මගුල.

“ආ සහෝදරයා! කොහොමද මගුල?”

මං බෝඩිමට ආවෙ හතට විතර. මගුල ඉවරවෙලා කොහොමහරි බස් එකක ඉතුරු ටික අදින්න වෙච්ච හින්ද හොඳ පණ ගිහින් තිබුණෙ. කාමරේට ඇවිත් දාඩියෙන් පෙඟිල තිබිච්ච ෂර්ට් එක පැත්තකට විසිකරපු මං මෙට්ටෙ උඩ වාඩි වුණේ ෆෑන් එකත් දාල. දාඩිය නාල ඉන්න වෙලාවක හුළං පාරක් වැදුනම තියෙන සනිපෙ කියල නිම කරන්න බෑ.

“බෝරිං බං. වැඩක් නෑ.”

“…ඔව්වොව්. බෝරිං වෙන්න එපැයි. චානකය මට කෝල් කරල කිව්ව උඹේ වැඩ.”

“ඇයි ඩෝ මං මොනාද කරේ?”

“ඇයි ගොන් හරකෝ ඔච්චර කෙල්ලො ගොඩක් ඉඳලත් උඹ මොනාද කරේ? බුම්මට්ටා වගේ උඩ බලාගෙන ඉඳල කෙල්ලො දාගන්න බෑ පොල් බූරුවෝ!”

මට යකා නගින්නෙ මුගෙ මේ කතා වලට තමා.

“පල යන්න”

මං ඔරලෝසුව ගලවල මේසෙ උඩට දැම්ම.

“මට එහෙම කරන්න හිතෙන්නෑ බං.”

“එහෙනං හිටපං ඔහොම. දෙයියො ගෙනත් දෙයි කෙල්ලෙක් කවදහරි උඹේ ඔඩොක්කුවට මෙන්න පුතේ කියල! @#$%^&*(” (ඉතුරු ටික ලියන්න බෑ)

ඌට මල පැනල. මල පනින එකත් සාදාරණයි එක අතකට. හැමදාම මං ඤුරු ඤුරු ගාන හැටි අහන් ඉඳලම ඌට එපාවෙලා ඇති.

“එව්වයින් වැඩක් නෑ. මොකක්ද අර ට්විටර් එකේ තිබ්බ මේකප් කේස් එක?”

“නෑ බං. උන්ගෙ මේකප් දාන්න ආපු එකී. මාර ලස්සනයි ඕයි. පිස්සු හැදෙනව.”

උගෙන් උත්තරයක් නෑ.

“සිරාවට. She was so Hot ඕයි! අනිත් එක bridesmaid. අනේ මන්ද බං…”

“අනේ උඹයි මායි දන්න හොට්!”

ඌට තාම මල.

“අඩෝ ජෝක් නෙවි. I kept staring at her for like…”

“…ඉතින් යකෝ මේකප් දාන එකියක් නං ලස්සන වෙන්න එපැයි කොහොමත්. නැත්තං කොහොමද බිස්නස් කරන්නෙ?”

“මගුල. All I’m saying is that she was cute.”

බෑග් එකෙන් ලැප්ටොප් එක එළියට ඇදල බූට් වෙන්න දාපු මං සපත්තු ගලවල ඇඳ යටට විසි කරා. අරූට ඒකටත් යකා නැගල.

“මොකක්ද ඕයි උඹට වෙලා තියෙන්නෙ? උඹේ වැඩ වල කිසි පිළිවෙලක් නෑ දැන්. අනික කවුරු කොච්චර කියුට් වුණත් තෝ කිසි ඇක්ෂන් එකක් ගන්නැත්තං ඇති වැඩක් තියෙනවද බොල? චානකය උඹට හිනාවෙනව. උගෙ යාලුවො ටික උඹට ගේ කියනව. ලැජ්ජ නැද්ද යකෝ?”

ඒකට මගෙන් උත්තරයක් නෑ.

“උඹ ඩාන්ස් කරේවත් නැද්ද?”

“නෑ බං.”

“ඇයි?”

“මං කැමති නෑ.”

