Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

අද බසයේ ගෙදර ආපු හැටි

අහ් මේක නම් කියන්නම ඕන ;) සාමාන්‍යයෙන් අපේ ගෙවල් පැත්තට එන බස් එන්නෙ වැව රවුම, ලේවැල්ල, සිරිමල්වත්ත හරහා. මේ දවස් වල වැව රවුමේ පාර හදන නිසා අද බස් එකේ කොන්දොස්තර කිව්වා ‘අද යන්නෙ වැව රවුමෙන් නෙමෙයි, ධර්මාශෝක මාවත පැත්තෙන්’ කියලා. හේතුව මේ ට්‍රැෆික් එක තමයි. ඉතින් අපි ආවෙ නැතෑ. කොහොම හරි ඇවිල්ලා ඇවිල්ලා ධර්මාශෝක මාවතටත් ආවා.

ඔන්න ඉතිං පාර දිගේ ගොඩක් දුර ගියාට පස්සෙ මෙන්න තවත් බ්ලොක් එකකට අහුවුණා. මං හිතන්නෙ ඒ පැත්තෙත් පාර හදනවා වෙන්න ඇති. විනාඩි දහයක් විතර හෙමින් හෙමින් ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර් ආයෙ බස් එක හරවගෙන ඇවිල්ලා අරුප්පල පැත්තෙන් ආවා. අපිත් ඉතින් ඇති යන්තම් කියලා සැනසුම් සුසුමක් හෙලනකොටම, අරුප්පල පිට්ටනිය ළඟ තවත් බ්ලොක් එකක්. අපි බැලුවා මේ මොකද කියලා. මුලින් හිතුවෙ වාහනයක්වත් හැප්පිලා වෙන්න ඇති කියලා. බලනකොට ඒ පාර පොඩි හින්දා වාහන වලට මාරුවෙන්න බැහැ :D හපොයි ඉතින් එතනත් පැය බාගයක් විතර ඔහේ බලාගෙන ඉඳලා කොහොම හරි පිටත් වුණා. අපි සිරිමල්වත්ත හරියට එනකොට අපට පස්සෙ එන බස් එකත් අපිව පහුකරගෙන ගියා. අනේ අනිච්චං මට හිතිච්ච දේවල්! ඒත් ඉතින් මොනවා කරන්නද? :D ලංකා‍වනෙ!

Posted on 5 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


5 Comments to “අද බසයේ ගෙදර ආපු හැටි”

#1 Posted by Chamara Peiris (05.04.08 at 15:15 )

වැව රවුමෙ ගියානං මරු නේද? :D

#2 Posted by Anandawardhana (06.04.08 at 08:25 )

ආ, මේ ගැන නම් අපටත් දුකයි.

හැකි ඉක්මනින් සුපුරුදු පාරෙන් යන්න ලැබේවා! :D

#3 Posted by නාගයා (08.04.08 at 23:24 )

අයියෝ ඒ ගැන නම් කියලා වැඩක් නෑ

මම දවසක් පැය 2ක් විතර වැව රවූමේ හිටියා

#4 Posted by වරුණ (10.04.08 at 05:21 )

වැව රවුම වගේ නෑනෙ . කොහොමෙයි Foreest Gump?

#5 Posted by Malinthe Samarakoon (10.04.08 at 05:23 )

අනේ මොකට කියනවද තාම බලන්න වෙලාවක් ලැබුණේ නෑනෙ. මීට කලින් කවදාවත් මෙහෙම වෙලා නැහැ. :)