මේ දවස් ටිකේම ඇවිදින එකමයි වැඩේ. මට වැඩිය ඇවිදින්න ව්‍යායාම් කරන්න ලැබෙන්නෙ නැති නිසා 😀 දැන් නම් හොඳ ගණන්. ඊයේ කුරුණෑගල ගිහින් ආවා. දැන් මුළු ඇඟපතම රිදෙනවා 😉 ඊට කලින් දවසේ ක්ලාස් එකට ගිහින් ආයේ ටවුමට ආවෙත් පයින්මයි. (ඒ නම් ජොලියට) ඊටත් කලින් දවසේ මල්ලිව ක්ලාස් එකෙන් එක්ක එන්න කියලා ගිහින් අන්තිමට එහෙටත් පයින්ම යන්න වුණා. එදා නම් මට පිස්සු වගෙයි. කකුල් දෙක කැඩෙන්න වගේ රිදෙනවා. හික් හික් – ඇවිද්ද පය දහස් වටී!
මේ දවස් වල නම් උෂ්ණත්වය ටිකක් අඩුයි වගේ. ඒත් ගිය සතියේ දරන්න බැරි තරම් රස්නයක් තිබුණේ. ගමේ බස් නවත්තන තැනට ගියාම පිස්සු හැදෙනවා. හැමදේම වේලිලා ගිහින්, අව්වයි දූවිල්ලයි. වාහනයක් පාරේ ගියාම ඉහළ නගින දූවිල්ල දැක්කම පුදුම හිතෙනවා. රස්නය දරන්න අමාරුයි. තිබහයි. දාඩියයි. ඒ වෙලාවට හිතෙනවා මේ නුවරද නැතිනම් වෙන කොහේ හරිද කියලා.
මගේ නිදාගන්න ඉරියව්වේ අප්සට් එකක් නිසාද කොහෙද අතේ එක තැනක් රිදෙනවා. මං සාමාන්‍යයෙන් කොට්ටය උඩ ඔළුව තියාගෙන නෙවෙයි නිදාගන්නේ. එක්කෝ අත උඩ කොට්ටය, කොට්ටය උඩ ඔළුව සහ ඔළුගෙඩිය උඩින් තවත් කොට්ටයක් වගේ තමයි! 😀 (ඒකත් නිකං සැන්ඩ්විච් කරලා වගේ) මොකක් හරි කරලා බලන්න ඕන.
මේ දවස් ටිකේ අලුතින් මුකුත් ලියන්න හිතුණේ නෑ. අලුත් තොරතුරුත් වැඩිය නැහැ. සිංහල බ්ලොග් කියවනය ආරම්භ කළ එක ගැන මං කිව්වනෙ. ඒක නම් හොඳට වැඩකරනවා. අලුතින් බ්ලොග් කිහිපයකුත් එකතු වුණා.
අදට මේ ඇති නේද? වැඩකට ඇති දෙයක් හෙට අනිද්දා ලියන්නම් 😀
ඇත්ත කියපං. ඔය පයින් යන්නෙ වෙන හේතුවකට නේද? 😛