“බූරුවා. මොන මගුලක්ද තෝ කරේ එහෙනං?”

“මොනව කරන්නද ඕයි! කෑව බිව්ව, උඩ බලාගෙන හිටිය. එච්චර තමයි.”

“අඩෝ අර ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙලා. උඹට ඕනද?”

“දියං…”

මං පෙන්ඩ්‍රයිව් එක ඌ ගාවට විසිකරා.

ඌ ෆිල්ම් එක කොපි වෙන්න දාල ජනේලෙ ගාවට ගියා.

“කවුද දැන් අනිත් කෙල්ල?”

“මොන?”

“ඇයි බං උඹ චතුරයට කියල තිබුණෙ?”

“ආ ඒකි කවුද මං දන්නෑ බං. රෝස පාට සාරියක් ඇඳල හිටිපු එකීනෙ.”

මගෙ කටහඬ වෙනස් වෙලා කියල මටම තේරුණ. අරූ කෝචෝක් හිනාවක් දාගෙන බලන් ඉන්නව.

“නෑ බං ඒකි දෙපාරක් මං දිහා බැලුව. හැබැයි ඊටපස්සෙ මං ආයෙ බැලුවම අහක බලාගත්ත.”

“ඇත්තද?” 😛

“ඒකි මාර ලස්සනයි බං. මං හිතන්නෙ එහාපැත්තෙ වාඩිවෙලා හිටියෙ බෝයිෆ්‍රෙන්ඩ්.”

“ඔව් බං උඹට පරචිත්ත විඥානය තියෙනවනෙ. එළ එළ මට අමතක වුණා.”

“වතුර බෝතලේ දියං”

වතුර උගුරු දෙක තුනක්.

“ඒකිත් ඩාන්ස් කරන්න ගියා බං. ඕයි ඒකි චානකය එක්කත් ඩාන්ස් කරා. ඒකයි මට ගොඩක් අප්සට්. මට එවෙලෙ ෆුල් අවුල්.”

අරූ හිනාවෙනව.

“නවත්තගනිං හිනාව”

“හරි හරි කියපංකො”

“ටික වෙලාවකට පස්සෙ ඒකිට ඩාන්ස් කරල මහන්සි. ඒකි අපෙ ටේබල් එක ඉස්සරහ ටිකක් වෙලා හිටගෙන හිටිය. අඩෝ ඒකි එතකොටත් අර සිංදු වල බීට් එකට නැලවෙනව බං. Mesmerizing!”

“මට බඩගිනියි”

“පාන් ගෙනාව බං. ඔය බෑග් එකෙ බලපං. අනේ මන්ද බං රෝස පාට ඇන්දම උන් මාර…”

“දඩිං…”

ඌ මගෙ ඔලුවට බෙලෙක් පිඟානෙන් ගැහුව.

“මොකද !@#$%^ ගහන්නෙ?”

“තෝ පාන් ගෙනල්ල නෑ. පරිප්පු විතරයි තියෙන්නෙ.”

15 thoughts on “මගුල.

  1. හෙහෙහෙ.. 😀
    මලින්තගේ රයිටින් ස්ටයිල් එක මාරයිනේ

  2. හෙ හේ…. ඔය පාන් පරිප්පු කේස් එක කෙසේ වෙතත වෙඩිමකට ගියාම වටේ කැරකෙන එක නම් මාර ආතල් වැඩක් තමයි 😀

  3. සිරාවට තෝ ලියන විදිය එළ ඇ.. 😀
    මාත් ඊයේ අවුරුදු 7 කට පස්සෙ වෙඩිමකට ගියා.. 😀
    She So cute යකෝ 😛 😀
    මං කිවේ දෙවැනි මණමාලි 😀

  4. මලින්තගෙන් සැබෑ වෙනසක්..අපි නම් සුපිරි ලැයික් මේ ස්ටයිල් එකට….ඔහොම යන් මල්ලි…හැබැයි ගෑනු ළමයෙක් හොයාගන්න නම් ඔහොම බැහැ හොඳේ

Leave a Reply to kAni Cancel reply