක් රෑ වුණා. දිවා රෑ කියලා වෙනසක් නැහැ, බස් එක රාත්‍රියෙදිත් පරික්ෂා කළා. ඒක නම් ඉතින් කමක් නැහැ.හොඳ වැඩක්. වාසනාවට වගේ බස් වල යන අය ඒ ගැන මැසිවිලි නගන්නෙත් නැහැ.
ඔන්න අදත් ටවුමට ගියා පොඩි වැඩ වගයකට. යන ගමන් ධර්මරාජ විද්‍යාලය හරියේදි බස් එක නවත්තනකොට අමුතු සද්දයක් ආවා. මට ඒක එච්චර ගාණක් ගියේ නෑ. පොලිසියත් හිටපු හින්දා මං හිතුවෙ චෙක් කරන්න නවත්තන්න ඇති කියලා. කට්ටිය බහින ගමන් එක්කෙනෙක් කිව්වා ‘යන්න හම්බවෙන්නෙ නෑ බහින්න’ කියලා. ඊට පස්සෙ බලනකොට තමයි දැනගන්න ලැබුණේ බස් එකේ රෝදයක් ගැලවිලා කියලා
මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි ඇත්තටම. ධර්මරාජ විද්‍යාලය හරියට එන්න කලින් ලේවැල්ල පැත්තෙ තියෙන්නෙ පොඩි කන්දක්. ඒ හරියේදි එහෙම රෝද ගැලවුණානම්…
මෙන්න බස් එකේ පින්තූරයක්:

ආශ්රිත ලිපි
5 Responses for "බස් කරදර"
mokada ban… uba yana busuth ala wenawa ne
අරයා හම්බ වෙන්න යනකොට ද වුනේ? ඔහොම තමයි ආදරේ කටුකයි.
අර කියලා තියපු තැන ළඟ ගැලවුනානම් ඉතින් මලින්තට දෙවි පිහිටයි!
ඔහොම යනකොට අපි යන එන බස් වල එන්ජිමත් ගැලවිලා වැටෙයිද දන්නෑ
His bada giyanam bus eka elawenne naha .
Leave a reply