ඔබේ පෞද්ගලික මෙනුව | Your Personalized Menu

වැඩසටහනක් විවෘත කරගන්න ආරම්භක මෙනුව පුරා ‍දඟලන එක මට නම් එච්චර අල්ලන්නේ නැහැ. ඩෙස්ක්ටොප් එකේ කෙටි මං තොගයක් තියාගන්න එකත් එච්චර ලස්සන නැහැ නේද? ඒත් තමන්ට අවශ්‍යම වැඩසටහන් ටික පහසුවෙන්ම විවෘත කරගන්න ලස්සන මෙනුවක් හදාගත්තනම් කොහොමද? උත්සාහ කරලා බලන්න, මෙන්න ක්‍රමය:

  • My Documents හෝ වෙනත් ඕනෑම තැනක (ඩෙස්ක්ටොප් එකේනම් එපා!) අලුත් ෆෝල්ඩරයක් හදන්න.
  • එම ෆෝල්ඩරයට කෙටි නමක් ලබාදෙන්න. (Programs, Quickie, Bumblebee, Nimal, Sudath වැනි ඕනෑම නමක්)
  • එම ෆෝල්ඩරය විවෘත කරන්න.
  • දැන් ආරම්භක මෙනුවේ Programs හි තිබෙන ඔබට අවශ්‍යම වන වැඩසටහන් සියල්ලේම කෙටි මං Ctrl යතුර ඔබාගෙන මෙම ෆෝල්ඩරයට ඇද දමන්න.
  • දැන් එම ෆෝල්ඩරය වසාදමන්න.
  • ඊළඟට ටාස්ක් බාරය මත දකුණු ක්ලික් කිරීම (Right Click) කර Toolbars වෙත යන්න.
  • එහි New Toolbar… මත ක්ලික් කරන්න.
  • දැන් ඔබ මුලින් සැකසූ ෆෝල්ඩරය තෝරන්න.

සුභපැතුම්, වැඩේ හරි 🙂 දැන් ඔබේ පෞද්ගලික මෙනුව ‍රසවිඳින්න!
අවශ්‍යනම් මෙනුවේ අයිකනයක් මත දකුණු ක්ලික් කර Sort by Name ක්ලික් කිරීම මගින් සියළු වැඩසටහන් අකාරාදි පිළිවෙලට සැකසේවි.

I don’t like to run around the Start menu to launch a program. And I hate having tons of icons cluttered on my desktop. Do you? 🙂 How about having a nice personalized menu, which contains all the frequently used software you need? Wouldn’t it be nice to have clean desktop? Try it, here’s the way to do it:

  • Create a new folder in your Documents folder or anywhere else. (Not on the desktop though!)
  • Name it. (Use a short name like Programs, Quickie, Sudath, Idiot, Jester etc.)
  • Open the folder you created.
  • Now, go to the Start Menu and drag all the shortcuts of the programs you need while holding the Ctrl key to your new folder.
  • Close the folder.
  • Then right-click on the taskbar, go to Toolbars > New Toolbar…
  • Locate the folder you created and click on OK.

Congrats! That’s all 🙂 Now enjoy your personalized menu!
If you want, right click on a menu item and select Sort by Name to Sort it by the Name 😀

ඔබේ පරිගණකයට නිවැරදිම වේලාව | Get the most ‘Accurate’ Time on your PC

වෙලාව බලාගන්න අපි පාවිච්චි කරන්නෙ ඔරලෝසු. බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු ගොඩක් ඕනෑකෙනෙක් ළඟ ඇති. තමන් ළඟ තියෙන ඔරලෝසු දෙක තුනක් අරගෙන වෙලාව බැලුවොත් පෙනේවි විවිධ ඔරලෝසු වල තියෙන්නෙ විවිධ වේලා බව. (ඒ කියන්නෙ නිවැරදිම වේලාව කොතැනකවත් නැති බව?!) එතකොට අපි කොහොමද නිවැරදිම වෙලාව ලබාගන්නෙ?
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙත් ඔරලෝසුවක් තියෙනවා. (තිරයේ පහළ දකුණු කොනේ තමා ඒක තියෙන්නේ 🙂 ) මේ ඔරලෝසුව මගින් තමයි අපි දැන් නිවැරදි වේලාව ලබාගන්න හදන්නෙ. වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි:

  • වින්ඩෝස් ඔරලෝසුව මත දෙවරක් ක්ලික් කරන්න.
  • එහි Time Zone වෙත ගොස් එහි නිවැරදි වේලා කලාපය තෝරා ඇති බව සනාථ කරගන්න. (දැන් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ GMT +06:00 නොව GMT +05:30 බව මතක තබාගන්න!)
  • දැන් Internet Time වෙත යන්න.
  • එහි Automatically Synchronize with an Internet Time Server විකල්පය සක්‍රිය කර Update Now බොත්තම ඔබන්න.
  • දැන් වින්ඩෝස් මගින් වේලා සර්වරයට සම්බන්ධ වී ඔබේ පරිගණක ඔරලෝසුවේ වේලාව තත්පරයටම නිවැරදි කරනු ඇත.
  • කාර්යය සාර්ථක නම් මෙවන් පණිවිඩයක් දකින්නට ලැබේවි: The Time has been successfully synchronized with –server– on –date/time–

බැරිවෙලාවත් මේ ලැයිස්තුවේ තිබෙන සර්වර් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්? (මට මේ ගැටළුව ඇතිවුණා. මෙහි සාමාන්‍ය සර්වර දෙකම Timeout දෝෂ ලබාදෙනවා.) ඊටත් විසඳුමක් තියෙනවා.

  • ආරම්භක මෙනුවේ Run වෙත ගොස් Regedit යන්න ටයිප් කර Enter කරන්න.
  • එහි HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ DateTime \ Servers වෙත යන්න.
  • Edit > New > String Value තෝරන්න.
  • එයට නිවැරදි අංකය ලබාදෙන්න. (දැනට තිබෙන්නේ සර්වර දෙකක් නම් දැන් ඇතුල් කරන්නේ තුන්වන සර්වරයයි. එසේනම් 3 ලබාදෙන්න. ඊළඟ සර්වරයට 4, 5 ආදී වශයෙන්.)
  • ඒ මත දෙවරක් ක්ලික් කර සර්වරයේ ලිපිනය ලබාදෙන්න. (වේලා සර්වර ලිපින මෙතැනින් ලබාගත හැකියි.)
  • අවසානයේ (Default) මත දෙවරක් ක්ලික් කර මුළු සර්වර ගණන ලබාදෙන්න. (උදාහරණයේ සර්වර තුනක් නිසා 3 ඇතුළත් කර ඇත.)

සර්වර පරීක්ෂා කිරීම (අවශ්‍යනම්) : ආරම්භක මෙනුවේ Run වෙත ගොස් cmd ටයිප් කර Enter කරන්න. එවිට විවෘත වන කවුළුවේ ping යන්න ටයිප් කර පරීක්ෂා කළ යුතු සර්වරයේ නම ටයිප් කරන්න. (ping time.windows.com ලෙස) එවිට Timeout errors ආදිය නොලැබේ නම් එම සර්වරය භාවිතා කළ හැකියි.

  • දැන් මුල කියූ පරිදි Internet Time වෙත ගොස් ඔබ ඇතුළත් කළ සර්වරය තෝරා Update Now බොත්තම ඔබන්න!

සියළු කටයුතු සාර්ථකයි! දැන් නිවැරදිම වේලාව රසවිඳින්න! 😀

We use Watches and Clocks to check the time, don’t we? Well everyone has at least two or more Clocks or watches hanging around. If you take those and compare them, you’ll see that the times shown on them are different. (That means the most accurate time isn’t there.) So how are we gonna get the most accurate time?
Now we know that Windows has a clock. (Don’t see it? Look, bottom right corner of your screen! 🙂 ) We are going to use this to get the accurate time. Here’s how:

