නව මොබිටෙල් Zoom පැකේජය

ඔන්න ඉතින් ඊයෙ අලුත් පැකේජයට මාරුවුණා.

උදෙන්ම ටවුමට ගියා වැඩේ කරගන්න. ටවුමට ආවෙ මලයා එක්ක. පොරට විබාගෙ ඉවර හින්දා පොඩ්ඩක් ඇවිදලා KCC එකත් පෙන්නලා ගෙදර එක්ක ආවා 😀 මොබිටෙල් එකට යනකොටම කෝල් එකක් ආවා මොබිටෙල් එකෙන් මාරු කරන්න අත්සන් කරපු ලිපියක් එවන්න කියලා. ඉතින් එවෙලෙම ෆෝන් එකේ පිහිටෙන් ඊමේල් එකක් යවලා බිලත් ගෙව්වා. වැඩේ හරියි කියලා හිතාගෙන ගෙදර ගියා. ඊයෙ දනිස්ක නුවර පැත්තෙන් ගිය හින්දා තැටි වගයකුත් දෙන්නයි ආවෙ. ඒත් උදේ එද්දි ගන්න අමතක වුණු නිසා ආයෙ කොහොමත් ගෙදර එන්න වුණා.

එන ගමන් ආයෙමත් මොබිටෙල් එකෙන් කතා කරලා කිව්වා ගෙවපු නැති ගාණක් තියෙනවා කියලා. බැලින්නම් උදේ මොබිටෙල් නුවර ශාඛාවෙ සිස්ටම් අලයක් තිබුණා කියලා මතක් වුණා. ඒ මදිවට තව ඩිපොසිට් එකක් තියන්න ඕනලු. ඉතින් ගෙදර ඇවිත් තැටිත් අරගෙන ආයෙ මොබිටෙල් එකට ගියා. හපොයි සෙනග. පුදුම සෙනගක්. ඉස්සර වගේ නෙවෙයි දැන් එතන බිල් ගෙවන පෝලිම හෙණ දිගයි. පාරිභෝගික සහයට ඉන්න අය ළඟත් මාර busy. ඉතින් මක් කරන්නද ටිකක් වෙලා ඉඳලා ඩිපොසිට් එකත් දාලා ගෙදර ආවා.

අද ඉඳන්ලු මේක හරියට වැඩ කරන්නෙ. වැඩ නම් කරනවා ඉතින් 😀 3.6mbps තරම් වේගයක් තාම දැක්කෙ නෑ. සමහරවිට අර මුහුද යට කේබල් අලයත් බලපානවා ඇති. ඒත් ඉතින් අවුලක් නෑ.

Speedtest

මේ ළඟම එකෙන්. ඇමරිකාව පැත්තෙන් චෙක් කරනකොට ගොඩක් හෙමින්.

ඉතින් මේ වැඩේ ඉවර කරගෙන ගියා ඩැනියා හම්බවෙන්න. පොර දුම්රියේ ආපු නිසා මං ස්ටේසමට ගිහින් ප්ලැට්ෆෝම් ටිකට් එකකුත් අරගෙන (ජීවිතේ පළමු වතාවටයි ඕකක් ගත්තෙ) 😀 හිටියා. කොහොමහරි ඉතින් තැටි ටිකත් දීලා නරි ටීෂර්ට් එකත් අරගෙන ආවා කැමරාව හදන්න දීපු තැනින් බැටරි දෙක ගන්න. උන් ඒක අස්ථානගත කරලා දැන් මාස ගාණක්. තව දවස් දෙක තුනකින් දෙනවා කිව්වා. (ඉලාස්ටික්)

ඉතිං ගෙදර ඇවිල්ලා හොඳ ගණන්. කකුල් දෙකත් රිදෙනවා. මේ දවස් වල මාර සීතලයි. ඒ හින්දා ඉතින් පිස්සු හැදෙන්න වගේ. ම් අර අලුතින් එන බ්‍රිටැනියා කුකීස් මාර රසයි 😀 ඒක හදන්නෙ ලකීලෑන්ඩ් එකේ කියලා දැක්කෙ පස්සෙ. ඉල්ලුම වැඩිද මන්දා ඒක හොයාගන්න හරිම අමාරුයි. ඒත් මං ආසම මන්චි එකේ ස්නැක් ක්‍රැකර් එකට.

මේ දවස් ටිකේ 3G Daily Delight පාවිච්චි කරන හින්දා අම්බානක මොබිටෙල් වෙත sms යවන්න පුළුවන්. මේක නම් නියම සේවයක්. දැන් තමයි ෆෝන් එක හරියට පාවිච්චි වෙන්නෙ. නැත්තං ඉස්සර ඊමේල් ටිකක් බලනවා එච්චරයි.

ඉතිං අදට ඔච්චරයි. පස්සෙ වෙලාවක බැරියැ තව දිග හෑල්ලක් ලියලා දාන්න. මේවා ලියවෙන්නෙ බොහොම කලාතුරකින් 😀

6 thoughts on “නව මොබිටෙල් Zoom පැකේජය

  1. ඔය තැටි වල නම් අපලයක් තියනවා, මාත් තැටි ටික මලින්තට දෙන්න කියලා නුවර ආවට ඒව ගෙදර දාලානෙ ආවෙ!

    මම නම් ඉස්සෙල්ලම platform ticket එකක් ගත්තෙ 8වසරෙදි. කාරනාව රහසිගතයි:)

  2. පට්ට… දිගටම ලියන්න… මරු..(අපි නං ඩයලොග්) ඒත් කියවනවා…

Leave a Reply to අරවින්ද Cancel reply

Your email address will not be published. Required fields are marked *