ඉන්සයිට් එක

“උඹල දන්නෑ බං, මූට ගිය අවුරුද්දෙ සම්මානෙකුත් දෙන්න ලෑස්ති වුණා මොකක්ද අමුතු ඕගනයිසේෂන් එකකින්. හොඳම වලා කියල. ඒත් ආණ්ඩුවෙන් කේස් හින්ද ඒක කරේ නෑ. ලංකාවෙ සංස්කෘතියට හරියන්නෑලුනෙ. ඇමරිකන්කාරයො ටිකක් කරේ ඒක.”

“මූ කෝටිපතියෙක් බං මෙහෙම හිටියට. ජෝක් නෙවි. මූට සල්ලි තියෙනව ලෙසටම. ඒ හින්ද ජොබ් ඕන නෑ.”

“එහෙනං මේ නාහෙන් අඩන්නෙ අර ඇඩැප්ටරේ 6000ක් කියල?”

“බොරු බං ඕකගෙ. අර වෑන් එකත් මුගෙ. කාර් දෙකක් තියෙනව. දැන් කියයි බොරු කියල. ළඟදි ඉන්සයිට් එකකුත් ගත්ත. අනික පරණ කොරොල්ලා එකක්.”

“ඉන්සයිට් කියන්නෙ මොකක්ද?”

“ඇයි ඩෝ උඹ ගත්තු හයිබ්‍රිඩ් එක! අනේ අම්මප මූවත් දන්නෑ මූ ගන්නෙ මොනවද කියල.”

“පල යන්ඩ. මට ඕන ඇලියොන් එකක් හරි ප්‍රිමියො එකක් හරි මිස්ටුබිශි මොන්ටෙරො සවපොර්ට් එකක් හරි”

“ඔය තියෙන්නෙ! ඕකත් ලබන සතියෙ විතර ගනී. මුගෙ තාත්ත හොඳ පොර බං. මූ වගේ නෙවෙයි. මූ නං කුණු ලෝබයනෙ.”

“මචං උඹල දන්නවද මුංගෙ බස් සර්විස් එකක් තියෙනව කොළඹ ගාල්ල. කැබ් සර්විස් එකකුත් පටන්ගන්නව ළඟදි ගාල්ලෙ. ඒකක පලයං ඒ පැත්තෙ ගියොත්.”

“තාත්ත කිව්වලු යාලුවොන්ට ස්පෙෂල් රේට් දෙන්න කියල. මූ නං කැමති නෑ ඒත් තාත්තා කිව්වම නොකර බෑනෙ. මූට ඕන හද්ද පරණ වාහන දාන්නලු කැබ් සර්විස් එකට. ඒකටත් තාත්තා බැනල. මූ ඒකයි ඔය පහුගිය දවස් වල අප්සට් එකේ හිටියෙ.”

“මේ බලපං මගෙ කොණ්ඩෙ හරි දිගයි!”

“තාත්තා ගැනවත් හිතපන් බූරුවො.”

“අපේ තාත්තා මුකුත් කියන්නෑ කොණ්ඩෙට.”

“පලයන් බං යන්න. අපි දන්නව උඹ කරන වැඩ. කාර් එකත් අරගෙන කෙල්ලො එක්ක රවුම් ගහන එකයි, උන්ට වියදම් කරන එකයි. ගිය සතියෙත් බැනුම් ඇහුවනෙ?”

“මොන කෙල්ලද බං?”

“උඹල දන්නෑ දැන් ටික දවසකට කලින් මුගෙ තාත්තා මුගෙ කන පැලෙන්න ගහලනෙ මූට කන විදල පච්චයක් ගහගන්න ඕන කිව්ව කියල. තාත්තා ෆුල් අප්සට් එදා. කාර් එකත් ගන්න හදල. ආයෙ පව්නෙ කියල දීල. මූට ගානක් නෑ. ඔහේ සල්ලි නාස්ති කර කර රවුම් ගහනව.”

“චාරුනී කිව්ව හින්දලු විදින්න ගියේ. ඒකිලු මූව නරක් කරන්නෙ අනික. හැමදාම ගාල්ලෙ ඉඳන් කොළඹ එනවලු ඉන්සයිට් එකේ. ඒකිත් එක්ක ඇවිත් මුළු කොළඹ රවුම් ගහල රෑ වෙලා යනව. මොනවද කරනවද කවුද බං දන්නෙ?”

“තාත්තට ආරංචි වෙලා මූ තව සයුරි කියල කෙල්ලෙක් එක්කත් රවුම් ගහනව කියල. අනිත් එකී දන්නෑ. නැත්තං මූ ඉවරයි.”

“නෑ??? යකෝ කෙල්ලො කීයක්ද???”

“සයුරි මූට පිස්සු වැටිලලු බං. අනිත් කෙල්ල නං පස්සෙන් එන්නෙ මුගෙ සල්ලි හින්ද කියල තාත්තා කිව්වෙ”

“සචිනි කියල කෙල්ලෙක්ට නම් ට්‍රයි කළා මං…”

“ඒ පරණ එකක්නෙ බං. මූ දැන් වැඩක් නෑ බං. හදන්න අමාරුයි ඉතින්. තාත්තලා කැමති නෑ සයුරිටත්. අනිත් එකීට නම් කෝමත් කැමති නෑනෙ. මේ කාටවත් කියන්න එපා බං මෙව්වා. මං උඹලව ෂුවර් හින්ද කිව්වෙ.”

