Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
17 Jul
ලයිෆ්හැකර් මගින් ලැබුණු මෙම පිටුවෙහි තිබුණු උපදෙසකට අනුව මගේ පැරණි යතුරුපුවරුව නව පෙනුමක් ලබාදුන්නා. ලේසි වැඩක් වුණත් එහි L අකුර පොඩ්ඩක් ‘අප්සට්’ වුණා
ඒත් ඒක මම දැන් පාවිච්චි නොකරන නිසා ගැටළුවක් නැහැ. පාට කරන්න කලින් පින්තූරයක් ගන්න බැරිවුණා. කලින් මුළු යතුරුපුවරුවම සුදු පාටයි.
12 Jul
මෙම ලිපිය මා වසර ගණනාවකට පෙර ලියූවක්. වැදගත් වේ යැයි සිතුණු නිසා වියුණු සටහනට ලියන්නට සිතුණා.
ගූගල් ඉතාමත් ජනප්රිය මෙන්ම වේගවත් පිරික්සුම් යන්ත්රයක් ලෙස සැලකේ. තමන්ට අවශ්ය දෙය ජාලයෙන් සොයාගැනීමට ගූගල් භාවිතා කිරීම සාමාන්ය ක්රමයය. මෙය වඩාත් ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්නට වැදගත් ඉඟි කිහිපයක් මෙම ලිපියෙන් පෙන්වා දෙනු ලැබේ.
ගූගල් හි සෙවුම් වේගය වැඩිකිරීම සඳහා ගූගල් සෙවුම් යන්ත්රය මගින් සාමාන්ය වදන් වන where, the, how ආදී වචනද, වෙනත් අක්ෂර හා අංකද ඉවත් කෙරේ. (මෙවැන්නක් ඉවත් කළහොත් ගූගල් මගින් එය ප්රතිඵල පිටුවේ දක්වයි.) මෙවැනි අවස්ථාවක අපට අවශ්යම කොටසක් සෙවීමට එක්කර ගැනීමට අවශ්ය නම් + ලකුණ යොදාගත හැක. උදාහරණ ලෙස ඔබට ලෝඞ් ඔෆ් ද රින්ග්ස් පළමු කොටස පිළිබඳ තොරතුරු අවශ්ය නම් lord of the rings episode +1 යන්න සෙවීම් කවුළුවේ සටහන් කළ හැක. මෙය වෙනත් ආකාර වලටද යොදාගත හැක. උදාහරණ ලෙස ඔබ ජාවා පිළිබඳව සෙවීමේදී ඇප්ලට් යන වචනයද අනිවාර්යයෙන්ම තිබිය යුතු නම් සෙවීම් කවුළුවේ java +applets ලෙස සඳහන් කළ හැක.
ඔබ යම්කිසි වදනක් සෙවීමේදී එම වදන පමණක් නොව සමාන පද හා ඊට සම්බන්ධ ඇති ප්රතිඵලද ලබාගැනීමට අදහස් කරයි නම් එම වදනට පෙර ~ ලකුණ ඇතුල් කරන්න. මෙහිදීද ~ ලකුණ හා වදන අතර හිදැසක් අනවශ්යය. උදාහරණයක් ලෙස සංගීතය හා සංගීතය සම්බන්ධ වෙනත් තොරතුරු (එම්පී3, රේඩියෝ ආදිය) අවශ්ය නම් ~music සෙවීම් කවුළුවේ සටහන් කළ හැක.
සඳහන් කළ වදන් වලින් ඕනෑම එකක් සහිත පිටු සෙවීම සඳහා OR යොදාගත හැක. මෙය කැපිටල් අකුරෙන්ම යෙදිය යුතුය. උදාහරණ ලෙස ඔබට කොරල් හා ඇඩෝබ් ආයතන වල නිපදවන ග්රැෆික් මෘදුකාංග පිළිබඳව සෙවීමට අවශ්ය නම් සෙවීම් කවුළුවේ graphic software corel OR adobe යන්න සඳහන් කළ හැක.
