මයික්‍රොසොෆ්ට් මහත්වරු

මේක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕන. අද ගියා කම්පියුටරේජ් එකට වෙබ්කැම් එක ගන්න. ඒගොල්ලො දැන් ව්‍යාජ මෘදුකාංග විකුණන්නේ නැහැ. ඔරිජිනල් ඒවා පමණයි. ඒ නිසා එතැන ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් (හපොයි මේක සිං‍හලෙන් ගහන්න ගියාම එපාවෙනවා) එකේ ලොකු පෝස්ටරයක්. පෝස්ටරේ ගහලා තියෙනවා මයික්‍රොසොෆ්ට් මෘදුකාංග පාවිච්චි කිරීමේ වාසි.

හරියටම මතක නැහැ. මෙහෙම එකක් තිබුණා: ව්‍යාජ මෘදුකාංග ඔබේ දත්ත විනාශ කරයි! අපොයි භයානකයි නේද? 😀 ඒකෙ දාලා තියෙනවා ඉතින් තවත් විස්තර ගොඩක්. අප්ඩේට් කරන්න ලේසියි, හොඳ සපෝට් එකක් තියෙනවා ආදී වශයෙන්. ඒත් මට හොඳටම මතක හිටියේ මෙන්න මේක: විනාශකාරී වෛරස් වලින් ආරක්ෂාව!

හපොයි කවදා ඉඳන්ද මයික්‍රොසොෆ්ට් ‍එකේ මෘදුකාංග වලට වෛරස් වලින් ආරක්ෂාව ලැබුණේ? දන්නෝ දනිත්! 😆

9 thoughts on “මයික්‍රොසොෆ්ට් මහත්වරු

  1. “…මයික්‍රොසොෆ්ට් (හපොයි මේක සිං‍හලෙන් ගහන්න ගියාම එපාවෙනවා)…” 😕

    ඇයි ඔය නම මේ විදියට ටයිප් කළොත් පහසු නැද්ද? — මෛක්‍රොසොෆ්ට් 😆

  2. කොහෙද කම්පියුටරේජ් එක තියෙන්නේ?
    නුවර ද එහෙම නැත්නම් කොළඹ ද?

  3. machan monawa kiwwath vista walata nam no virus (i have about 1.5 year experience without any antivirus software,lap is always connected to ineternet) machan ochchara opensource walata wahal wenna epa… try to do both then u can get the best use of technology

    😛

  4. හයියෝ බොස් මං open source වලට වහල් වෙලා නෑ! 😀
    මං දැනට වින්ඩෝස් එක්ස්පී සහ ලිනක්ස් මින්ට් පාවිච්චි කොරනවා. වෛරස් නම් කාලෙකින් ඇවිල්ලා නෑ වින්ඩෝස් මැසිමට ඒත් වෛරස් ගොඩක් වෙලාවට එන්නෙ වින්ඩෝස් වලට නේදැ? 🙂

