මයික්‍රොසොෆ්ට් මහත්වරු
මේක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන. අද ගියා කම්පියුටරේජ් එකට වෙබ්කැම් එක ගන්න. ඒගොල්ලො දැන් ව්‍යාජ මෘදුකාංග විකුණන්නේ නැහැ. ඔරිජිනල් ඒවා පමණයි. ඒ නිසා එතැන ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් (හපොයි මේක සිංහලෙන් ගහන්න ගියාම එපාවෙනවා) එකේ ලොකු පෝස්ටරයක්. පෝස්ටරේ ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පාවිච්චි කිරීමේ වාසි.
හරියටම මතක නැහැ. මෙහෙම එකක් තිබුණා: ව්‍යාජ මෘදුකාංග ඔබේ දත්ත විනාශ කරයි! අපොයි භයානකයි නේද?
ඒකෙ දාලා තියෙනවා ඉතින් තවත් විස්තර ගොඩක්. අප්ඩේට් කරන්න ලේසියි, හොඳ සපෝට් එකක් තියෙනවා ආදී වශයෙන්. ඒත් මට හොඳටම මතක හිටියේ මෙන්න මේක: විනාශකාරී වෛරස් වලින් ආරක්ෂාව!
හපොයි කවදා ඉඳන්ද මයික්‍රොසොෆ්ට් එකේ මෘදුකාංග වලට වෛරස් වලින් ආරක්ෂාව ලැබුණේ? දන්නෝ දනිත්! ![]()
9 Comments to “මයික්‍රොසොෆ්ට් මහත්වරු”