යම්කිසි වෙබ් අඩවියක් තුළ යම් වදනක් සෙවීම මෙමගින් කරගත හැක. මෙහිදී අවශ්ය කරන වදනට පසුව හිදැසක් තබා site: යන්න ටයිප් කර හිදැසක් නොතබාම වෙබ් අඩවියේ ලිපිනයද සඳහන් කළ යුතුය. උදාහරණ ලෙස ඔබට එල්විස් ප්රෙස්ලි පිළිබඳව www.mp3.com වෙබ් අඩවියේ ඇති තොරතුරු සොයා ගැනීමට අවශ්ය නම් සෙවුම් කවුළුව තුළ elvis presley site:www.mp3.com ලෙස සඳහන් කළ හැක.
යම් සංඛ්යා පරාසයක් තුළ ඕනෑම සංඛ්යාවක් සෙවීමටද ගූගල් හි පහසුකම් ඇත. මෙමගින් දිනයක සිට ස්කන්ධ ප්රමාණයක් දක්වා ඕනෑම සංඛ්යා පරාසයක් තුළ තොරතුරු සෙවිය හැක. එම ඒකකය සඳහන් කිරීම හා එම සංඛ්යාවලට සම්බන්ධ වෙනත් තොරතුරක් ඇතුලත් කිරීම අත්යාවශ්යය. මෙම පහසුකම සඳහා අවශ්ය ඕනෑම අංක දෙකක් හිස්තැන් වෙනත් කිසිවකින් තොරව තිත් දෙකකින් වෙන් කිරීම කළ හැක. උදාහරණයක් ලෙස ඔබට ඩොලර් 400ත් 2000ත් අතර කැමරා පිළිබඳව සෙවීමට අවශ්ය නම් සෙවීම් කවුළුවේ cameras $400..2000 ලෙස සඳහන් කළ හැක. ඔබට 1950ත් 1970ත් අතර කාලය තුළ ස්වභාවික විපත් පිළිබඳ තොරතුරු අවශ්ය නම් natural disasters 1950..1970 ලෙස සඳහන් කළ හැක.
යම්කිසි වචනයක නිර්වචනයක් ලබාගැනීමට define: යොදා අවශ්‍ය වචනය ලියන්න. උදාහරණයක් ලෙස democracy යන්නෙහි නිර්වචනය සඳහා සෙවීම් කවුළුවේ define:democracy යන්න සටහන් කර සෙවීමෙන් එහි නිර්වචනයක් ලැබෙනු ඇත.
මීට පෙරදී ගූගල් මගින් මුහුණු සෙවීමේ ක්‍රමයක් ගැනද ලියා ඇත.
එය මෙතැනින් ලබාගන්න.
ගූගල් ඇසුරිනි
12 Jul
අපට ලැබෙන විවිධ වීඩියෝ ගොනු වාදනට කරන්නට විවිධ මෘදුකාංග ගොන්නක්ම අවශ්‍යයි නේද? විශේෂයෙන්ම DivX, FLV හා තවත් බොහොමයක් ගොනු වර්ග වාදනය කරන්නට අවශ්‍ය මෘදුකාංග සොයන්නට යාම මහත් වධයක්. මේ සඳහා VLC මීඩියා ප්ලේයර් වැනි මෘදුකාංග තිබුණත් ඒවායේ කිසිදු ආකර්ශණීය බවක් නැහැ. මේ සඳහා විසඳුමක් ලබා දෙන මෘදුකාංගයක් ලෙස ගොම් ප්ලේයර් හඳුන්වා දෙන්නට පුළුවන්. එය තුළටම සංගෘහිත කරන ලද Codec පද්ධතිය සමග කිසිදු කරදරයක් නොමැතිව ඕනෑම ගොනු වර්ගයක් වාදනය කරන්නට හැකියාව තිබෙනවා. යම් හෙයකින් බලපත්‍රය බෙදාහැරිය නොහැකි codec එකක් වාදනය කිරීමට සිදුවුවහොත් එමගින් ඔබව කෙලින්ම විවෘත-කේත codec අඩවියකට යවන්නටත් සූදානම්. මීට අමතරව කොටසක් ලබාගත් (ඩවුන්ලෝඩ් කළ) AVI ගොනු වාදනය කිරීමේ හැකියාවද මෙහි තිබෙනවා. ගොම් ප්ලේයර් නොමිලේ ලබාදෙන්නක්. වයිරස් හා ස්පයිවෙයා වලින් නිදහස් විශිෂ්ට මෘදුකාංගයක් වන මෙහි අලංකාරත්වය ඉහළයි.
