කලකට පස්සේ

ගොඩ දවසකින් මුකුත් ලිව්වෙ නෑ. මේ දවස් ටිකේ එච්චර හොඳ තත්ත්වයකින් නෙමෙයි ඉන්නෙ. ඒවයින් කාටවත් වැඩක් නැති හින්දා ලියන්නෙ නෑ 😀

වර්ඩ්ප්‍රෙස් යාවත්කාල කරන එක ගැන ලිපියක් ලියන්න හිතාගෙන හිටියට ඒක අවශ්‍ය නැති වේවි. මොකද තව දවස් කීපෙකින් 2.7 නිකුත් වෙන්න නියමිතයි. ඒ අනුවාදයේ ස්වයංක්‍රීය යාවත්කාල කිරීමක් තියෙන නිසා ඉදිරියේදි ඒ කරදරයෙන් මිදෙන්න පුළුවන්.

2.7 නිකුත් වෙන බව දැනගත්ත ගමන් වර්ඩ්ප්‍රෙස් සිංහල වැඩ දඩිබිඩි ගාලා ආයෙ පටන්ගත්තා. දැනට 55% විතර තමයි ඉවර. හැකි ඉක්මනින් ඉවරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

හයියෝ වෙන ලියන්න දෙයක් නෑ. කිසිම දෙයක් ලියන්න හිතෙන්නෙත් නෑ. මාර අවුලක් 😀

3 thoughts on “කලකට පස්සේ

  1. ….
    ….
    අර කාටවත් වැඩක් නැති ඒවා ගැන කියවෙන මගේ කමෙන්ට් එකේ මුල කොටස මම ම අයින් කරගත්තා

    😆 මාර අවුල…

    බිපෙසි!

  2. කලබල වෙන්න එපා පුතේ, හදිසියට කොරහටවත් අත දාගන්න බැහැ කියල කියන කතාව අහල තියෙනව නේ, ඉතින් ඉඳ ගන්න වතුර ටිකක් බොන්න්න, ඊට පස්සෙ කල්පනා කරන්න.

Leave a Reply to Anandawardhana Cancel reply

Your email address will not be published. Required fields are marked *