“මූව හදන්න බෑ බං. අපි ඕකට කිව්ව පොඩ්ඩක් හිතල බලපං කියල. සත පහකට ගණන් ගන්නෑ. මාමලත් බැනල තිබුණ. තව නෑදෑ වෙන නංගි කෙනෙක් හිටන් කියල තිබුණලු ‘අනේ අයියෙ පිස්සු කරන්නැතුව හොඳට ජීවත් වෙන්න බලන්න’ කියල. මූ මොකද කරේ, කුණුහරුප කියල ඒකිට බැනපු එක!”

“මාරයිනෙ!”

“ඔව් බං. අන්තිමට ඒකි අඬ අඬ ගෙදර ගියාලු. පව් ඕයි. මාර අවුල්ලු. ඒකි හිතල නෑ මූ ඒ විදියට කතාකරයි කියල. ඒකිගෙ තාත්තා මූට ගහන්නත් හැදුවලු. ගෙදර හිටපු වැඩකාරයා ඒක ෂේප් කරල තියෙන්නෙ.”

“මූ මොකද ඊටපස්සෙ කරේ එදා රෑම චාරුනී එක්ක ඉන්සයිට් එකේ නැගල ගියාලු ත්‍රිකුණාමලේ. මහ රෑ.”

“මට දුකයි බං උඹ කරන වැඩ ගැන. තාත්තා ගැනවත් හිතපං. උඹට වටින්නෑ ඒ මනුස්සයට ඔය විදියට සලකන්න. මෙච්චර කාලයක් කන්න අඳින්න දීල.”

“දවසක් ඉන්සයිට් එකේ නැගල නුවරත් ආව. වීරය වගේ යනව වන් වේ එකක. පොලිස්කාරයෙක් ඕක දැකල මූට දෙකක් කියල. මූ මොකද කරේ බැහැල ගියාලු පොරට ගහන්න. චාරුනී තමයි වැඩේ ෂේප් කරල තියෙන්නෙ කොහොමහරි. වටේ හිටපු එවුන් මුගේ කාර් එක කුඩු කරන්නලු ලෑස්ති වුණේ. උන් කිව්වලු ‘නංගි හින්ද මූට යන්න දෙන්නෙ නැත්තං කාර් එක ගිනිතියනව’ කියල.”

“ඒ පොලිස්කාරයට මාර සපෝට් එකක් තියෙනව බං ඒ පැත්තෙ. ඌ බෝම්බකාරයෙක්ව අල්ලගෙන තියෙනව ඇඟට පැනල ඒ දවස්වල. බෝම්බෙ පුපුරුවන්න කලින් හොම්බට ඇනල අත කඩල. මාර සිරා පොරක් බං. ඒ වගෙ එකෙකුට පාට් දාන්න යනවා කියන්නෙ ඉතින්…”

“හප්පා…”

“මං කිව්ව අරූට මූ ඒ දවස් වල හිඟන්නොන්ට පයින් ගහපු කේස් එක. පව් ඕයි. තාත්තට ඒකටත් අප්සට්. සල්ලි තිබ්බයි කියල ඒ අහිංසකයොන්ට නෙලල හරිනවද? චාටර් වැඩනෙ බං ඕව.”

“පල යකෝ මට තියෙන්නෙ උණු වෙන හදවතක්!”

“මගුලක් කතාකරනව. මූ දවසක් එකෙක්ගෙ ඔලුවත් පැලුව අනේ මහත්තයො කිව්වයි කියල.”

“මූ කැමති නෑ බං මූට මහත්තය කියනවට. සර් කිව්වෙ නැත්තං උන්ව මරන්න හදනව.”

 

22 thoughts on “ඉන්සයිට් එක

  1. තේරුණේ නම් නැත… එහෙත් කියැවීමි. නිර්මාණය ලස්සනයි.. කාලයකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ… 😀

  2. බනියගෙ ඉස්ටෝරියක් වගේ.. >_>
    මට මිස් වෙච්ච මාන්දමික කතාවක් වත් ද? o_O

  3. ම්….. මේකෙ ඉන්සයිඩ් එකේ මොකක් නමුත් තියනවා බනියට සම්බන්ද. “හා” නැද්ද හා

  4. @මලින්ත ඌ වැඩිය සද්දෙ දැම්මොත් මීට වඩා ‘හොඳ’ කතා ගිගාබයිට් ගාණක් දානවැයි කියහං, මං දෙඤ්ඤං කොන්ටෙක්ස්ට් එක 😉

  5. ඔහ් මාරයිනෙ අය්යෙ ඔයාගෙ හැකියාව…
    තේරුනේ නම් නෑ ගොඩක් එව්ව
    හැබැයි මඩක් බව නම් පැහැදිලියි.. 😀

  6. බනියා හා මලින්තේ වෙලාවකට හරියට “ඇමරිකාව හා රුසියාව” වගේය. තවත් වෙලාවකට “රුසියාව හා ඇමරිකාව” වගේය

    නෝර්වේ ගොයියලාට ආරාධනා කර සාම ගිවිසුමක් ගැසිය යුතුය. 😛

  7. බනියා කපොති..මටත් මතකයි පහු ගිය දවසක ඉන්සයිට් එකෙ කෙල්ලෙක් දාගෙන ගිය සීන් එකක් බුකියේ

  8. හික් හික් .. දැන්වත් හිතපන් තාත්ත ගැන 😀

Leave a Reply to chanakalin Cancel reply

Your email address will not be published. Required fields are marked *