සමනළයා

අදත් ටවුමට යන්න වුණා පොඩි වැඩ වගයකට. මෙහේ උෂ්ණත්වය ගැන නම් ආයෙ කියන්නෙ නෑ මොකද කියලා වැඩක් නැති හින්දා. කොහොම හරි ඉතින් ඇවිදලා ඇවිදලා ඇවිත් බස් එකේ ඉඳගත්තා ආපහු ගෙදර එන්න.

අහම්බෙන් දැක්කා බස් එකේ වීදුරු දෙකක් අතරේ සමනළයෙක් හිරවෙලා හිටි හැටි. මං ඌව එළියට ගන්න ට්‍රයි එකක් දුන්නා. වීදුරුව එහාට මෙහාට කරලා බැලුවා. හයියෙන් අදින්නත් බයයි මොකද උගේ තටු කැඩුණොත් හෙණ ජංජාලයක් වෙන හින්දා. කොහොම හරි සීරුවෙන් වීදුරුවක් එහාට කරාට පස්සෙ ඌ එළියට ආවා. මං ඌට යන්න කිව්වට ගියේ නෑ. එතනටම වෙලා හිටියා. පිස්සු. මං අනිත් පැත්තෙන් වීදුරුවට තට්ටුවක් දැම්මා එතකොටවත් එළියට යයිද කියලා ඒත් ගියේ නෑ. වීදුරුව උඩටම වෙලා තමයි හිටියෙ.

කොහොම හරි ඉතින් බස් එක පිටත් වුණා. මං අයිපොඩ්ඩා කනේ ගහගෙන සිංදු ටිකක් අහ අහ හිටියෙ. ඔහොම ටික දුරක් යද්දි මගේ ඉස්සරහින් වාඩිවෙලා හිටපු නංගි කෙනෙක් අර වීදුරුව ඇරියා. හපොයි අර සමනළයා ආයෙමත් වීදුරු දෙක මැද හිරවෙලා. ඌ වෙර වීරිය දාලා එළියට එන්න හැදුවත් වැඩේ හරියන්නෙ නෑ. ඉඩ මදියි. මං වීදුරුව එහා මෙහා කරන්න හැදුවත් ඒක හෙලවෙන්නෙත් නෑ. තව ටිකක් ඉඳලා වීදුරුව එහාට කරනකොට ඌ මැරෙයි කියලා බයකුත් දැනුණා. කොහොමහරි දඟලලා ආයෙමත් ඌව එළියට ගත්තා. ආයෙත් යන පාටක් නෑ. වීදුරුව උඩට වෙලා බලාගෙන ඉන්නවා. කොහොමහරි ටික වෙලාවක් ගියාට පස්සෙ පියාඹලා යන්න ගියේ නැතෑ. හෙහ්, පිස්සු සමනළයෙක්.

15 thoughts on “සමනළයා

  1. මොකක් හරි ලොකු උවමනාවකට අමාරුවෙන් වීදුරු දෙක අතරට ආපු සමණලයෙක් ද දන්නෙ නැහැ එලියට දැම්මෙ. :mrgreen:

  2. අර ඉස්සරහ හිටපු නංගිට කතා කරලා සමනලයාව මුදා හැරීමට පියවරක් ගත්තා නං ගොඩක් දේවල් වෙනස් විදිහට කල් ඇතුව සිද්ද වෙන්න ඉඩ තිබ්බ 😆

  3. නැ නැ,…
    දැන් ගොඩක් දෙවල් සිද්ධවෙලා 😀

    ආරංචිවිදියට මලින්ත දැන් දවල් 1සිට 2දක්වා ඔන්ලයින් නැලු 😉

  4. හපොයි….. සමනලයත් එන්න ඇත්තෙ අවශ්‍යතාවයකට…. 😉

    හි හී… මොනව උනත් මරු එකට ලියලා තියෙනවා…. ලියලා තියෙන විදියට හිනාකාලා මැරෙනවා…..

Leave a Reply to අරවින්ද Cancel reply

Your email address will not be published. Required fields are marked *