එයා.

The Coming Storm

එයාගෙ ඇස් ලස්සනයි.
එයයි මමයි මුහුද දිහා බලාගෙන හිටියෙ.
අපි කඩල කෑව.
එයාගෙ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ බෝතලෙන් වතුර බිව්ව.

“සීතලයි.”
“ඉතින්?”
“එන්න මගෙ ළඟට.”
“මට බෑ.”
“ඇයි?”
“නිකං…”
“පිස්සි”
“පිස්ස”
එයා හිනාවුනා.
මාත් හිනාවුනා.

එයාගෙ ඇස් ලස්සනයි.
මම මුහුද දිහා බලාගෙන හිටියෙ.
එයා නැවක් දිහා බලාගෙන හිටියෙ.
අපි කඩල කෑව.
එයාගෙ හෑන්ඩ්බෑග් එකේ තිබ්බ බෝතලෙන් වතුර බිව්වෙ නෑ.

“රස්නෙයි”
“ඉතින්?”
“මං යන්නද?”
“එපා.”
“ඇයි?”
“නිකං…”
“පිස්සි”
“…”
මං හිනාවුනා.
ඒත් එයා හිනාවුනේ නෑ.

එයාගෙ ඇස් වෙනදට වඩා ලස්සනයි.
මම මුහුද දිහා බලාගෙන හිටියෙ.
එයා අලුත් ෆෝන් එකක් දිහා බලාගෙන හිටියෙ.
අපි කඩල කෑවෙ නෑ.
එයාගෙ හෑන්ඩ්බෑග් එක අද අලුත් එකක්.
ඒකෙ වතුර බෝතලයක් නෑ. තිබුණෙ පිහියක් විතරයි.

“මට යන්න ඕන.”
“ඉතින්?”
“යන්න දෙන්න”
“මට බෑ.”
“ඇයි?”
“නිකං…”
මං හිනාවුනා.
ඒත් එයා හිනාවුනේ නෑ.

එයා බෑග් එකෙන් පිහිය අරගෙන මගේ පපුවට ඇන්න.
මං මැරුණ.

“සොරි….”
එයා හිනාවුනා.
ඒත් මං හිනාවුනේ නෑ.
ඒ අස්සෙ වෙන කවුද පොල් බූරුවෙක් හිනාවෙනව ඇහුණ.

“ආ නංගී…”
මැරුණත් මට හිනාගියා.
එයාගෙ ඇස් හරිම ලස්සනයි නේද පොල් බූරුවෝ?
ඊටපස්සෙ මං ඇඬුව.

පින්ටූරෙ: http://www.flickr.com/photos/malinthepix/5662036308/

14 thoughts on “එයා.

  1. නියමයි! අන්තිමේ අර පොල් බූරුව තමයි හරි ගියේ… නේ…
    සිම්පල් ඇනඩ් අමේසින් කියල ඉස්සර මොබිතෙල්ලගෙ කතාව කියන්න හිතයි….

  2. මාර සීං එක.. බීලා බීලාම මූට පරිකල්පන මෙව්වා එක පහල වෙලාවත්ද ? O_o

  3. මට නිකන් මොකක්ද මොකක්ද වගේ… කොහොම වුනත් ලියලා තියෙන විදිහ නම් පට්ට!!!

  4. මෙයාට මොනවා වීගෙන එනවද..ඇතුලේ හැංගිලා හිටපු අඩ හඳය එලියට පැනලාවත් ද මන්ද

  5. Ade machan patta…. mat adare karapu kale matak una godaak meka kiyawaddi. uba nam mara poet kenek bn. Wish u good luck………

Leave a Reply to gayathra Cancel reply

Your email address will not be published. Required fields are marked *