මැරතන් දිවිල්ල

ෂැක් ලියන්න ගත්තට කිසි දෙයක් ඔළුවට එන්නෙ නැහැනෙ! 😀 දැන් නම් බඩගින්නකුත් එනවා. නිදිමත නම් එතරම් තද නැහැ ඒ හින්දා ගාණක් නැහැ. කාලිංග අයියා දාලා තියෙන්නෙ රේඩියෝ එකක් – ඒකෙ සින්දු අහමින් ලියනවා ඔළුවට එන එක එක ඒවා. චැහ් විනාඩි 15 මදියි වගේ කියලත් හිතෙනවා. කොහොම වුණත් අපේ IRC චැනලය නම් මාර ජොලි. හැමෝම වගේ ජොලි කතා කිය කියා පිස්සු නටමින් ඉන්නෙ! සුදාරක මලයා විහිළු කර කර ඉන්නෙ ඔය. අනේ ලියන්න දෙයක් නෑනේ!!! මොකද කරන්නෙ?

මැරතන් ඇරඹුනා!

ඔන්න ඉතින් අපි ගොඩක් කල් ලකලෑස්ති වුණු සිංහල බ්ලොග් මැරතන් අද රාත්‍රියේ ඇරඹුණා. දැන් ඉතිං පැය 24ක් පුරා ලියන්නයි තියෙන්නෙ. හැකි විදියට හැකි දේවල් ලියන්නයි ලෑස්තිය. දැන් ඉතිං මැරතන් එක බලන්නයි තියෙන්නෙ!

අද උදේ ටවුමට ගිහින් වෙබ් කැමරාවකුත් අරගෙන ආවා ජොලියෙ ලියන්න. පරිගණකය තියෙන මේසයත් සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා පරිගණකය ඇතුළත් සුද්ධ කළා. හපොයි තිබිච්ච දූවිලි ගොඩ! පිස්සු හැදෙනවා දැක්කම!

හවස ටිකක් නිදාගත්තා. වැඩිය නිදාගන්න හම්බවුණේ නෑ හැබැයි.

දැන් නම් පොඩි හිසරදයක් එනවා වගේ දැනෙනවා. කමක් නෑ ෆුල් ට්‍රයි දෙනවා කොහොමහරි දිගටම ඉන්න. 😀

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
– දයානන්ද ජයනෙත්ති. බදුරලිය

අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/

පරීක්ෂණ සටහනක්

ඊයේ නිදාගනිද්දි 12 පහුවුණා. ඒත් ඉතින් මැරතන් එක දවසට ඇහැරගෙන ඉන්න එපායැ? හෙට හවස් වෙනකල්ම නිදාගන්න තමයි හිතාගෙන ඉන්නෙ. එතකොට රෑ අවදියෙන් ඉන්න පුළුවන් වේවි. අදවත් යන්න ඕන කොණ්ඩෙ කපාගන්න. ඊයෙත් ටවුම පැත්තෙ ගියා. සමහර කඩ ඇරලා, සමහර ඒවා වහලා. තව ටිකකින් යන්න ඕන. මේක ලියන්නෙ සින්ඩිකේටරය ටෙස්ට් කරන්න. 😀