ගොම් ප්ලේයර්
11 Jul
වින්ඩෝස් විස්ටා වර්ගයේ දෘඪ තැටි ධාවක අයිකනය දැන් වින්ඩෝස් එක්ස්පී වලටද එක් කළ හැකිය. ඒ සඳහා කුඩා මෘදුකාංගයක් අවශ්‍යය. මෙය ක්‍රියාත්මක වන විට විස්ටා වල මෙන් ධාවක අයිකනයක් ලැබෙන අතර ඊට යටින් රූපයේ දැක්වෙන ආකාරයට කෙතරම් ඉඩක් වැයවී තිබේද යන්නද දැකගත හැකියි. Vista Drive Icon නම් මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගත හැකිය.
10 Jul
මා මීට අවුරුදු කිහිපයකට පෙර මිළදී ගත් අප රටේ ප්‍රසිද්ධ පරිගණක විද්‍යා ලේඛකයෙකුගේ පරිගණක එකලස් කිරීම පිළිබඳ පොතකට සමාන වෙබ් අඩවියක් මට හමුවිය. මෙම අඩවිය දුටු මට මෙම පොත ඉහත කී ලේඛකයාගේමදැයි සැකයක් ඇතිවිය. මට පෙනෙන්නේ නම් මෙම ලේඛකයා පරිගණක එකලස් කිරීම පිළිබඳ වෙබ් අඩවිය ‘ගෙඩි පිටින්’ සිංහලයට පරිවර්තනය කර ඇති බවයි. මා බොහෝ ගෞරව කළ ලේඛකයෙක් මෙවැන්නක් කරන්නට ඇත්ද? අපි බලමු.
මා සොයාගත් සමානතා සඳහා උදාහරණ: http://www.pcmech.com/byopc/step/5/ හි මෙසේ සඳහන් වේ:
දැන් පරිගණක එකලස් කිරීම පිළිබඳ වූ පොත: පිටුව 48 සිට
මේ උදාහරණ හොඳටම ඇති නේද? තවත් එකක් පෙන්වන්නම්. ඉහත වෙබ් පිටුවේ අංක 4 කොටසක්: If you do not have a ZIF socket (God forbid!), you need to exercise extreme care. Lay the chip on the socket. දැන් මේ පොතේ පිටු අංක 49: යම්හෙයකින් ඔබේ මදර්බෝඩ් එකේ ඇත්තේ ශිෆ් සොකට් එකක් නොවේ නම් (ඔබට දෙවියන්ගේම පිහිටය) ප්‍රොසෙසරය සවිකිරීම ඉතා දැඩි සැලකිල්ලකින් කළ යුතුය. එසේනම් ප්‍රොසෙසරය නිවැරදිව හෙමින් සොකට් එක මත තබන්න.
තවත් ටිකක් (http://www.pcmech.com/byopc/step/8/):
පොතේ පිටු අංක 42:
http://www.pcmech.com/byopc/step/2/: This is a very easy step. Basically, you are just taking the cover off your new case. If you have a standard case, you take a screwdriver and remove the four or six screws located around the edge on the back of your case. Hang on to these screws and put them in a place where they will not be scattered and can be easily found later in this procedure. Once they are removed, the entire case cover comes off in one piece.
පොතේ පිටු අංක 34: මෙය බෙහෙවින්ම පහසු අදියරකි. පළමුව කරන්නේ කෙසේ එකේ කවරය ඉවත් කිරීමය. සාමාන්‍යයෙන් එය පසුපස පිහිටි ස්කෲ ඇණ හතරක් හෝ හයක් ඉවත්කිරීමෙන් කළ හැකිය. (ඒවා පහසුවෙන් සොයා ගත හැකි තැනක තබන්න.) ඇණ ඉවත් කළ විට සම්පූර්ණ කේස් කවරයම ඉවතට ගත හැකිය.
http://www.pcmech.com/byopc/step/19/:
පොතේ පිටු අංක 116:
මේ ඇති නේද? මෙවැනි සමානකම් රැසක් මේ පොත හා එම අඩවිය අතර දැකිය හැකි වුණා. මෙම වෙබ් අඩවියේ ඇති ලිපි ලියා ඇත්තේ ඩේවිඩ් රයිස්ලි යන අයෙක්. හොඳම කාරණය මෙම පොතේ මුල මෙවන් සඳහනක් තිබීමයි: මෙම පොතෙහි සියළු හිමිකම් ඇවිරිණ. ප්‍රකාශකයන්ගෙ අවසරය නොලබා මෙහි එන කිසිවක්ම මොනම ආකාරයකින් හෝ නැවත පලකිරීම තහනම්ය. මෙහි ඇති උපදෙස් හෝ රූප සටහන් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව බුද්ධිමය දේපල නීති සංග්‍රහ පනත යටතේ කටයුතු කරනු ඇත.
ඉතින් මේ ලේඛකයා කරලා තියෙන්නේ ගෙඩි පිටින් කොපි කිරීමක් නෙවෙයිද? අඩුම තරමින් එය පරිවර්තනයක් බව කීවානම්? එසේ නොකියා තමන් විසින්ම ලියූ පොතක් ලෙස මෙය පළකිරීමෙන් ඔහු කරන්නේ බොරුවක් නොවෙයිද? තමන් ප්‍රකාශනය කළ පොතේ කොටස් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව බුද්ධිමය දේපල නීති යටතේ කටයුතු කරන්නට යන ඔහුත් කර තිබෙන්නේ එම නීති කඩකිරීමක් නොවේද?
10 Jul
3ජෑම් SMS අඩවිය, සමූහ කෙටි පණිවිඩ සඳහා කදිම ක්‍රමයකි! ඔබ යවන කෙටි පණිවිඩය, ඔබ කලින් එක් කළ මිතුරන්ට යැවෙන අතර ඔවුන්ගේ ප්‍රතිචාරද ඔබ කලින් එක් කළ මිතුරන් සියල්ලටම යැවේ. ලූපයක ආකාරයට සියළු කෙටි පණිවිඩ, ඔබ සඳහන් කර ඇති සියළු මිතුරන්ට ලැබෙන අතර මේ සඳහා වැයවන්නේ එක් කෙටි පණිවිඩයක ගාස්තුව පමණි.
3ජෑම්
10 Jul
බ්ලොගර් මගින් සකස් කරන ලද වියුණු සටහන් වලට ඉහළින් දිස්වෙන Navbar ඉවත්කිරීමේ ආකාරයයි මේ. මෙය නව බ්ලොගර් සඳහායි සකස් කර තිබෙන්නේ. ක්‍රමය ඉතාම සරලයි. ඔබේ බ්ලොග් එකෙහි Template එක වෙත ගොස් මෙය එයට එක්කරන්න: #navbar-iframe {height: 0px; visibility: hidden; display: none;}
මා දන්නා තරමින් නම් මෙය බ්ලොගර් හි නීති කඩ කරන්නක් නොවෙයි. එම නිසා ගැටළුවක් ඇතිවිය නොහැකියි.
8 Jul

ඇපල් සමාගමේ නිෂ්පාදන වල පරිණාමය
එඩ්වින් ටොෆ්ස්ලි විසින් නිර්මාණය කරන ලද්දකි.
බලන්න
3 Jul

වෙබ් අඩවි වල පින්තූර නැරඹීම සඳහා හඳුන්වා දෙන මෘදුකාංගයකි. ඉතාමත් පහසුවෙන් ෆ්ලිකර්, ගූගල් පින්තූර, යාහූ පින්තූර, ෆ්‍රෙන්ඩ්ස්ටර්, පිකාසා වෙබ් ඇල්බම්, ෆේස්බුක් ආදියේ පින්තූර තිරය පුරා රසවිඳීමට හැකියාව ලැබේ. ෆයර්ෆොක්ස් හා සෆාරි සඳහා පමණයි දැනට නිකුත් කර ඇත්තේ. පික්ලෙන්ස්
3 Jul
මා ටික දිනකට කලින් ඉල්ලූ උබුන්ටු සීඩී තැටි ලැබුණේ ඊයේ. හිතුවටත් වඩා ඉක්මණින්! දැන් ඉන්ස්ටෝල් කරන්නයි ලෑස්තිය. ටිකක් භාවිතා කර බැලුවා. මම කලින් පාවිච්චි කරපු ෆෙඩෝරා වලට වැඩිය නම් ගොඩක් හොඳයි වගේ.