මලින්තගේ සටහන | Malinthe’s Note

Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for December, 2007

ගාලු ගියෙමි.

පෙරේදා ගාල්ලට ගියා අත්තම්මව බලන්න සහ තවත් වැඩ කීපයකට. ගියේ නම් ඉතින් Train එකෙන්. ඒක නම් වැඩිය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් සෙනග ටිකක් වැඩියි. අද ආයෙමත් ගෙදර ආවා. ඒක තමයි හොඳටම එපා වුණේ. ගාල්ලෙන් කොළඹට එන්න පැය තුනයි. ඒක නම් ඉතින් මහ ලොකු ගාණක් නෙවෙයිනෙ නේද? එහෙනම් මේක කොහොමද? කොළඹ සිට මහනුවර පැය 7යි!!! ඔව් පැය හතක්! කොළඹින් පිටත් වුණේ දවල් දොළහට. කඩුගන්නාව පැත්තෙ පාර හදන නිසා එතන පැය තුනක් රස්තියාදු වුණා. මේක දවස් ටිකේම එහෙමලු. අනේ අනිච්චං! මෙහෙම කට්ටක් කාලා නෑ ජීවිතේට! :D
  • 0 Comments
  • Filed under: Uncategorized
  • Trying out imified

    Hmm, this looks cool. I’m writing this post from imified via Google Talk - you guys should try this out. It’s just great. I’ll write more about this later. සිංහලත් වැඩද? අහ්, නියමයි! :D
  • 0 Comments
  • Filed under: Uncategorized
  • මගේ සටහන කියවන (වින්ඩෝස් භාවිතා කරන) හැමෝම වගේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා ඇතිනේ? ඒකක් නැතුව නම් ඉතින් වින්ඩෝස් ලෝකයේ ජීවත්වෙන්න ටිකක් අමාරුයි :D

    හරි. ප්‍රතිවෛරස මෘදුකාංගයක් පාවිච්චි කරනවා කියලා හිතමුකෝ. දැන් ඔය පාවිච්චි කරන මෘදුකාංගය හරියටම වැඩ කරනවද කියලා දන්නවද? වැඩ කරනවා වගේ පෙනුනට ඇත්තටම ‍වැඩද? ඒක නියමිත වෙලාවට අප්ඩේට් වෙනවද? ඒකට අහු නොවෙන වෛරස දැන් පරිගණකයේ තියෙනවද? ඒක හරියටම කියන්න බැහැ. මොකද හොඳම ප්‍රතිවෛරස මෘදුකාංගය කියලා කියන්න පුළුවන් මෘදුකාංගයක් නැති නිසා. විවිධ වැඩසටහන් වල විවිධ උපායන් වගේම දුර්වලතා තියෙන නිසා මේක තමයි හොඳම කියන්න බැහැ.

    ඒ නිසා, පුළුවන් වෙලාවට තවත් ස්කෑනරයකින් පරිගණකය පරීක්ෂා කරලා බලන එක ගොඩක් හොඳයි. සාමාන්‍ය ඔන්ලයින් ස්කෑන් කිරීමකට ගොඩක් වෙලා යන නිසා, ඉතාමත් ඉක්මනින් මේ කටයුත්ත කර දෙන සේවයක් තමයි මේ හඳුන්වා දෙන්නට යන්නේ. Panda NanoScan: ලෝක ප්‍රසිද්ධ පැන්ඩා ප්‍රතිවෛරස සමාගමේ සේවයක්. ඉතාමත් ඉක්මණින් පරිගණකයේ පරීක්ෂාවක් කර බලන්න පැන්ඩා නැනෝස්කෑන් මගින් පුළුවන්. (විනාඩියක් දෙකක් විතර - මගේ ඩයල්අප් සම්බන්ධතාවයෙනුත්)

    දැනට පැන්ඩා නැනෝස්කෑන් මගින් වෛරස වර්ග 2,720,658 පමණ සොයාගන්න පුළුවන්. කිලෝබයිට් 400ක් පමණ වන නිසා ඉක්මණින් ප්‍රවේශනය වී ඉක්මණින් ස්කෑන් කිරීම අවසන් කරනවා. නිකං ඉන්න වෙලාවක නිකමට වගේ පැන්ඩා නැනෝස්කෑන් ක්‍රියාත්මක කරලා බලන්න. හැමදේටම වඩා ආරක්ෂාව වැදගත්නේ, නේද?
    PS: I don’t write the English Translation anymore. Should I write it again? Please comment if you want it back :-)

  • 0 Comments
  • Filed under: Uncategorized
  • අපේ ජනප්‍රියම ක්ෂණික පණිවිඩකරු ගූගල් ටෝක් දැන් භාෂා පරිවර්තන කාර්යයටත් අතගහලයි තියෙන්නේ! ඔව්. විවිධ භාෂා කතා කරන යාළුවෝ ගොඩක් ඉන්නවානම් මේ වගේ විශේෂාංගයක් කියලා නිමකරන්න බැරි තරම් වටිනවා නේද? මේ සේවය ක්‍රියාත්මක වෙන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් පාදක කරගෙනයි.