  5. @ මලින්ත & නවීන්,

    මම මගේ ගෙදර Internet පාවිච්චි කරන්නේ 1996 සිට. පළමුව Eureka Online සමාගමේ Dial-up ගිණුමක් තිබුණා 2002 වන තුරු (වේගය – 33.6 kbps!!). ඊළඟට Sri Lanka Telecom එකෙන් ඒත් Dial-up ගිණුමක් තිබුණා 2002 සිට 2005 ජනවාරි දක්වා. ඊට පස්සේ 2005 ජනවාරි සිට මේ වෙනකම් ADSL. කියන්න සතුටුයි මේ අවුරුදු 12 ටම මගේ computer එකට කිසිම වෛරස් එකක් ඇවිල්ලා නෑ. මා මුලින්ම භාවාතා කළේ Windows 95. ඊට පස්සේ 1999 දී Windows 98 ට upgrade වුණා. 2004 සිට තමයි Xp පාවිච්චි කරන්නේ. Open source නම් අද වෙනතුරු අත්හදා බලලා නැහැ. කිව්වට විශ්වාස කරන එකක් නැහැ, මම Anti-Virus software එකක් (නම් වශයෙන් කියනවා නම් Avira) පාවිච්චි කරන්න පටන් ගත්තේ 2006 ඉඳලා විතරයි (ඒකත් free ලැබුණු නිසා) . මට හිතෙන විදියට ඔය කියන තරම් වෛරස් නැහැ. එහෙමනම් මගේ computers 1996 සිට මේ වෙනකොට 100 වතාවක් කඩාගෙන වැටිලා තියෙන්න ඕනේ! ඒත් එහෙම වුණේ නැහැ. ඕක හරියට අර කිරිපිටි කොම්පැනි ඔස්ටියෝපොරෝසිස් ගැන කියලා මිනිස්සුන්ව බය කරලා අධි-කැල්සියම් කිරිපිටි විකුණගන්නවා වගේ වැඩක්. වෛරස් බිල්ලෙක් මවා පාලා McAfee ලා Norton ලා අපේ පොකට් එකට තට්ටු කරනවා.

  6. @ naveen,
    Thanks for your kind words, buddy.

    @ මලින්ත,
    වෛරස් එනවා නම් වින්ඩෝස්, open source කියලා නැහැ නේද? වෛරස් එක එන්නේ ඔයාගේ කොම්පියුටර් එකට. ඒත් මම කලින් කිව්වා වගේ පසුගිය අවුරුදු 12ටම මගේ කොම්පියුටර් එකට කිසිම වෛරස් එකක් ආවේ නැහැ.

    මුල් කාලයේ මගේ නොදැනුවත්කම නිසා නොයෙකුත් වෙබ් අඩවිවල මගේ email ලිපිනය රඳවලා ආවේ නැතෑ email ගංගාවක්! ඒ දවස්වල මට spam mail ආවා දවසකට 100 ක් විතර. හැබැයි ඒ එකකවත් වෛරස් එකක් නම් තිබුණේ නැහැ. ඒ වාගේම Eureka Online සමාගම වෛරස් සහිත ඊමේල් filter කළාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. එහෙම කරනවා කියලා මට දැනුම් දීලා තිබුණෙත් නැහැ. මට ආපු ඊමේල් block කළා කියලා දැන්වුයෙත් නැහැ.

    2005 සිට මේවන තුරු සාමාන්‍යයෙන් මගේ කොම්පියුටරය උදේ ඉඳන් රෑ 10 පමණ වන තුරු අන්තර්ජාලයට connect වෙලායි තියෙන්නේ (ADSL වලට පින් සිද්ද වෙන්න 😆 — නැත්නම් වෙන්නේ වහ කන්න!). කිසිම වෛරස් attack එකක් මේ වන තුරු නැහැ. හැබැයි මම දැන් Avira anti-virus ස්ථාපනය කරගෙන තිබෙනවා. ඒකෙන් මේ වනතුරු කිසිම වෛරස් එකක් detect කරලා නැහැ.

    මේ හේතු නිසා මම හිතන්නේ වෛරසයක් කොම්පියුටරයකට ඇතුල්වීමේ සම්භාවිතාව හරිම අඩුයි කියලයි.

    මම දන්න එකම එක යාළුවෙකුගේ කොම්පියුටරයට trojan එකක් ඇතුල් වෙලා තිබුණාලු. එයා ඊට පස්සේ මේ කියපු Avira එකෙන් තමයි ඒක සුද්ද කරලා තියෙන්නේ. මටත් ඒක රෙකමදාරු කළේ එයා තමයි. මමත් ඉතින් ඒක දා ගත්තා free නිසා. 😀

    මදෑ ඉතින් ලිව්වා. ඔබ සැමට ජයවේවා!

    සැ.යු.:- මම අර බොස්නියාවේ හිටපු රට්කෝ ම්ලාඩිච් නම් නොවේ 😆 . මම ඒ නමට හැබැයි කැමතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *