මාතර සිට

ඔන්න දැනුයි ඇඟපත හෝදගෙන වාඩිවුණේ තවත් ලිපියක් ලියන්න. ජංගම දුරකථනයෙන් බ්ලොග් ලිපි දෙකක් ලිව්වෙ ලියන්න වැඩි දෙයක් නොතිබීම නිසා සහ ෆෝන් එකේ බැටරි බැහැපු නිසා. බැටරි නම් බැස්සෙ අම්බානක ෆොටෝ ගත්ත නිසා. අනේ ඉතින් මගේ ෆෝන් කැමරාවේ හොඳකමට උදේ පාන්දර ගත්තු ඔක්කොම අල වෙලා. අම්බානක noise. දුම්රියේදි ගත්තුවත් ගොඩක් හෙලවිලා. ‍ගෙදර ගියාට පස්සෙ බලන්න ඕන මොකක්හරි කරගන්න. දවල් වෙලා ගත්ත පින්තූර නම් අපරාදෙ කියන්න බෑ ෂෝක් එකට තියෙනවා. ඒත් ඉතින් අලුත් කැමරා ඩ්‍රයි‍වරේ අල වගේ. මාරුකරන්න ඕන පරණ එකටම. ඔන්න තෝරාගත් පින්තූර කිහිපයකුත් දැම්මා බලන්න. දැන් පොඩි නින්දක් දැම්මනම් හොඳයි වගේ.

update: slideshow එක අයින් කරා. පස්සෙ වෙලාවක දාන්නම්. 😀

Happy New Year!

ඔන්න තවත් අලුත් අවුරුද්දක්. සීතලේ ගැහි ගැහි මේ ලිපිය ලියන්නෙ. අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වේවායි කියලා (සහ ඉක්මණින් සාමය උදාවේවා කියලා) හැම අලුත් අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ප්‍රාර්ථනා කරමු. 😀

ඊයේ නිදාගන්නකොට කොහොමත් ම්‍ධ්‍යම රාත්‍රිය වුණා. රූපවාහිනියේ ඉස්සෙල්ලම ගිය දැන්වීම ගිය කලින් පාරවල් වල වගේම මේ පාරත් සන්ලයිට් එකෙන්. අලුත් අවුරුද්ද උදාවෙන මොහොතෙ රට වටේටම රතිඤ්ඤා සද්දෙත් ඇහුණා.

කොහොම හරි, අලුත් අවුරුද්දට අලුත් වැඩක් කරන්න කියලා හිතාගෙන ඊයේ ගත්තා අලුත් ගිටාරයක්. දැන් ගිටාර් වාදනය ඉගෙනගන්නයි බලාපොරොත්තුව. ඊයේ ටිකක් අතපත ගෑවා, දැන් ඇඟිලි රිදෙනවා 😀

ඉතිං අදට මේ ඇති.

Wish you a Rocking New Year!!! 😀

මිනි මැරතන් ඉවරයි

ඔන්න මිනි මැරතන් එක ඉවරයි. හිතපු හැටියට කරන්න බැරිවුණා, එච්චර ගතියක් නෑ. මක් කරන්නද ඉතින් 😀 ලබන පාර තියෙන සම්පූර්ණ එකටවත් හරියකට ලියන්න ඕන. සහභාගී වූ හැමෝටම ස්තූතියි!