    1. Arabic > English (ar2en)
    2. German > English (de2en)
    3. German > French (de2fr)
    4. Greek > English (el2en)
    5. English > Arabic (en2ar)
    6. English > German (en2de)
    7. English > Greek (en2el)
    8. English > Spanish (en2es)
    9. English > French(en2fr)
    10. English > Italian (en2it)
    11. English > Japanese (en2ja)
    12. English > Korean (en2ko)
    13. English > Dutch (en2nl)
    14. English > Russian (en2ru)
    15. English > Chinese (en2zh)
    16. Spanish > English (es2en)
    17. French > German (fr2de)
    18. French > English (fr2en)
    19. Italian > English (it2en)
    20. Japanese > English (ja2en)
    21. Korean > English (ko2en)
    22. Dutch > English(nl2en)
    23. Russian > English (ru2en)
    24. Chinese > English(zh2en)

    යම් භාෂා පරිවර්තකයක් එකතු කරගන්න නම් භාෂා පරිවර්තක කේතය සමග @bot.talk.google.com ලියා නව මිතුරෙක් ලෙස එකතු කරගන්න. (Add මගින්) උදාහරණයක් විදියට ජර්මන් බස ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නට නම් de2en@bot.talk.google.com මිතුරෙක් ලෙස එකතු කරගන්න.

    gHacks මගිනි.

  • 1 Comment
  • Filed under: Uncategorized
  • ලෝන්චි අලුත් වෙයි

    මම කාලෙකට කලින් කියපු ලෝන්චි මෘදුකාංගයේ අලුත්ම අනුවාදයක් ඊයේ නිකුත් කළා. මේ නව 2.0 අනුවාදය කලින් අනුවාදයට වැඩිය පහසුකම් කිහිපයක් වැඩියෙන් ලබාදෙනවා. අලුත්ම Skin එකක්, Fade-in සහ Fade-out Effects, වැඩිදියුණු කළ Plugins… නියමයි!

    ස්ථාපනය කරනකොට පරිස්සමින්. මොකද පැරණි අනුවාදයේ සැකසුම් ඔක්කොම මැකෙන නිසා. අවශ්‍යනම් පරණ සැකසුම් ටික ලියලා තියාගන්න එක කෝකටත් හොඳයි. අනිත් එක පරණ Plugins/Skins මේ අනුවාදය එක්ක වැඩකරන්නේ නැහැ.

    කලින් පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරලා බලන්න. කවදාවත් අතහරින්නේ හිතෙන්නෙ නැති නියම මෘදුකාංගයක්.

    [ලෝන්චි]

  • 0 Comments
  • Filed under: Uncategorized
  • සිංහල ගීත අහන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Lyrics නැත්නම් පද රචනා හොයාගැනීම. සමහර වෙලාවට හරියට ඇහෙන්නෙ නැති වචන එහෙම දැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. මේ ප්‍රශ්නයට විසඳුමක් විදියට LyricsLK අඩවිය මීට දින කිහිපයකට කලින් ක්‍රියාත්මක වුණා. විකියක් ලෙස ක්‍රියාත්මක වන මේ අඩවිය මගින් ඔබට අවශ්‍ය පද රචනා ලබාගන්නට පුළුවන්. දැනට නම් වැඩි ගීත ගණනක් නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වේවි. ඔබටත් සහය වෙන්නට පුළුවන්. LyricsLK හි ගිණුමක් හදාගෙන සහය වෙන්න.

    [LyricsLK]

  • 0 Comments
  • Filed under: Uncategorized
  • සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කරුවන් සඳහා සමූහයක් සකසා තිබෙනවා. ඔබත් සිංහලයෙන් බ්ලොග් ලියන්නෙක් නම් එකතුවන්න.

    Google Groups
    සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට එකතුවන්න

    ඊමේල් ලිපිනය:

  • 0 Comments
  • Filed under: Uncategorized
  • ගූගල් දැනට අතගසා නැති ක්ෂේත්‍රය මොකක්ද? :D ඒකනේ කියන්නේ. හිතාගන්නවත් අමාරුයි නේද? තව ටික දිනකින් ගූගල් විශ්වකෝෂ කාර්යයටත් අතගසන්නටයි සූදානම. ‘නොල්’ නමින් හැඳින්වෙන මේ විශ්වකෝෂය විකිපීඩියාවට හොඳ තරගයක් දෙන්නට සමත් වේවි. දැනට නම් වැඩි විස්තර කිසිවක් නැහැ. මෙහි මූලිකම අදහස විවිධ තොරතුරු ලියන පුද්ගලයන්ට මුල් තැනක් දීම තමයි. ඒ කියන්නේ යම් ලිපියක් ලියන පුද්ගලයාගේ නම පෙන්වීම ආදී ක්‍රම භාවිතය. මේ ක්‍රමය ගොඩක් හොඳ වෙන්නේ දැනටමත් විකිපීඩියාවේ credibility එක ගැන හුඟක් ගැටළු තිබෙන නිසයි. විකිපීඩියාවට වඩා හොඳ Community Tools තිබෙන නොල් මගින් ප්‍රශ්න අසන්නට, අදහස් කියන්නට, තවත් තොරතුරු එක්කරන්නට, සංස්කරණය කරන්නට හැකියාව ලැබේවි. කොහොම වුණත්, නොල් ඉතා විශිෂ්ට කාර්යයක් වේවි කියන එක ගැන නම් අපට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.

    Official Google Blog මගිනි.

  • 0 Comments
  • Filed under: Uncategorized
  • අලුතෙන් මොබයිල් එකක් ගන්නද සූදානම? ගන්න කලින් ට්‍රයි කරන බැලුවොත් හොඳ නැද්ද? ගත්තට පස්සේ පසුතැවෙන්නෙ නැතුව ඉන්න නම් ෆෝන් එක ට්‍රයි කරන එක ගොඩක් හොඳයි. ෆෝන් ෂොප් එකට නොයා ෆෝන් එකක් ට්‍රයි කරන්න හොඳම තැනක් ගැනයි මේ කියන්නට සූදානම. TryPhone: අන්තර්ජාලය මගින් ජංගම දුරකථන භාවිතා කරන්නට සැදුණු නවතම අඩවියයි. සම්පූර්ණයෙන්ම අන්තර්ක්‍රියාකාරී ජංගම දුරකථන රැසක් පාවිච්චි කර බලන්නට මෙමගින් හැකියාව ලැබෙනවා. දැනට නම් ඇත්තේ දුරකථන කිහිපයක් පමණයි. Apple iPhone, LG Muziq, Samsung Juke හා BlackBerry Pearl වර්ග පමණයි. ඒත් සතිපතා නව දුරකථනයක් බැගින් එක්කරන බවටයි ආරංචිය. මෙය තවමත් බීටා සංස්කරණයක්. උත්සාහ කර බලන්න. [TryPhone]

    ලයිෆ්හැකර් මගිනි.

  • 0 Comments
  • Filed under: Uncategorized
  • නිතර නිතර වීඩියෝ හා චිත්‍රපට එක්ක වැඩ කරන හැමෝම වගේ DivX ගැන දන්නවා ඇතිනේ? මේ කියන්නට යන්නේ DivX මගින් DivX Pro (ඔව්, Professional අනුවාදය) බොහෝ සුළු කාලයකට නොමිලේ ලබාගන්නට පුළුවන් බවයි! ඔව්. සාමාන්‍යයෙන් රුපියල් දෙදහසකට ආසන්න DivX Pro සුළු කාලයකට කිසිදු ‍මුදලක් නොගෙවා ලබාගන්නට පුළුවන්!

    DivX Pro මෙතැනින් ලබාගන්න

    ප.ලි.: ඔව්, නීත්‍යානුකූල අනුවාදයක් තමයි! :-)

  • 1 Comment
  • Filed under: Uncategorized
  • අදහස් | Comments

    • රට්කෝ ම්ලාඩිච්: @ naveen, Thanks for your kind words, buddy. @ මලින්ත, වෛරස් එනවා නම් වින්ඩෝස්, open source...
    • naveen: @ රට්කෝ ම්ලාඩිච් I 100% agreed with u. i also think like that :wink:
    • රට්කෝ ම්ලාඩිච්: නාගයෝ, දැන් මේකට අභියාචනාධිකරණ ේ නඩුවක් වැටිලයි...
    • රට්කෝ ම්ලාඩිච්: @ මලින්ත & නවීන්, මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට....
    • Nagaya: Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak...
    • Nagaya: Thnkx Malithe for the info about ///Sampath Mini debit card….I got mine….. And I’m using Vixta Linux….I can see your blog with correct rendering…not like on XP...
    • SRIshanu (ශ්‍රීශානු): දැන් බ්ලොග් ලියන්නෙත් නෑ… අයිපොඩ්ඩ නිසා… :mrgreen:
    • naveen: ela machan ehema thamai inna ona :razz:

    Twitter Updates

      Recently Played Songs

      • The Doors – Riders on the Storm
      • The Beatles – All You Need Is Love
      • The Beatles – Here Comes the Sun/The Inner Light [transition]
      • The Beatles – Glass Onion
      • The Beatles – Get Back

      Stats

      TopOfBlogs