Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

වර්ඩ්ප්‍රෙස් 2.5 හි පැරණි වර්ණ තේමාව ලබාගන්නා හැටි

Wordpress Old Color Theme

වර්ඩ්ප්‍රෙස් පාවිච්චි කරන ගොඩක් අය දැනටමත් 2.5 වෙත යාවත්කාලීන වෙලා ඇති නේද? අලුත් පෙනුම නම් නියමයි. විශේෂාංගත් ගොඩක් හොඳයි. ඒත් ගොඩ කාලයක් පරණ අනුවාදය පාවිච්චි කරපු අයට පරණ ඩෑෂ්බෝඩ් එක නැතුව පාළුයි වගේ නම් පරණ වර්ණ තේමාව ලබාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ සඳහා Users ටැබ් එකට ගිහින් ඔබේ පරිශීලක නාමය මත ක්ලික් කරන්න. එතකොට මතුවන ඔබේ පෞද්ගලික විකල්ප පිටුවේ තියෙනවා Admin Color Theme - එයින් පැරණි වර්ණ තේමාවට යන්න පුළුවන්. ඒ වුණත් මම නම් අලුත් තේමාවට කැමතියි. :)

Posted on 31 March '08 by Malinthe Samarakoon, under software, tips.