සුපිරි ආරක්ෂාවකට Trust-No-Exe | Trust-No-Exe for a superb protection
වින්ඩෝස් පාවිච්චි කරන හැමෝම දන්නවා වෛරස් තරම් එපාකරපු දෙයක් තවත් නැති වග. (මමත් වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අත්හැරලා නැති නිසා…) දැන් අපේ වැඩ ඔක්කොම අවුල් කරන්න එන වෛරස් නවත්වන්න අනිවාර්යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් තියෙන්න ඕන. ඒ වුණත් සමහර වෛරස් අල්ලගන්න ඒ මෘදුකාංග වලට නොහැකි වෙන අවස්ථාත් නැත්තෙම නැහැ. ඒ වගේ වෙලාවක ජාමේ බේරගන්න නිපදවපු නියම මෘදුකාංගයක් තමයි මේ Trust-No-Exe කියන්නේ. නිෂ්පාදකයෝ මේ මෘදුකාංගය හඳුන්වා දෙන්නේ An Executable filter for Windows වශයෙන්.
මොකක්ද ඇත්තටම මේකෙන් වෙන්නෙ? .exe, .com, .dll, .drv, .sys, .dpl වැනි ගොනු වර්ග ගණනාවක්ම ‘පෙරන්නට’ හැකියාව මේ මෘදුකාංගයට තිබෙනවා. සාමාන්‍යයෙන් වෛරසයක් එන්නේ .exe ගොනුවක් මගින්. අපි අත්වැරදීමකින් හෝ එවැන්නක් විවෘත කළොත් Trust-No-Exe මගින් එම ගොනුව විවෘත වීම වළක්වා දමනවා. මෙහි විශේෂත්වය අපට අවශ්‍ය ෆෝල්ඩර වල තිබෙන මෘදුකාංග ධාවනය වීමට ඉඩ දී, අප සඳහන් කර නැති අනෙක් සියළු ධාවක හා ෆෝල්ඩර වල සියළු Executable ගොනු ධාවනය වීම වැළැක්වීමයි. සාමාන්‍යයෙන් C:\Windows හා C:\Program Files ෆෝල්ඩර තමයි Access List එකට ඇතුල් වන්නේ.
මම නම් සාර්ථකව මෙය අත්හදා බැලුවා. අත්වැරදීමකින් පෙන් ඩ්‍රයිව් එකකින් ආ වෛරස ගොනුවක් ධාවනය වීම වැළැක්වීම වගේ අවස්ථා දෙක තුනක්. ඒ හින්දා පාවිච්චි කරන්න බය වෙන්න ඕන නැහැ.
කොහොම වුණත්, මේක ප්‍රතිවෛරස මෘදුකාංගයකට විකල්පයක් නෙමෙයි. ඒ නිසා වින්ඩෝස් පාවිච්චි කරනවා නම් ප්‍රතිවෛර මෘදුකාංගයක් ස්ථාපනය කරලා කලට වේලාවට යාවත්කාල කරලා තියාගන්න!!
2 Comments to “සුපිරි ආරක්ෂාවකට Trust-No-Exe | Trust-No-Exe for a superb protection”