අන්තර්ජාලයේ සිට ෆොන්ට් හදන්න FontStruct

සාමාන්‍යයෙන් තමන්ගෙම කියලා ෆොන්ට් එකක් හදන එක ‍එතරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ සඳහා මං හිතන හැටියට නම් ගොඩක්ම පාවිච්චි කළේ Fontlab, Fontographer වගේ මෘදුකාංග වෙන්න ඇති. මාත් දෙතුන් පාරක් හදන්න අරගෙන එහෙමම දමලා ගහලා නිකං ඉඳලා තියෙනවා 😉

මෙන්න ඒ කටයුත්ත පහසු කරන නවතම විදිය. FontStruct. අන්තර්ජාලයේ ඉඳගෙනම ෆොන්ට් එකක් හදන්න පුළුවන් නියම සේවාවක්. ෆ්ලෑෂ් මගින් ධාවනය වෙන මේ සේවය මගින් ඔබට ඕනෑම ෆොන්ට් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන්. භාෂා රැසක්ම තියෙනවා. විශේෂත්වය සිංහල භාෂාවටත් සහය දැක්වීම තමයි. ඔව්, ඔබට එතැනින් සිංහල තෝරලා කිසිම ගැටලුවක් නැතිව සිංහල ෆොන්ට් එකක් හදන්න පුළුවන්. FontStruct වෙබ් අඩවියට ගියාම ඒක පාවිච්චි කරන විදිය ගැන ලස්සන සජීවීකරණයකින් බලාගන්න පුළුවනි.

ෆොන්ට් එක හරියටම හදන්න අවශ්‍ය Blocks අපට ලැබෙනවා. මේ Bricks විවිධ හැඩතල වලින් තියෙන නිසා ෆොන්ට් එක ලස්සනට සුමුදු විදියට සකසගන්න පුළුවන්. ඒක සකසන අතරේ වැඩ නවත්තන වෙලාවට ඒක සුරකින්නත්, පසුව ඉතිරි ටික කරන්නත්, හදලා ඉවර වුණාම ඔබේ පරිගණකයට ලබාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. TrueType විදියට තමයි ෆොන්ට් ලබාගන්න පුළුවන් වෙන්නෙ.

අවශ්‍ය නම් නිර්මාණය කරපු ෆොන්ට් බෙදාගැනීමේ හැකියාවත් තියෙනවා. බෙදාගැනීමෙන් පස්සේ ‍FontStruct වෙබ් අඩවියේ ගැලරියටත් ඔබේ ෆොන්ට් එකතු වෙනවා. උත්සාහයක් දීලා බලන්න. හොඳ ෆොන්ට් එකක් හැදුවොත් අපටත් එවන්න අමතක කරන්න එපා! 😉

Thanks Chamara!

FontStruct

4 thoughts on “අන්තර්ජාලයේ සිට ෆොන්ට් හදන්න FontStruct

  1. මේක නම් නියමයි! මාත් ලියාපදිචි වුනා. සිංහල අකුරුත් හදන්න පුළුවන් නිසා අගේ වැඩියි. මලින්තටයි, චාමරටයි දෙන්නටම ස්තූතියි… 😎

  2. Thank you very much,

    මමත් මේ වගේ අකුරු හදන ක්‍රමයක් සොයමින් හිටියේ.

  3. නුවර දළදා මාලිගවෙ කෞතුකාගාරයෙ පැරණි ලියවිලි වගයක් තියෙනවා “ගිරාගම” කියලා නිලමෙ කෙනෙක් සම්බන්දව. හරිම ලස්සන අකුරු. එවගේ ෆොන්ට් එකක් හදන්න පුලුවන් නම් …

Leave a Reply to චන්දිම Cancel reply

Your email address will not be published. Required fields are marked *