Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ජීමේල් භාවිතාකරුවන්ට අතිරේක ලිපිනයක් | Gmail Users: You have another address!

Gmailඔබත් ජීමේල් භාවිතා කරනවානම් (කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එකක් ලබාගන්න. It simply rocks! :) ) දැනට තියෙන්නේ user@gmail.com වර්ගයේ ලිපිනයක් නේද? නැහැ. ජීමේල් ලිපිනයක් ලබාගන්නකොට තවත් ලිපිනයක් ලැබෙනවා. user@googlemail.com ආකාරයේ ලිපිනයක්. මේ ලිපිනයට යවන සියලුම ලිපි ලැබෙන්නේ ඔබේ වත්මන් ගූගල් ගිණුමටමයි. ස්පෑම් වලින් බේරීමට නම් මෙය ගොඩක් හොඳ ක්‍රමයක්.

If you use gmail (you don’t? get one now guys!) you must be thinking that you only have an address that looks like user@gmail.com huh? Nope, you also get a googlemail.com address. It’s like user@googlemail.com. Yup, all the mail sent to this address will be forwarded to your current account. It’s a great way to avoid spam. Try and comment.

[Lifehacker]

Posted on 26 February '08 by Malinthe Samarakoon, under Uncategorized.


4 Comments to “ජීමේල් භාවිතාකරුවන්ට අතිරේක ලිපිනයක් | Gmail Users: You have another address!”

#1 Posted by චරිත (29.09.08 at 09:36 )

මම මේ සටහනට ආවේ ස්පෑම් වලට විසඳුමක් හොයමින් සිටියදී. ඒත් ජී මේල් වල ඔය කියන දෙවන එකවුන්ට් එකට යන්නේ කොහෙන්ද? මේ කියන්නෙ Send mail as හරි Get mail from other accounts දෙක ගැන නෙවෙයි කියල හිතනවා :lol:

#2 Posted by Malinthe Samarakoon (29.09.08 at 14:56 )

@චරිත: නෑ. දැන් ඔබේ තියෙන ජීමේල් ගිණුමටම තමයි එන්නෙ. දැන් ඔබට තියෙන්නෙ user@gmail.com කියලා නම් user@googlemail.com කියලා කවුරුහරි ලිපියක් එව්වොත් දැන් තියෙන ගිණුමටම එන්න ඕන. ඒ විතරක් නෙවෙයි පරිශීලක නාමයට පස්සෙ තිතක් තියලා ඕන වචනයක් ගහලා ලිපිනයක් හදන්න පුළුවන්. ඒවා එන්නෙත් ඔබේ ගිණුමටමයි. (උදා: user.spamblock@gmail.com, user.new@gmail.com)

#3 Posted by චරිත (29.09.08 at 16:13 )

එහෙම හදන්න පුළුන් උනාට ඒක වෙනම ගිණුමක් හැටියටනෙ හැදෙන්නෙ.එතකොට දැන් තියෙන ගිණුමට සම්බන්ධ කරන්න වෙන්නෙ Get mail from other accounts භාවිත කරල. එහෙම නැතිව ක්‍රමයක් තියෙනවනම් ටිකක් පැහැදිලි කරන්න පුළුන්ද (කමෙන්ට් එකේ හරි වෙනම සටහනකින් හරි). යාහු වල වගෙ ගිණුම ඇතුලෙ ගිණුමක් හදන හැටි ගැන ජී මේල් එකේ කියන්නෙ නෑ.

#4 Posted by Malinthe Samarakoon (29.09.08 at 16:20 )

නැහැ නැහැ. ගිණුමක් හදන්න අවශ්‍ය නෑ. පුළුවන් නම් ඔබේ ජිමේල් ගිණුමෙන් නැතිව යාහූ වගේ ගිණුමකින් මම කිව්ව විදියට ලිපිනය ලියලා පණිවිඩයක් යවලා බලන්න. උඩ එක නම් පොඩ්ඩක් වැරදිලා. තිත වෙනුවට + ලකුණයි එන්න ඕන.

‍මේ ටික කියවලා බලන්න:

http://labnol.blogspot.com/2006/09/gmail-easter-eggs-dot-blindess-email.html

http://lifehacker.com/360524/use-a-googlemailcom-address-to-lessen-gmail-spam