UPS

මගේ UPS එක මේ දවස් වල අල වෙලා තියෙන්නෙ. හේතුව නම් මං දන්නෙ නෑ. වෙනදා විදුලිය නැතිවුණාම විනාඩි විස්සක් විතර දුවන එක දැන් විනාඩියක් යන්න කලින් කඩාගෙන වැටෙනවා. මාර වදයක්. වෙලාවකට නම් විනාඩි දෙකක් විතර තියෙනවා. ඒත් බොහෝ විට වෙන්නෙ දඩිබිඩිං ගාලා ඕෆ් වෙලා යන එක තමා. ඉතින් කරන්ට් ගියාම හනි හනිකට විවෘත කරලා තියෙන ඒවා වහගන්න ඕන. ඒ ටික කරනකොට ඉතින් වෙලාව හරි. 😀

මගේ ඉස්සරහා තියෙන ටීවී එකේ අපි නොදන්න ලයිව් යනවා. මේක ඉස්සර නම් ෂෝක්. දැන් ටිකක් අල වෙලා තියෙන්නෙ 🙁

මේ රේඩියෝව නම් නියමයි. වීඩියෝ බලන්නෙ නෑ ඉතින් බෑන්ඩ්විත් ප්‍රශ්න හින්දා. ඔව් ඉතින් 7GB තියෙනවා තමා ඒත් ඉතින් ඒක රැකගන්න එපැයි 😀

ඊයේ දවස

දැන් ඉතිං ලියන්නම දෙයක් නැති හින්දා ඊයෙ බස් එකේ ටවුමට ගිය හැටි ලියන්න හිතුණා. ඊයෙ ඉතින් ධර්මරාජේ සුනාමිය ගැන මොකක්ද තිබ්බ හින්දා කවදාවත් නැතුව ලේවැල්ලෙන් බස් චෙක් කරනවා. ඒ හරියෙ පාරත් වහලා හින්දා ධර්මාසෝක මාවතෙන් තමා ටවුමට එන්න වුණේ. ඊයෙ හෙණ අමුතු දවසක්. උදේ යන වෙලාවෙ අහසෙ එක වළාකුලක් නෑ. මාර කූල් ගතියක් තිබ්බෙ. ටවුමෙ නම් අම්බානක අව්වා. ATM එක ගාවට ගිහින් ඒකෙ අලයක් හින්දා පිච්චි පිච්චි ඉන්න වුණා විනාඩි දහයක් විතර.

ටවුමට ගිහින් ඉතින් ඉවරවෙලා තිබ්බ ප්‍රින්ටරේ කාට්රිජ් එකකුත් නැවත පුරවන්න දීලා ගියා ඩැනී ශානු සහ ප්‍රභාස් හම්බවෙන්න. ඉතිං ගුරුදෙණියට ඇවිත් එහෙ දවසම ගතකරලා පොරවල් ටිකත් එක්ක දෙගල්දොරුවටත් ඇවිල්ලා තමයි දවස ඉවරවුණේ. අනේ හැබෑට සෙට් එක දෙගල්දොරුවට ඇවිත් පිස්සු හැදිලා වගේ පැයක් විතර ෆොටෝ ගත්තා 😀 ඇත්ත ඉතින්, එතනට ගියාම චිත්‍ර කරපු ඕනම කෙනෙකුට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා.

ඩැනියාගේ කැමරාව නම් එළ. මාත් ගන්න ඕන DSLR එකක්. සාමාන්‍යයෙන් පටන්ගන්න හොඳ කැමරාවකට නිර්දේශයක් තියේද? ලාබෙට ඕන ඉතින් මට එච්චර වියදම් කරන්න හැකියාවක් නෑ 😀

සිංදු අහන ගමන් චැට් කිරීම සහ සුළු වශයෙන් බ්ලොග් ලිවීම

බ්ලොග් එක ලිවීම කෙසේ වෙතත් චැට් කිරීම සහ රෙදෙව්ව ඇසීම නම් ගජරාමෙට සිද්දවෙනවා. හික්. IRC චැනලයට කාලෙකින් ආවෙ. ඉතිං බරටම කතාබහ. රෙදෙව්වත් නැගලා යනවා. එතන තමයි ජොලි වැඩේ. ඇයි එක එක genres අහන එක එක අය හින්දා මාර කූල්. ඇයි එකක් යනකොට කට්ටියක් කෑගහනවා, වෙන එකක් යනකොට අනිත් අය කෑගහනවා – ෆුල් ජොලි 😀

අනේ ඉතින් මේ ලියන්න දේවල් කල්පනා කරනවා කිසි දෙයක් හිතෙන්නෙ නෑ. මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මං හිතන්නෙ. ඒ හින්දා ඉතින් හිතට හැමදේම දාලා ‘අච්චාරුවක්’ ලිවීම තමා මං කරන්නෙ. දැන් හොඳවැයින් තේ කෝප්පයක්ම ගිලා දාන්නයි සූදානම. චියර්ස් 😛

මෙරු

ඔව් උන් දැන් මේ කාමරේ වටේ කැරකි කැරකි ඉන්නෙ. කෙලින්ම යන්නෙ බල්බ් එකට. මාර වදයක්. වෙලාවකට කෑමක් බීමක් ගන්නවත් බෑ. මුන් ඒවටත් වැටෙනවා. ලයිට් නිවලා වැඩක් කරගන්නත් බෑ මොකද ටීවී එකටත් මොනිටර් වලටත් අනිවාර්යයෙන්ම මුන් එනවා. ඉතින් ඔක්කොම ටික වහලා දාලා පැත්තකට වෙලා ඉන්න ඕන. ගේ ඇතුළෙ ඒවා නිවලා දාලා පිටත ලයිට් දාලා තිබ්බම නම් කට්ටිය යනවා. ඒත් ඉතින් පූසොන්ට, ගෙම්බොන්ට සහ බල්ලොන්ට නම් මාර කූල්. අනේ හැබෑට මුන් කෑවයි කියලා බඩවල් පිරෙනවද? මාර අවුලක්.

හික් ලියන්න දෙයක් හැබෑට නැති හින්දා මේ රට වටේ කැරකෙන මෙරු ගැන ලිව්වෙ. දැන් මූණෙත් වැහුවා එකෙක්. අනේ හැබෑට. මං මේ දැන් බිස්කට් එකක් කනවා. 😀

ඩොමේන් අලවීම

අනේ ඉතින් අද මිනි මැරතන් එක දුවන්න IRC එකේ චැට් කර කර හිටියෙ. පටන් ගන්න විනාඩි පහළවකට විතර කලින් බ්ලොග් එකට යන්න හදනකොට godaddy parked page එකක් ආවා. හපොයි ඩොමේන් එක කල් ඉකුත් වෙලා. මේක තියෙන්නෙ චාමර ගාව හින්දා කෝල් එකක් දීලා බැලුවා. එයා පාටියක. දැන් ඉතින් කරන්න දෙයක් නෑ දඩිබිඩි ගාලා ගත්තා malinthe.info. ඒකට ඇටෙව්වා ඔක්කොම. දැන් බ්ලොග් එක මේකෙන් බලාගත්තෑකි. හනේ හනේ මටත් වෙන වැඩ 😀

ඇඳ උඩ ඉඳගෙන පළමු සටහන ලිව්වා. අද රෑ වෙනකල්ම තියෙනවනෙ. බලමුකෝ… 😀