විකිස්කෑනරය සහ අවුල් ජාලය | WikiScanner and Chaos

විකිපීඩියා යනු (අප හැමෝම දන්නා පරිදි 🙂 ) අසීමිත තොරතුරු සංඛ්‍යාවක් සහිත විශ්වකෝෂයක්. මෙහි විශේෂත්වය ඕනෑම අයෙකුට මෙහි සඳහන් වෙන ඕනෑම ලිපියක් වෙනස් කළ හැකිවීමයි. මෙනිසා ඕනෑම අයෙකුට බොහෝ විකිපීඩියා ලිපි තමන්ට කැමති ආකාරයට සකස් කරන්නට හැකියාව තිබෙනවා. මීට සති කීපයකට පමණ පෙර වර්ජිල් ග්‍රිෆිත් නම් ඇමරිකානු ශිෂ්‍යයෙක් විසින් විකිපීඩියා ස්කෑනරය නම් මෘදුකාංගය හඳුන්වාදීමත් සමග ඇතිවූයේ එසේ මෙසේ අවුලක් ‍නම් නොවෙයි! 😀 මෙම මෘදුකාංගය මගින් යම් ලිපියක් සංස්කරණය කර ඇත්තේ කවුදැයි සොයාගෙන එම අයිපී ලිපිනය (IP Address) අයිපී ලිපින නාමාවලියක් සමග හරස් යොමු කෙරෙයි. මෝල්ටාස්ටාර් වාර්තාවට අනුව ‍බොහෝ සමාගම් විසින් තමන්ට අවාසිදායක තොරතුරු ඉවත් කිරීමත්, තරඟකාරී සමාගම් වල ලිපි වලට ඍණාත්මක තොරතුරු ඇතුළත් කිරීමත් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙනිසා බොහෝ සමාගම් දැනටමත් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන බව ආරංචියි! මෝල්ටාස්ටාර් වාර්තාවේ තිබූ එළිදරව් කීපයක් මෙසේයි:

  • ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමේ ලිපි වලට ඍණාත්මක තොරතුරු එක්කරන බව
  • මයික්‍රොසොෆ්ට් සමාගම ඇපල් සමාගමේ ලිපි වලට ඍණාත්මක තොරතුරු එක්කරන බව
  • ‍ඩෙල් පරිගණක සමාගම ඔවුන්ගේ පාරිභෝගික සේවය පිළිබඳ ඍණාත්මක තොරතුරු ඉවත්කරන බව
  • කොකා කෝලා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වල ප්‍රතිඵල පිළිබඳ ඍණාත්මක අදහස් ඉවත්කරන බව
  • මයිස්පේස් මගින් ඔවුන්ගේ වෙබ් අඩවිය ‘හැක්’ කළ බව කියවෙන තොරතුරු ඉවත්කරන බව සහ තවත් බොහෝ තොරතුරු!

සම්පූර්ණ මෝල්ටාස්ටාර් වාර්තාව: Student’s program sends PR chaos in Wiki-scandal

Wikipedia is an Encyclopedia with an enormous amount of information (as we all know 🙂 ) The main feature of Wikipedia is that anyone can edit almost any article listed there. Because of this feature anyone can change any article to their liking. Few weeks before, an American Student named Virgil Griffith released a program called Wikipedia Scanner (also called WikiScanner) that caused chaos among the most recognized companies in USA and the World. 😀 This program finds edits done to articles and the IP Address of the editor. Then the IP Addresses are cross referenced with an IP Address Directory. According to the MaltaStar Report, many famous companies have removed negative information from articles regarding their products, and they have added negative information to their rivals articles. This revelation has caused many companies to act defensively on further actions 😀 Here are some revelations from the MaltaStar Report:

  • Apple adds negative information to Microsoft’s articles
  • Microsoft adds negative information to Apple’s articles
  • Dell removes negative information regarding their customer service
  • Coca Cola removes negative information about it’s effects
  • MySpace removes information on their website hack and many more…

