සිංහල බ්ලොග් මැරතන් බලන හැටි
ඔන්න දැන් මැරතන් එක බලන්න සියලුම දේවල් සූදානම්.
1. මැරතන් සින්ඩිකේටරය - සින්ඩිකේටරය මගින් අලුත්ම ලිපි එවෙලේම දැකගන්නට පුළුවන්. එකම තැනකින්.
2. Combined Feed - මේ යාහූ Pipes
මගින් ක්‍රියාත්මක වෙන වෙනමම එකක්. මේ feed එක මගිනුත් මැරතන් එකට එන සියලුම බ්ලොග් කියවන්නට පුළුවන්. ඔබේ feed reader එකට දාගෙන. (Google Reader, Bloglines etc.)
3. ක්ෂණික පණිවිඩ මගින් - ගූගල් ටෝක් සඳහා ක්‍රියාත්මක වෙන මේ සේවාව මගින් අලුත්ම ලිපි එවෙලේම ලබාගන්නට පුළුවන්. marathon@sinhalabloggers.com ඔබේ ගූගල් ටෝක් මිතුරු ලැයිස්තුවට එක්කරගන්න.
4. Twitter මගින් - ඔබටත් Twitter ගිණුමක් තියෙනවා නම් එමගිනුත් දැන් අලුත්ම ලිපි ලබාගන්නට පුළුවන්. මං කලිනුත් ලියලා ඇති ට්විටර් ගැන. ට්විටර් මගින් අලුත්ම ලිපි ලබාගන්න http://twitter.com/blogmarathon මගින් පුළුවන්.
තාම බ්ලොග් එකතු කරලා ඉවර නැහැ. ඔබත් බලාපොරොත්තුවෙන් නම් ඉන්නෙ සහභාගි වෙන්න, දැන්ම ගිහින් sinhalabloggers.com වෙත ඔබේ බ්ලොග් එකත් එකතු කරන්න. ![]()
One Comment to “සිංහල බ්ලොග් මැරතන් බලන හැටි”