Ubuntu 8.04 Released

උබුන්ටු 8.04 නිකුත් කරලා! දැන් ඉතින් බල බල ඉන්න දෙයක් නෑ. ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරගන්න. මම නම් නොමිලේ සීඩී එකක් request කළා ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් නැති නිසා – Mobitel M3 Limited Bandwidth 🙁 කොහොමත් ඉක්මණට එයි කියලා බලාපොරොත්තු වෙනවා සීඩී එක.

කලින් පාර උබුන්ටු දාපු වෙලේ ගොඩක් ආසාවෙන් පාවිච්චි කළා. ඒත් හාඩ් ඩිස්ක් එකේ ඉඩ මදිවෙලා, සිංදු වගයක් ඒකට කොපි කරන්න වුණු නිසා ඉවත් කරන්න වුණා. දැන් අලුතින් හාඩ් ඩිස්ක් එකක් ගන්නයි හිතාගෙන ඉන්නෙ.

උබුන්ටු ලබාගන්න මෙතැනින්: http://www.ubuntu.com/getubuntu

4 thoughts on “Ubuntu 8.04 Released

  1. අපිනම් update කරලත් ඉවරයි…… අදම දාන්නම් බ්ලොග් එකෙ එක කරන්නෙ කොහොමද කියලා ලෙසියෙන්ම….. නරකද ඔයත් linux දා ගත්තොත් මලින්ත ?

  2. මමත් update කලා. CD එකකුත් එවන්ඩ කියලත් ඉල්ලුවා.
    blog එකටත් විස්තරයක් දැම්මා 😀
    සඳගිර
    යසස්වන්ට කියන්ඩ …… උබුන්ටු කියන්නෙ කන්ඩ පුළුවන් ජාතියක් නං නෙමෙ. හැබැයි පාවිච්චි කරන මිනිස්සුංව අමාරුවෙ දාන්නෙ නැති මෙහෙයුම් පද්දතියක් කියලනං 100% විස්වාසෙන් කිව්වැකි. 😀

  3. ඒක ඇත්ත. වින්ඩෝස් වලට ඇබ්බැහි වෙච්ච අයට නං ටිකක් අමාරු ඇති. ඒත් පුරුදු වුනාම මාර ලේසියි. ඒ වගේම Powerful. මේ කිව්වේ yasaswan ට.

Leave a Reply to yasaswan Cancel reply

Your email address will not be published. Required fields are marked *