Writing in Frustration

මේ දවස්වල මං ඉන්නෙ ලොකු අසහනයකින්. හේතුව මේ අන්තර්ජාල සම්බන්ධතාවය තමයි. දැනට පාවිච්චි කරන මොබිටෙල් සම්බන්ධතාවයේ වියදම දරන්න අමාරුයි. මේ මාසයේ බිල හයදහසකටත් වැඩියි. මේක ගෙවන්නෙ කොහොමද කියලා කල්පනා කරන්න ගිහින් ඔළුවත් අප්සට් වෙලා වගේ.

පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට භාවිතය පාලනය කරන එක බොහොම අමාරුයි. ඒ නිසා මට මාත් එක්කම පුදුම තරහක් ඇතිවෙලා තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ වැඩ ඔක්කොම දමලා ගහලා නිකං ඉන්න. එතකොටවත් පාලනය වෙන්නෙ නැතෑ?

මං ජීවත්වෙන්නෙ පුදුම පළාතක. CDMA, ජංගම දුරකථන, රූපවාහිනී වැඩකළාට ADSL හෝ වයිමැක්ස් වැඩ නොකරන එක පුදුමයක්. ADSL ගැන විමසා බැලුවත් දැනගන්න ලැබුණේ මේ පළාතට ඒක ගන්න බැරි බව. ඩයලොග් මගින් වයිමැක්ස් ගැන විමසුවාම දැනගන්න ලැබුණා ආවරණයෙන් පිට බව.

ලංකා බෙල් මගිනුත් වයිමැක්ස් සේවාවක් ආරම්භ කරලයි තියෙන්නෙ. ඒ සේවාව ගැන මහ ඉහළින් බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ. කොහොමහරි නිවසටම ඇවිත් පරීක්ෂාවක් කරන්න තරම් ඒ අය කාරුණික වීම සන්තෝෂයට කරුණක්. ඒ කණ්ඩායමක් පහුගිය දවසක ඇවිත් උත්සාහ කළත් කිසිම සංඥාවක් ලබාගන්න බැරිවුණා. ඇයි මං මෙච්චර අවාසනාවන්ත?

දැන් නම් හිතෙන්නෙම මොබිටෙල් අතඇරලා දාන්න. ඒත් ආපහු ඩයල්අප් වෙත යනවා කියන එක බොහොම අමාරු වැඩක්. දැන් සන්ටෙල් ඩයල්අප් සම්බන්ධයේ වේගය මුල් කාලයට වඩා ගොඩක් අඩුයි.

මට මං ගැනම තරහයි.

නුවර ටවුමේ ඉඳන් අපේ ගමට තියෙන්නෙ කිලෝමීටර් හත අටක පොඩි දුරක්. ඇයි මේ දුරට adsl සම්බන්ධතාවයක්වත් ගන්න බැරි?

5 thoughts on “Writing in Frustration

  1. ඉවසල බලමු. මම මුලින්ම අන්තර් ජාලය භාවිතා කලේ 1998 විශ්ව විද්‍යාලයෙ පළමු චසරෙදි. පරිගණක 6 ක අන්තර්ජාල සම්බන්ධතා තිබුනෙ මුළු පීඨයටම.ඒ දවස් චල මැජික් වගේ තමයි. පැය ගනනක් පෝලිමේ ඉඳල තමයි මැජික් බැළුවෙ.

    අවුරුදු 10ට මොනතරම් දියුණු වෙලාද?

  2. Hey machan do u hv SLT land line….
    if so email me da number and check da possibility of getting SLT broadband….
    thx

    I felt really sad when i read this… 🙁

  3. Hey..

    I can give a good solution. I can help you to get Broad Band Sat Internet Connection. But you should take permission from TRC. If you can get permission we can help you. 😆

  4. කණගාටුවෙන් වුවත් මේකත් කියන්න ඕනේ . . .

    සකල සිරින් පිරි මේ සිරි ලංකාවේ ඒ. ඩී. එස්. එල්. සම්බන්ධතා වේගය අඩුයි . . . නමුත් අය කරන ගණන් නම් වැඩියි.

    උදාහරණයක් හැටියට මා සිටින ස්විට්සර්ලන්තයේ 3500 Kb/s (Unlimited Download) වේගයට මා මාසයකට ගෙවන්නේ ශ්‍රී ලංකා රුපියල් 6000 ක පමණ මුදලක්. ඒ එක්කම මට අමතර අය කිරීමක් නැතිව චිද්‍යුත් තැපැල් ලිපින 5 ක් ලැබෙනවා. මා දන්නා තරමින් 2000 Kb/s (Unlimited Download) වේගය සඳහා ශ්‍රී. ලං. ටෙ. මාසයකට රුපියල් 7500 ක් (වැට් සමග) අය කරනවා. ඔබලා 512 Kb/s (Unlimited Download) සඳහා රුපියල් 2600 ක් ගෙවනවා නේද?

    පේනවාද අසාධාරණය? පේනවාද ශ්‍රී. ලංකා ටෙලිකොම් අපේ පොකට් එකට තට්ටු කරන හැටි? ස්විට්සර්ලන්තයේ සමස්ත දළ වැටුප ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 4 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ ඒ අගය සමහර විට රුපියල් 10,000 ක් පමණ. ඉතින් අපේ ආදායමේ හැටියට අපි ගොඩාක් ගෙවන්න ඕනි නේද? ඉතින් කොහොමද ශ්‍රී ලංකාවේ e-Society එකක් බිහි කරන්නේ?

    අහෝ TRC, අහෝ ICTA, ඔබ කොහිද?

Leave a Reply to රාජිත Cancel reply

Your email address will not be published. Required fields are marked *