ඉතින් ආයෙමත් ලියන්නයි මේ සූදානම. අනේ ඉතින් මොකට කියනවද මේ පාරත් මොබිටෙල් m3 හින්දා ඔළුවත් අප්සට් කරගෙන ඔහේ ඉන්නවා උඩ බලාගෙන. මොනවා කරන්නද ඉතින්
හෙට ආයෙමත් slt එකට විසිට් එකක් දාලා මොකක්හරි කරගන්න බලන්න ඕන. මෙහෙම ගියොත් දෙකින් එකක් වෙලයි නවතින්නෙ. හරියන වැඩක් නෙවි. එක්කො පිස්සු හැදෙයි, නැත්තං කොම්පියුටරේ උස්සලා පොළවේ ගහයි. අනේ මන්දා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට මේවත් ප්‍රශ්නද කියලා හිතෙනවා ඇති. ඒත් ඉතින් මට දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක තමා
පහුගිය දවස් ටිකේ දකින්න ඇති පින්තූර කිහිපයක් දාලා තිබ්බා test කිය කිය. ඒවා එව්වෙ ජංගම දුරකථනයෙන්. ඒක ගත්තු දවස් වල දැක්කා ඒකෙම තියෙනවා Blogger වලට පින්තූර එහෙම පෝස්ට් කරන පහසුකමක්. මං ඉතින් ඒක අතඇරලා තියෙන නිසා කරන්න දෙයක් තිබුණෙ නෑ. කොහොම හරි වර්ඩ්ප්‍රෙස් වලට ඊමේල් මගින් ලිපි ලියන්න පුළුවන්. ෆෝන් එකෙන් ඊමේල් යවන්න පුළුවන් හින්දා ඒක අටවලා බැලුවා. ඒකට POP3 ගිණුමක් මගින් ලිපි ලියන්න පුළුවනි. කොහොම වුණත් ජීමේල් වගේ සේවා පාවිච්චි කරන්න එපා කියලා තිබ්බා.
අටවලා බැලුවට ඒක හරියටම වැඩ කළේ නෑ. පින්තූර එහෙම අමුණලා එවපු වෙලාවල් වල අකුරු තොගයක් ඇවිල්ලා වැඩේ සම්පූර්ණයෙන්ම අල වුණා. ඊට පස්සෙ තමයි Postie ගැන දැනගන්න ලැබුණෙ. ඒක මගින් පින්තූර එවීමත් හරියටම කරගන්න පුළුවන් වුණා. වර්ඩ්ප්‍රෙස් මගින් එවපු ඊමේල් පරික්ෂා කරන්න cron එකකුත් ඇටෙව්වා. දැන් අවුලක් නැතිව වැඩ. ඒත් ඉතින් කොහෙවත් ගියේ නෑ තවම ජංගමව ලිපි ලියන්න
ෆෝන් එක ගත්තු දවස්වලම ගාලු යන ගමන් ලිපි ලිව්වා මතකත් ඇති. ඒකෙ පොඩි අවුලකට තිබ්බෙ පින්තූර එහෙම සබැඳුමක් විදියට ආපු එක තමයි. ඒ මදිවට ඒ ප්ලගින් එක හින්දා තව තව අවුල් වගයකුත් ආවා.
වර්ඩ්ප්‍රෙස් ගැන කියනකොට, සිංහල පරිවර්තන දැන් ඉවරයි. ඉවරයි කියන්නෙ 2.6.3 සඳහා. අපි ලෝන්ච්පෑඩ් එකේ කරපු හින්දා අලුත්ම එක නෙවෙයි ඉවර කරේ. 2.7 සඳහා අවශ්‍ය කටයුතු දැන් ඉවර කරන්න ඕන. ඒ වගේම සිංහල වර්ඩ්ප්‍රෙස් නිකුත් කරන්න වෙබ් අඩවියකුත් නිකුත් කරන්න අදහසක් තියෙනවා.
අදට එපමණයි. ජයවේවා.
5 comments Click to reply »
නොවැම්බර් 9th, 2008
i shall refrain from commenting. you can thank me later
නොවැම්බර් 9th, 2008
ආ නැත්තං කියලම දාන්නං. ඇයි අර rendez-vous එකට යන ගමන් මොබයිල් බ්ලොග් කරත හැකි නෙව. බිපෙසි!!!
නොවැම්බර් 10th, 2008
itin ban uba okkoma karala tiyenne M3 walinne… ie baninne??
නොවැම්බර් 11th, 2008
@Krishan: මොනවා කළත් ඉතින් බිල වැඩිවුණාම හිතට හරි නෑනෙ
තරහ පිටකරගන්න බනින්නම වෙනවා
දෙසැම්බර් 10th, 2008
Hi!
your sinhala blogger site is good..I am a student @ Facaluty Of Engineering Technolgy , OUSL . I’m new to bloggger world . Your effort is good…