  • Double click on the Windows Clock
  • Go to Time Zone and Select the right time zone.(For Sri Lanka, it’s GMT +05:30 now)
  • Go to Internet Time
  • Check the Automatically Synchronize with an Internet Time Server box and Click on Update Now
  • Now Windows will connect to a time server specified and will synchronize it with the server.
  • If it’s successful you’ll see a message like this: The Time has been successfully synchronized with –server– on –date/time–


What if the servers in this list fail? (I got time out errors with the default servers.) Here’s the solution:

  • Go to Start > Run and type regedit and click on OK
  • In the Registry Editor Navigate to HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ DateTime \ Servers
  • Go to Edit > New > String Value
  • Give it the correct number. (If there’s only 2 servers now, the one we are going to add is 3. Next is 4, 5 etc.)
  • Double click on it give it an Server Address (Get Time Servers from here)
  • Now double click on (Default) and enter the total number of Time Servers
  • Now follow the instructions first mentioned.


That’s all! Now enjoy the most accurate time on your pc! 😀

ගූගල් මගින් මුදල් ඒකක පරිවර්තනය | Currency Conversion from Google

ගූගල් මගින් විවිධ මුදල් ඒකක පරිවර්තනය කරගැනීමේ හැකියාව පවතී. භාවිතය ඉතාමත් සරලයි. ඔබ යම් කිසි රටක මුදල් ඒකකය නොදැන සිටියත් ඒ රටේ මුදල් ඒකකයට ඕනෑම මුදල් ඒකකයක් පරිවර්තනය කරගැනීමට මෙමගින් හැකියාව ලැබේ.
භාවිතය: ගූගල් හි සෙවුම් කවුළුවේ පරිවර්තනයට අවශ්‍ය මුදල හා ඒකකය සහ ‘in’ සමග පරිවර්තනය විය යුතු මුදල් ඒකකය ඇතුල් කර සෙවීම ක්ලික් කරන්න. උදාහරණ: 1 USD in Sri Lankan Rupees – යම් රටක ඔබ නොදන්නා මුදල් ඒකකයක් නම් මෙසේ ලියන්න: 1 USD in Indian Currency 😀

Google can do currency conversions now. Usage is very simple. Even if you don’t know a currency in a specific country, you can still convert to the currency of that country too.
Usage: In the Google search box, type the amount and currency first. Then after typing ‘in’ type the currency to be converted. Example: 1 USD in Sri Lanka Rupees – If you don’t know a certain currency of a country, enter like this: 1 USD in Indian Currency – Very Simple 😀

ඇඩ්සෙන්ස් | AdSense

ඇඩ්සෙන්ස් ක්‍රියාත්මක කළත් වැඩක් නැහැ. එයින් මොනවාහරි ලැබෙයි කියලා සිතුණත්, කවුරුවත් ඒවා ක්ලික් නොකරන නිසා මොනවත් ලැබෙන්නේ කොහොමද? ඉතින් ‍කිසිම දෙයක් නොලැබෙන පලකට නැති දෙයක් තියාගෙන වැඩක් තියෙනවද? ඉතින්… ආයුබෝවන් ඇඩ්සෙන්ස්! You must’ve noticed that I activated Adsense on my blog. I thought I’ll get something from it but surprise, no one clicks on them. So what’s the point of having ads that just doesn’t bring any revenue? 🙂 Gotta remove them. So long Adsense!

සිංහල බ්ලොග් සෙවුම | Sinhala Blog Search

සිංහල බ්ලොග් වල අවශ්‍ය දේ පිළිබඳ සොයා බැලීම සඳහා සිංහල බ්ලොග් සෙවුම දැන් ක්‍රියාත්මකයි. SinhalaBlogs හි දැනට පෙන්වන බ්ලොග් සියල්ලම මෙහිත් දැනට ඇතුළත් ‍වනවා. තවත් සිංහල බ්ලොග් තිබේනම් කරුණාකර දන්වන්න.
සිංහල බ්ලොග් සෙවුම

A Search Engine for searching Sinhala Blogs is now active. All the blogs featured at SinhalaBlogs can be searched with this search engine. If you have more blogs, please contact me to add them.
Sinhala Blog Search