Full Report: Student’s program sends PR chaos in Wiki-scandal

3 thoughts on “විකිස්කෑනරය සහ අවුල් ජාලය | WikiScanner and Chaos

  1. Hey there, thanks for leaving comment on my blog Bontb (http://www.bontb.com) I really appreciate that. I posted results on same page , thanks to you and others my experiment was successful. Subscribe to my feeds, in few day’s I will post interview with Aaron author of SEO BOOK

  2. ඇයි ඒ විතරක් නෙවෙයි. ලංකාවේ සමහර විශ්ව විද්‍යාල ගුරුවරු තමුන්ගේ ම නම් තමුන් විසින් ම විකිපීඩියාවට ඇතුළත් කරගනිමින් ලාභ ප්‍රචාරයක් ලබාගැනීමට වෑයම් කළ අවස්ථා ද මෑත දී වාර්තා වුණා. ඔවුන් දැනගෙන සිට නෑ අයි පී සහ පරිශීලක නාමය වාර්තාගත වන බව

    මේ පිටුව සහ එහි සාකච්ඡා පිටුව බලන්න
    http://en.wikipedia.org/wiki/Kandyan_Dance

    ඔන්න අපේ රටෙනුත් ඒකට සම්මාදමක් වෙලා තියෙනවා. කාටද ආඩම්බර?

  3. අයියෝ! ලංකාව ගැන තියෙන විකිපීඩියා entries නම් මම තව දුරටත් කියවන්නෙත් නැහැ, edit කරන්නෙත් නැහැ. මම ඉතාම සද්භාවයෙන් යම් යම් වැරදි කරුණු රාශියක් නිවැරදි කළා. නමුත් මොකද වුණේ? ඒවා නැවතත් වෙනස්කර ඒ වැරදි තොරතුරු ඒ ආකාරයටම තිබෙනවා දකින්නට ලැබුණා.

    උදාහරණයක් හැටියට,මේ ළඟදී මම රනිල් වික්‍රමසිංහ entry එකට ගියා. ඔහු රටේ විපක්ෂ නායකයා වුණත් ඔහුව හඳුන්වා තිබුණේ රටේ අගමැති ලෙසයි. මම මෙය නිවැරදි කොට ඔහු හිටපු අගමැති සහ වර්තමාන විපක්ෂ නායක ලෙස සටහන් කර තිබුණත් දින දෙකකට පසු නැවත ඔහු රටේ අගමැති ලෙස එය වෙනස්කර තිබුණා.

    මේවාගේ දේශපාලන උණෙන් පෙළෙන අය නිසා බොහෝවිට විකිපීඩියාවේ තිබෙන ලංකාවේ දේශපාලන තොරතුරු වැරදියි.

    තවත් සමහරු විකිපීඩියාව තමුන්ගේ බූදලයක් ලෙස සලකා කටයුතු කරණවා. කොළඹ නගරය ගැන තිබෙන සටහනේ සඳහන් වුණා ජනගහනය ලක්ෂ 3 යි කියා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එය ලක්ෂ 6 1/2 ක් විය යුතුයි. මම එය නිවැරදි කළා. ඊට පසු බලන විට මා ලියු දේ වෙනස් කර වැරදි තොරතුර නැවත ඒ විදියටම තියෙනවා දකින්නට ලැබුණා.

    ලංකාවෙන් පිට ජීවත් වන දෙමළ අයත් බොහෝ වැරදි සහ ජාතිවාදී කරුණු මෙන්ම LTTE එක උස්සා තබන දේවල් ලියනවා.

    තවත් මම නිරීක්ෂණය කරපු කරුණක් තමයි ලංකාවේ පුද්ගලයන් ගැන ලියා තියෙන entries වල ඒ අයගේ උපන් වර්ෂය හෝ වයස සඳහන් වන්නේ නැහැ. අපි වයසට යනවට බය ජාතියක්ද?

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *